( සුජිත් හේවාජුලිගේ )
රුපියල් පන්දහසේ දීමනාව මෙතෙක් ලබා නොගත් අඩු ආදායම්ලාභීන්ට එම දීමනාව පිරිනැමීම හෙට (19 ) සිට යළි අරඹන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා කියයි.
අඩු ආදායම්ලාභීන් සඳහා සියලුම මුදල් ඉදිරි දින දෙක තුන ඇතුළතදී ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
මේ සඳහා ප්‍රමාණවත් මුදල් සමෘද්ධි බැංකුවවලට දැනටමත් යවා ඇති බවත් එම මුදල නොලැබුණු ආයතන වේනම් තහවුරුකරන ලද ලිපි ලේඛන ඉදිරිපත් කර එම මුදල් රැගෙන යන්නැයිද ඉල්ලීමක් කරන බවත් තිලකසිරි මහතා කීවේය.
මෙම රුපියල් පන්දහසේ දීමනාව ලබාදෙනුයේ සමෘද්ධි බැංකු 1073 ක් මාර්ගයෙනි.
COMMENTS