IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


’රානි’ බලන්න මහ සෙනගක්

'කොවිඩ් 19' වයිරස වසංගතයෙන් දරුණු ලෙස බැටකන බංග්ලාදේශයෙන් සෙන්ටි මීටර් 51 ක් උස කුරු එළදෙනක ගැන වාර්තා වෙයි. බංග්ලාදේශ වැසියෝ කොරෝනා ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සෞඛ්‍ය නීති උල්ලංගනය කරමින්, 'රානී' නැමැති මෙම පුංචි එළදෙන නැරඹීමට පොරකන බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

රානීගේ බර කිලෝ ග්‍රෑම් 28 කි. රානී මාස 23 ක් වයස බුරුම එළදෙනක යැයි පැවැසෙයි. රානී ජීවත් වන්නේ ඩකා අගනුවරට නුදුරින් චාරිග්‍රාම් ප්‍රදේශයේ ගොවිපොලකය. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් මේ වනවිට බංග්ලාදේශය මුළුමනින්ම ලොක්ඩවුන් කර තිබේ.

එසේ වුවත් ඊයේ (8) දිනයේ පමණක් රානී බැලීමට ඇය ජීවත් වන ගොවිපොලට 15,000 කට වැඩි පිරිසක් පැමිණි බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. රානීගේ හිමිකරු හසාන් හවුල්දාර් පවසා ඇත්තේ ගිනස් ලෝක වාර්තා අතරට රානී එක් කිරීමට තමන්ගේ කැමැත්තක් ඇති බවය. ඒ ලෝකයේ පුංචිම එළදෙන ලෙසිනි.

ඩකාහිදීය (රොයිටර්/ඩේලිමේල්)



අදහස් (1)

’රානි’ බලන්න මහ සෙනගක්

Vipula Friday, 09 July 2021 04:04 PM

ඕක මොකක්ද අනේ.., පහුගිය දවසේ කෙනෙක් පාර්ලිමේන්තුත් ගියානේ.. ඒකට සමහරු කිරිබත් කෑවේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1112 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site