(නිමන්ති රණසිංහ)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී බැංකු කිහිපයකින් රුපියල් කෝටි 1250 කට අධික මුදලක් බැහැර කර අරලියගහ මන්දිරයේ නිලධාරීන් සහ තවත් කිහිපදෙනෙකු භාරයට පත් කිරීමේ සිද්ධිය අපරාධමය වරදක් නොවන බවට නීතිපතිවරයා දුන් උපදෙස් මත කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (23) එම නඩුව අවසන් කළේය.
මෙම සිද්ධියට අදාළව නීතිපති යොමු අංක සී ආර්/2/89/2016 යටතේ ඉකුත් 2016 මැයි මස 16 වැනිදා නීතිපතිවරයා වෙත යවන ලද උපදෙස් ප‍්‍රකාරව ඉකුත් 15 වැනිදා මෙම උපදෙස් ලද බවට පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය අද (23) අධිකරණය වෙත කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා එලෙස නඩුව අවසන් කළේය.
එසේම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි අයවලුන් හය දෙනෙකුගේ විදෙස් ගමන් තහනමද අධිකරණය අද (23) ඉවත් කර ඒ බව ආගමන විගමන පාලකවරයා වෙතද දන්වා යැවීමට කටයුතු කළේය.
ඒ අනුව මෙලෙස විදෙස් ගමන් තහනම ඉවත් කෙරුණේ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානි ගාමිණි සේදර සෙනරත්, සුදත් රෝහණ ලොකුමුදලි, එන්.එම්.එම්.බී. අබේසිංහ, එම්. කේ. ධනුෂ්ක ලක්ෂාන්, කොළඹ හේවගේ තුෂාර සහ වී. කේ. විජේසිංහ යන අයවලුන්ගේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම බැංකු හොරු.. එ්ත් නිදහස්... අනේ මන්දා මේ රටේ නීති...
එපමණ මුදලක් ලැබුනේ කොහොමද? ඩේසී ආච්චිගේ මැණික් මල්ල වගේ කතාවක්‌ද මේකත්?
වැල යන පැත්තට මැස්ස ගහමු. යන යන හැටියට ගහ උලුවස්සා කිව්වලු..
මෑත කාලීනව, එනම් ජනාධිපතිවරණයට පෙර පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවූ සියලු වැරදි යටගසා, ජනතාවට කොකා පෙන්වා, සියලුම අපරාධකරුවන්, මහජන මුදල් අවභාවිතා කළවුන්, මිනීමරුවන් ආදිය නිදහස් කිරීමේ කටයුත්ත ආරම්භ කර ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු. ඉදිරියේදී නිදොස් කොට නිදහස් කිරීම් තවතවත් දැකිය හැකිවනු ඇත...
ඔය තියෙන්නේ... කාටද කියන්නේ? රුපියල් කෝටි 1250ක් මහජන මුදල්ද? පුද්ගලික මුදල්ද? තම තමන්ගේ පුද්ගලික මුදල් තමන් කැමති තැනක තියා ගැනීම තම අයිතිවාසිකමක්. නමුත් මේවා මහජන මුදල් නම්? කෙසේ නමුත් මෙම මුදල ඉපයූ ආකාරය... අයිතිකරු කවුද? වැදගත්ම ප්‍රශ්නය නම්, මෙවැනි මුදලක් සාමාන්‍ය පුරවැසියකුගේ ළඟ තබාගත්තොත් නීත්‍යානුකූලව ගතහැකි ක්‍රියා මාර්ග මොනවාද? නීතිපතිගෙන්ම අහමුද? නැතිනම් ආදායම් බදු එකෙන්? එසේ නැතිනම් උඩ ඉන්න දෙවියන්ගෙන් අහමුද..?
අපේ රටේ අධිකරණය ඔක්කෝටම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ...
රුපියල් 12,500,000,000.00 .. මෙතරම් මුදලක් ලැබුනේ කෙසේද? මේ රජයේ මුදල්ද? බලන්නේ නැද්ද...? අපි රුපියල් ලක්ෂ 2 ක් බැංකුවේ දාන කොට ප්‍රශ්න 100ක් අහනවා. මෙහෙම රටක්..
බැංකුවල ඉඳලා ලොරිවලින් ඇද්දා, විශේෂ ගුවන් යානයකින් සීෂෙල්ස්වලට ගෙන ගියා කියලා ඒ කාලේ කතා වුනේ මේ වගේ දේවල් ගැනද? එකින් එක ගැට සේරම ලිහෙනවා වගේ නේද පෙනෙන්නේ?
එතකොට මේ ගොල්ලෝ තියාගෙන ඉඳලා තියෙන්නේ ජනාධිපතිගේ හරි, අගමැතිගේ හරි පෞද්ගලික ආදයමක මුදලක්ද මහජන මුදල්ද? එතකොට නීතිපති කියන්නේ හොර වැඩවලට අනුබල දෙන කෙනෙක්ද? හිස්බුල්ලා කිසිම වාර්තාවක් නැති මුදල් කන්දරාවක් රටට ගෙනැල්ලා එයාට ඕනෑ විදියට වැඩකරලා ලොකුකම කියන්නත් ආවා මදිවට ජනපතිකමටත් ඉල්ලන්න තරම් හයියක් පෙන්වනවා.. මුදල් විශුද්ධිකරණ පනත, අරක, මේක ඔක්කොම නීති තියෙන්නේ හැමදාම දුක් විඳින මහජනතාවට ද? පාලකයන් කියාගන්න අපරාධකාරයින්ට මේ රටේ නීති වලංගු නැද්ද එතකොට?
පත්වෙන ඕන ජනපති කෙනෙක් රාජපක්ෂලාට බය කට්ටිය එළවලා දාන්න ඕන.
මේ රට අද තියෙන කණගාටුදායක වහල් තත්වයට පත්කළේ දේශපාලන හොරුන්ට වඩා නඩුකාරයෝ සහ නීතිපතිලයි. මේ රටේ දැන් වැඩකට නැති අධිකරණයක් තියෙන්නේ. අර හිටපු අධිකරණ ඇමතියෙක් කිව්වේ එයා කරපු දේවල්.
රත්තරන් අශ්වයෝ හොයන කට්ටිය වැඩ.
වැල යන අතට මැස්ස ගහනවා කියලනේ මේකෙන් පෙනෙන්නේ. තව දෙයක් පැහැදිලි වෙනවා. තීන්දුව අනික් පැත්තට දුන්නොත් සුදු වෑන් එකක් 17 වෙනිදට ගෙදරට එ්වි කියලා හිතන්න ඇති. පසුගිය කාලේ මේ වගේ තීන්දු දැක්කා.