(දසුන් රාජපක්ෂ)
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (4) දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත්තේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ වත්මන් ජාතික රූපවාහිනි සේවයේ සභාපති නිහාල් ජයතිලක මහතා කර ඇති පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.
එම පැමිණිල්ල මගින් යහපාලන ආණ්ඩුව සමයේ පත් කළ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අතර රනිල් වික්‍රමසිංහ මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබුණි.
පාස්කු ඉරුදින සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ විශේෂ පොලිස් ඒකකය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 31 වැනිදා පැමිණ තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හරි උප්පරවැට්ටියක් දාලා හරි බේරෙනවා.
මෙයා වගේම ගමරාළලාත් ගෙන්විය යුතුයි.. මොකද හිටන් තමයි ඒ වෙලාවේ ආරක්ෂක සේනාධිනායක... ආණ්ඩුවට හේත්තුවෙලා හුරතල් කරනවා.