(යොහාන් භාසුර)

පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලය මත නැඟී විරෝධතාවක නිරතව සිටින  දිර්ඝකාලීන සිරදඬුවම් විඳින රැදවියන් දස දෙනකු පමණ සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් වහල මත රැඳී සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන  හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 

බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් ඔවුන් සමග සාකච්ඡා කළ බවත් කරුණු පැහැදිලි කරදිම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් දිගටම  විරෝධතාවයේ නිරත වන බවත් ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.