IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රූමස්සල රක්ෂිතය මැදින් පාරක් කපන්න දෙන්නේ නෑ

 

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
 
“අපි රූමස්සල ජෛව විවිධත්වයට හානි වන අයුරින් රක්ෂිතය මැදින් පාරක් කැපීමට ඉඩ දෙන්නේ නැහැ” යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08) පැවසීය.
 
ගාල්ල රූමස්සල සොබාකෙත පරිසර මධ්‍යස්ථානයේ පැවති පරිසරය සුරැකීමේ වැඩ සටහනකට එක්වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
 
ඇමතිවරයා වැඩිදුරටත් පැවසූවේ මෙම ස්ථානය මැදින් පාරක් කැපීමේ අවශ්‍යතාවයක් ඇතිවී තිබේනම් අනිවාර්යෙන්ම  එම කටයුත්ත පවතින පරිසර නීතිරීතිවලට එකඟව සහ එම නීතිරීතිවලට අනුකූලව සිදුකිරීමට අදාල අංශ වලට උපදෙස් ලබාදෙන බවයි.
 
දැනට කැලෑ කැපීම හිතුවක්කාරයේ සිදුනොවන බවත් රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමට ගෙන ඇති තීරණය මත සමහර අවස්ථාවලදී පෞද්ගලික ඉඩම්වල ඇති වෘක්ෂලතා ආදිය පවා ඉවත් කිරීමට සිදුවන බවත් එම ගස් වෙනුවට ඉවත් කරන ගස් ප්‍රමාණයට වඩා වැඩි ගස් ප්‍රමාණයක් නැවත සිටුවීමට අවශ්‍ය කටයුතු කිරීමට පරිසර අමාත්‍යාංශය වශයෙන් පියවර මේ වන විටත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
 
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය මගින් මේ සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාර සියල්ලම අසත්‍ය බව පෙනී ගොස් ඇති බවත්, නීතිවිරෝධි කැලෑ එළිපෙහෙළි කිරීම් සම්බන්ධයෙන් දැනටමත් අධිකරණයේ නඩු 100 ක් පමණ ඇති බවත් ඇමතිවරයා කීය.



අදහස් (8)

රූමස්සල රක්ෂිතය මැදින් පාරක් කපන්න දෙන්නේ නෑ

Rata Perata Monday, 08 February 2021 12:25 PM

ඔයාට ඕවා තේරෙන්නේ නැහැ. අර නන්දසේනට කියන්න. එයා ලස්සනට කියයි කැලේ මැදින් පාර කපන හැටි.

:       4       29

Nuwan Monday, 08 February 2021 01:44 PM

අර රාජ මණ්ඩපය හබස්... ඒ වගේම උද්‍යානය හබස්.. කෝ කවුරුවත් ඇල්ලුවද? අර බුවනෙකබාහු රජතුමාගේ චරිතය ඝාතනය කළා වගේ...

:       4       21

Akila Monday, 08 February 2021 02:50 PM

කැලේ හානි වෙන්නේ නැතිව කැලේ කපන හැටි හොයාගත්ත අපේ ආණ්ඩුවට ඉදිරියේදී නොබෙල් ත්‍යාගයටත් නිර්දේශ වෙයි..

:       0       0

ranjith bogoda Tuesday, 09 February 2021 02:13 AM

තියෙන ස්වභාවික කැලෑ ටික කපලා ගස් හිටෙව්වාම පරිසර පද්ධති දවස් දෙකෙන් තුනෙන් හැදෙන්නේ නැහැ කියලා නොතේරෙන හැටි..!!! 

:       0       2

විජිත්Tuesday, 09 February 2021 12:30 PM

බස් කොන්දොස්තරයෙක්ව ඇමති කෙනෙක් කරගත්තාම රටේ මිනිස්සු අත්විඳින ශෝකාන්තය ඕක තමයි.

:       0       1

Laniga Tuesday, 09 February 2021 02:41 AM

කෙසේවෙතත් සමාජ මාධ්‍ය මගින් මේ සම්බන්ධයෙන් ගෙනයන ප්‍රචාර සියල්ලම අසත්‍ය බව පෙනී ගොස් ඇති බවත්, නීතිවිරෝධී කැලෑ එළිපෙහෙළි කිරීම් සම්බන්ධයෙන් දැනටමත් අධිකරණයේ නඩු 100ක් පමණ ඇති බවත් ඇමතිවරයා කීය.

:       0       1

Ruwan R Tuesday, 09 February 2021 04:24 AM

හරි.., ඒ කියන්නේ කපනවාම තමයි.

:       0       1

මුණසිංහ Tuesday, 09 February 2021 05:40 AM

රූමස්සලට ගිය අය දන්නවා මේකේ අළුතින් පාරවල් කපන්න ඕනෑ නැහැ කියලා. ඕනෑතරම් පාරවල් මේක ඇතුලේ තියෙනවා. ගෙවලුත් එහෙමයි. තියෙන පාරවල් තවත් හොඳට කාපට් කරන එක විතරයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. නිකං රැල්ලට කතාකරන අය ගිහිල්ලා බලලාම අදහස් දක්වන්න. එතනට වෙන්න ඕනෑදේ සියල්ල දැන් වෙලා ඉවරයි. අවු 25-30 පරණ ගෙවල් ඕකේ තියෙනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site