
(ඩී.ජී.සුගතපාල)
වාහනයක් මිලදි ගැනිමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑවයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වඳුරඹ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයෙ ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පවසයි.
මෙම ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා මෙයට පෙර මහරගම සේවය කරමින් සිටියදි වාහනයක් මිලදි ගැනිමට අවශ්‍යව සිටි පුද්ගලයකු මීගොඩ ප්‍රදේශයේ වාහන බ්‍රෝකර්වරයකු මාර්ගයෙන් කලුතර ප්‍රදේශයට ඉකුත් 11 වැනි දා ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව කලුතරට පැමිණි පසු ගාල්ලට මෝටර් රථයකින් රැගෙන යන අතරමගදී ත්‍රි රෝද රථයකින් පැමිණි සැකකාර පොලිස් නිලධාරියා මෝටර් රථය නවතා එයට ගොඩවි හොර සල්ලි තිබෙන බව පවසා රුපියල් ලක්ෂ දහය ඔහුගේ බාරයට ගෙන දවස් පහකින් උත්තරයක් දෙන බව බව පවසා අතර මගට ගෙනැවිත් දමා පලාගොස් ඇත.
පසුව එම පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව ගාල්ල පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා පරික්ෂණ පවත්වා ප්‍රකාශ සටහන් කරගැනිමෙන් පසු සැකකාර ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
ඔක්කොටම ඉස්සර පොලිසිය සුද්ද කරන්න වෙයි වගේ ?
අප සියලුම මාද්‍ය ආයතනවලින් "නැවත නැවත" කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙවැනි අයගේ වතහොත ලිපිනයන්ද, පැහැදිලි ඡායාරූපද සමගින් සෑම මාධ්‍යකම පලකරන මෙන්ය.
ඕවත් වැඩද.? දැන් අපේ සරත් මහත්තයා මොකද කියන්නේ.?
කොහොමද රටේ අපරාධ අඩුකරන්නේ මෙහෙම පොලිස් ලොක්කෝ ඉන්නකොට.?
මෙම ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා මෙයට පෙර මහරගම සේවය කරමින් සිටියාය කියන නිසා මෙලහටත් නම රටම දැනගෙන ඇති