IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


රුපියල් 10,620 ක් බලෙන් ලබාගත්තැයි කියන පොලිස් නිලධාරියෙකුට ඇප

(නිමන්ති රණසිංහ)

අයිස් මත්ද්‍රව්‍ය විකුණන ස්ථානයකදී පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් රුපියල් 10620ක මුදලක් බලෙන් ලබා ගත්තැයි කියන කෙසෙල්වත්ත පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) නියෝග කළාය. 

මත්ද්‍රව්‍ය විකුණන ස්ථානයකදී යම් සිද්ධියක් සිදුවුණී නම් මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයා මෙන්ම ඒවා ලබාගැනීමට පැමිණී පුද්ගලයා මෙන්ම අතරමැදියා යන තිදෙනාම අත්අඩංගුවට ගත යුතු තිබුණත් කෙසෙල්වත්ත පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමේ පදනම කුමක්ද යන්න ප්‍රශ්න කරමින් මහෙස්ත්‍රාත්වරිය සැකකරුට එලෙස ඇප නියම කළාය.

එසේම, ලබාදුන් මුදලට අඩුවෙන් මත්ද්‍රව්‍ය ලබා දීම හේතුවෙන් මෙම පැමිණිල්ල පැමිණිලිකරු විසින් සිදුකර ඇති බවක් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවෙන් ගම්‍ය වන අතර, මෙම සිද්ධියේ මත්ද්‍රව්‍ය විකුණූ පුද්ගලයා සහ මිලදී ගැනීමට ගිය පුද්ගලයා අත්අඩංගුවට නොගැනීම තුළ පොලිසිය වරදක් නොදකින්නේ මන්දැයි යන්න මහේස්ත්‍රාත්වරිය කෙසෙල්වත්ත පොලිසියෙන් ප්‍රශ්න කර සිටියාය.

මෙවැනි සිද්ධි විමර්ශනය සඳහා උපදෙස් ලබාදුන් ඉහළ නිලධාරින් කවුරුන්ද? මෙම සැකකරු බලෙන් ලබා ගත්තේ මොනවාද? දැන් පොලිසිය මත්ද්‍රව්‍ය විකුණන ඒවා සම්බන්ධයෙන්  අධිකරණයට නඩු ඉදිරිපත් කරනවාද? යනුවෙන් කෙසෙල්වත්ත පොලිසියෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළ අධිකරණය සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවේය.

මෙම සැකකරු ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 168, 373 යන වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කෙසෙල්වත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණේ නො. 14/01, මුහන්දිරම් පටුමග, කොළඹ 12 ලිපිනයෙහි පදිංචි අබ්දුල්ලා මොහොමඞ් ඉල්ලියාස් නැමැත්තා විසින් ඉකුත් 18 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණේ කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඩී. පී. සේනාරත්න මහතා විසිනි.

මෙහිදී පොලීසිය දිගින් දිගටම සිය බී වාර්තාවෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු විවෘත අධිකරණයට සඳහන් කළද මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප ලබා දෙනු ලැබුවාය.

මේ අනුව ඇප මත මුදා හරිනු ලැබුවේ කෙසෙල්වත්ත පොලිසියේ සේවය කරමින් සිටි (සේවය අතරහැර යාමේ නිවාඩු) හිටපු පොලිස් කොස්තාපල් 86858 දික්වැල්ලේ පදිංචි පියුම් චාමර රන්දෙණීය නැමැත්තාය.

 

 

 



අදහස් (0)

රුපියල් 10,620 ක් බලෙන් ලබාගත්තැයි කියන පොලිස් නිලධාරියෙකුට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 203 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1067 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site