(ඉන්දිකා රාමනායක)
බන්ධනාගාර තුළ රැඳවියන් සතුව තිබූ ජංගම දුරකතන 800 කට අධික ප්‍රමාණයක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
බන්ධානාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර තුළ වරින් වර සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී මෙම දුරකතන අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර උසස් නිලධාරියකු පැවසීය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ,වැලිකඩ බන්ධනාගාරය සහ කලුතර බන්ධනාගාරය වලින් මෙම ජංගම දුරකතන සොයාගෙන ඇති අතර වැඩිම දුරකතන ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ මැගසින් බන්ධනාගාරයෙන් බවද එම නිලධාරියා කීය.
රැඳවියන් බන්ධනාගාර ගතව සිට ජංගම දුරකතන ආධාරයෙන් මත්කුඩු ඇතුලු නොයෙක් ජාවාරම් සිදුකරන බවත් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වරින් වර මෙහෙයුම් සිදුකර මෙම දුරකතන අත්අඩංගුවට ගත් බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ ආකාරයෙන් ජංගම දුරකතන බන්ධනාගාර තුළට රැගෙන යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර නිලධාරීන් හරි හපන්කමක් කරලා වගේ.
බලධාරීන්ට බන්ධනාගාරවල රැඳවියන් දුරකථන හරහා කරන ජාවරම් නැවැත්වීමට සැබෑ වුවමනාවක් තිබේනම් ඉතා සරල විසඳුමක් ඇත. සියලුම ආකාරයේ ජංගම දුරකතන සිග්නල්වලට බාධා සිදුකරන උපකරණ කිහිපයක් බන්ධනාගාර වල සවි කරන්න එසේ සවිකර ක්‍රියාත්මක කිරීමෙන් ජංගම දුරකථන බන්ධනාගාර තුළට හොරෙන් ගෙනිච්චත් කිසිම වැඩක් නොවේ.. මන්ද යත් සිග්නල් නොමැති බැවිනි. එසේම එයට අයත් අනෙකුත් උපාංගද සමග මිලදී ගතහොත් එවැනි දුරකතන ඇති ස්ථානයද පහසුවෙන් සොයාගත හැකිය. එසේම සැටලයිට් දුරකතන පවා නැවැත්විය හැකි උපාංග පහසුවෙන් සවිකර ගත හැකිය.
මේ වැඩේ හරියට කරනව නං රටේ සංවිධානාත්මක අපාරධ හා කුඩු ජාවාරම් සැලකිය යුතු විදියට පාලනය කරන්න පුලුවන්