
(කේ බුද්ධික කුමාරසිරි )
නවගමුව දේවාලය අසළ නිවසක රූපවාහිනී රඳවනයක එල්ලී සෙල්ලම් කරමින් සිටි කුඩා දියණියකගේ හිස මතට එම රූපවාහිනිය ඇඳ වැටීමෙන් වූ අනතුරින් ඇය මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
දියණියට ඇයගේ මව බත් කවමින් සිට ඇති අතර, අත් සේදීම සඳහා ඇය නිවසේ මුළුතැන්ගෙයට ගිය අතරතුරදී දියණිය නිවසේ සාලයේ තබා තිබූ පැරණි රූපවාහිනීයක රඳවනයෙහි එල්ලී සෙල්ලම් කර ඇත. එම අවස්ථාවේදී එක්වරම රූපවාහිනී යන්ත්‍රය පෙරලෙන ශබ්දය ඇසී මව පැමිණ බලනවිට බරපතල තුවාල සහිතව ඇය ඊට යට වී සිටිනු දැක රෝහල් ගත කිරීමට කටයුතු කර තිබිණි. එසේ යන අතරතුරදී ඇය මිය ගොස් ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ රාජපක්ෂ ලියනගේ ලිනුකි වාර්ෂිකා රාජපක්ෂ නමැති වයස අවුරුදු පහමාරක පෙර පාසල් දැරියකි.
අනතුර සිදු වූ ස්ථානයට පැමිණි කඩුවෙල හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ඩබ්.ඒ.කේ. නිමල් මහතා විසින් මූලික පරීක්ෂණ කටයුතු කරන ලද අතර නවගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
4
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රූපවාහිනියක් හිසට පෙරළීමෙන් කුඩා දැරියක් මිය යයි
සමිත සේනක අලුත්ගමගේ. Monday, 27 July 2020 10:38 AM
මුහුණු පොතේ මාර්ගයෙන් මෙසේ වංචාවල නියැලෙන්නන් නීතිය දැලට හසුකරගැනීමට වහවහා කටයුතු සූදානම් කළ යුතුව පවතී. එය ප්‍රමාද වුවහොත්, මේ උවදුරත්, කුඩු උවදුරට වඩා බලවත් වේවි..!