(අංජුල මහික වීරරත්න)
ලොවම පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියේ නම් සියලු රටවල් සමඟ තිබෙන සම්බන්ධතා ප්‍රයෝජනයට ගෙන අඩුම තරමින් මේ වන විට මෙරට ජනගහනයෙන් අඩකටවත් කොරෝනා එන්නත දීමට පියවර ගනු ඇතැයි‘‘ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ අවශ්‍ය මුළු ජනගහනයටම කොරෝනා එන්නත දීමට වැය වන්නේ ඇමරිකා ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවද පෙන්වාදුන් වජිර අබෙිවර්ධන මහතා ලොව පුරාම රටවල් සමග සමීප සබඳතා ගොඩ නඟා ගෙන සිටින පරිණත රාජතාන්ත්‍රිකයකු වූ රනිල් වික්‍රමසිංහ මහතාට ඒ මුදල සොයා ගන්න කිසිදු අපහසුතාවයක් නැතැයිද කීවේය.
‘‘මීට අමතරව ශ්‍රී ලංකා දැනට සිරවී සිටින රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත් ණය පැරිස් ක්ලබ් සංවිධානය හරහා කපා ගැනීමේ හැකියාව ද රනිල් වික්‍රමසිංහ මහතා සතුව ඇතැයි‘‘ ද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
පෞද්ගලික මට්ටමෙන් රජය ගෙන තිබෙන ණය ලන්ඩන් ක්ලබ් සංවිධානය හරහා සහන පිළිවෙතකට පරිවර්තනය කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඒ අංශයේද සමීප සබඳතා ඇතැයිද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනම් සම්පූර්ණ ඇත්ත.. එන්නත් ලක්ෂ 10ත් ගෙනාවා නම් හොඳටම ඇති.
රටෙන් භාගයකට එන්නත දෙන්න.. රටෙන් භාගයකගේ කැමැත්ත අරන් ඉන්න එපැයි.
අර වොක්ස් වැගන් ෆැක්ටරිය ගෙනාවා වගේද?
අපරාදේ නේද? එයා හිටියා නම් ඔයාද සෞඛ්‍ය ඇමති...?
රටෙන් භාගයකට එන්නත දෙන්න රටෙන් භාගයකගේ කැමැත්ත අරන් ඉන්න එපැයි..
මේ වගේ කතාවලින් පේන්නේ දේශපාලන සංස්කෘතිය පිරිහී ඇති බවයි. කෙනෙක් ගැන මැන බලන්න පුළුවන් අතීතයේ කරපු හොඳ සහ නරක බලලා. රනිල් මහත්තයාගේ ඔය දෙකම ගැන අහන්න ලැබී තිබෙනවා. ඒ නිසා එතුමාගේ ඇති විශේෂ හොඳක් මට නම් පේන්නේ නෑ. වර්තමාන පාලකයින්ගේ ඇති විශේෂ හොඳකුත් මට පේන්නේ නෑ. මේ එක පිරිසක් හරි, දෙපිරිසම හරි රට ගොඩ ගනී කියලා හිතන්න තරම් සාධක අතීතය දිහා බලපුවාම පේන්නේ නෑ. මේ අය විහින්ම විශ්වාසය බිඳගෙන තියෙන්නේ...
අපි සම්පූර්ණයෙන් එකඟයි.
රනිල් හිටියානම් රටෙන් බාගයක් මැරිලා
ඉතුරු භාගේ මැරිලා
එහනම් රටෙන් අඩක් මැරිලා ඉතුරු හරියට තමයි එන්නත දෙන්න වෙන්නේ.
ඒ ඉතින් රනිල් බලයේ හිටියානම් නේ මහත්තයෝ....
රනිල් බලයේ සිටියා නම් ජනගහනයෙන් අඩක්වත් මේ වන විට වළ පල්ලට...
ඒක ඇත්ත.මේ වෙනකොට ඉන්නෙ මුලු ජනගහනයෙන් 50% යි. ඒකෙන් බාගෙකට විදගන්න යුරෝපයට ........ක හරි දෙනවා
මේ ප්‍රකාශය "රනිල් බලයේ සිටියා නම් ජනගහනයෙන් අඩකටවත් මේ වන විට කොරෝනා" ලෙස නිවැරදි විය යුතුයි.
රනිල් බලයේ සිටියා නම් ජනගහනයෙන් අඩකටවත් මේ වන විට එන්නත් ලබාගැනීමට හැකියාව තිබුණි.
බොර දියේ මාළු බාන, කයිය පමනක් ඇති මිනිස්සු.
ඔව් ඉතිරි භාගය මැරිලා.
ඔය ඔක්කොම පුළුවන් නම් බලයට එන්න දඟලන නායකයෙක් නම් රටේ මිනිස්සු මැරෙද්දි උඩබලාගෙන හිටියේ මොකද.?
වජිර මහත්තයො .මේ තීරණාත්මක වකවානුවේ කණ්ඩායම්වාදී බයිල නොකිය කවුරුත් එකතුවෙලා මිනිස්සුන්ගෙ ජීවිත බේරාගන්න කටයුතු කලොත් නරකද ?
අයියෝ, පුන්නක්කු කනවනේ.. රනිල් කවද්ද මහජනයා වෙනුවෙන් එක වැඩක්වත් කළේ..? එහෙම කළා නම් දොළොස් වතාවක් ඡන්දෙ පරදින්නේ නැහැ නේද?
ඇත්ත "රනිල් බලයේ සිටියා නම් ජනගහනයෙන් අඩකටවත් මේ වනවිට කොරෝනා"
රනිල් වික්‍රමසිංහ විශ්වාස කරන්න පුළුවන් මහත්මයෙක් කියලා ලෝක නායකයින් හැමෝම දන්නවා.
ඔහුට බලය තියෙනවා නම්... ජනගහනයෙන් අඩක්ම ඉවරයි.
පොල්ගස් මුල් උඩට තියෙන්න කරටිය බිමට හිටින්න හැදුණා නම් බිම ඉඳන් පොල් කඩන්න තිබුණා තමයි. නමුත් මළාට ගස් එහෙම හැදෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි අර කළින් ප්ලෑන් කරපු විදිහට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලට ගාණක් දීලා ජනාධිපති වෙන්න තිබුණා නම් සමහරවිට රජවෙන්න තිබුණා.
ඔව් ඔව්, මුළු ලෝකෙටම කෙසේවෙතත් බටහිර ගොයියන්නේ දැන් නම් හොඳටම තේරෙනවා "රනිල්" හිටියා නම් සිරිලකට වෙන දියුණුව සහ රනිල්ගේ ඇම්බැට්ටයෝත් හිතන විදියනේ... ඔය විදියටම පුතාණෝගේ ඇම්බැට්ටයින් මෙන්ම "ගෝඨාගේ "ඇම්බැට්ටයෝත් " හිතන්නේ අපේ එකා තමයි හොඳම එකා ලෙස... එනමුත් අප නම් කවුරු හිටියත් බලාපොරොත්තු වන්නේ කිසිදෙයක් නොමිලේ ලබා ගැනීමට නොව එකම බලාපොරොත්තුව රටේ ආරක්ෂාව, රටේ දියුණුව, පුරවැසියන්ගේ දියුණුව පමණයි. එබැවින් "රනිල්ද, ගෝඨාද, පුතාණෝද" අපට අදාලම නැත. මක්නිසාදයත් අප ඔය කාගේවත් ඇම්බැට්ටයින් නොවන අතර අප "උපන් මව්බිමට සතයක්වත් ණය නැති" මිනිසුන් බැවිනි.
රනිල් හිටියා නම් මේ වෙනකොට රටෙන් භාගයක් කනත්තේ අළුවෙලා නැත්නම් පස් වෙලා...
අපොයි මොනවට කියවනවද? මිනී කඳු තමයි අපිට බලන්න තිබ්බේ. පතකරපු අයට නම් මඩු වලිගයෙන් තලන්න ඕනෑ.
රනිල් සිටින කිසිම දේශපාලන පක්ෂයකට ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් 97%ක් ඡන්දය නොදෙන බව පසුගිය මැතිවරණයෙන් ඔප්පු වුණා.
ඔව් ඔව්, පාස්කු බෝම්බප්‍රහාර වළක්වපු මේ ගොයියාට කොරෝනාව කජ්ජක්ද නේද අම්මපා?
අපොයි වජිර අබේවර්ධන මහත්තයා කට ඇරියොත් කියන්නේ කරන්න පුලුවන් දේවල් විතරමයි කියලා රටේ සියලුම ජනතාව දන්නවා. මම ඒ මහත්තයා මීට පෙර කිව්ව එකක් පිළිගන්නවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ නායකයා වෙලා හිටියා නම් කොරෝනා දෙවනි රැල්ලක් ලංකාවට එන්නේ නැහැ කියලා. රනිල් වික්‍රමසිංහ රජයේ සුවපතිතුමා සුව ඇමති විදියට ඉදලා, පිරිමි නර්ස් සුව සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙලා, ත්‍රිවිධ හමුදාව නිරෝධායන කටයුතුවලට ලං කරන්නේවත් නැතිව ජාත්‍යන්තර සබඳතා වලින් විතරක් සියල්ල මර්දනය කරනවා කියලා අපි නොදන්නවයෑ. කොහෙම වුනත් එතුමා ආණ්ඩුව කෙරුවා නම් කොරෝනා පළවෙනි රැල්ලෙන්ම ලංකාවේ 98%ක්ම මැරෙනවා. එතකොට ඉතුරුවෙන්නේ ස්වභාවික ප්‍රතිශක්තිය තියෙන 2%ක් විතරයි. එතකොට ලංකාවට එන්තත් ඕනෑම නැහැ.
එන්නත කෙසේ වෙතත් ජනගහනයෙන් අඩක් නම් මියගිහින්...
මේ වෙනකොට රටෙන් භාගයක් වලේ එහෙනම්...
රනිල් හිටියා නම් රටෙන් භාගයකට එන්නත නෙමෙයි, භාගයකට කොරෝනා...මෙහෙමත් විහිළු කතා.
අඩකට කෙසේවෙතත්, මෙලහකට රටේ අඩක් මැරිලා...
මෙයාට තියෙන්නේ රනිල්ගේ සන්නිය.. කොරෝනා නෙවෙයි දැන් එජාපයකුත් නැහැ. සජිත් ගැන කතාකරන්න. සජිත් පාර්ලිමේන්තුවේදී කොරෝනා ගැන කියපුවා අද වෙනකොට ඔක්කොම ඇත්ත වෙලා ඉවරයි.
ඔව්නේ... අපරාදේ...!!!
උන්නා නම්...? ඇයි භාගයක්..!!! සම්පූර්ණයෙන්ම කියන්නනේ තිබුනේ...
එන්නත කොහොම වෙතත්... ජනගහනයෙන් අඩකට කොරෝනා නම් හැදිලා තියෙයි රනිල් බලයේ හිටියා නම්..
රනිල් නොවෙයි.. රනිල්ගේ බාප්පා ආවත් කරන්නේ දැන් ආණ්ඩුව කරනදේම තමයි. කොරෝනා එන්නතින් ඩොලර් 5ක් ගසාකනවා.. ඔක්කොම කම්බ හොරු තමයි.
දැන් රනිල් මහත්තයා කීවනේ අපි එකතු වෙලා වැඩ කරමුයි කියලා... දැන් පුළුවන්නේ එහෙම කරන්න.
දැන් කියයි ඉන්නකොට මුකුත් නෑ... කවුරු ආවත් එකයි ... ඒකවත් මිනිස්සුන්ට තේරෙන්න කියලා...
සම්පූර්ණ ඇත්ත... මම හිතන්නේ එන්නත් 20 ලක්ෂයක් තිබුණාම හොඳටම ඇති...
අපි නොදන්න පාන්...
ඔබලා ඔක්කොගේම කයිවාරුව විතරයි. ආවට පස්සේ ඔබලාගේ ඔක්කොම තියෙන්නේ හොරාකන එකයි. යටිමඩි ගහන එකයි...
රනිල් හිටියා නම් ජනගහනයෙන් අඩක් මෙලහකටත් මැරිලා.. ඒකනේ වේලාසනින්ම ගෙදර යැව්වේ..
අඩකට එන්නත කෙසේවෙතත් මිනීපෙට්ටි නම් දෙන්න වෙනවා බලේ හිටියා නම්... ඔක්කොම දේශපාලකයෝ පම්පෝරි ගහන්නේ බලේ නැතිවෙලා විපක්ෂයට ගියාම තමයි..
ඇයි බං ඉතින් එයා හිටපු කාලේ එහෙම කළේ නැත්තේ? ඒ කාලේ එහෙම සම්බන්ධතා තිබිලා නැද්ද? මෛත්‍රිට කැන්සර් එක ආවට පස්සෙද එයාට ඔහොම සම්බන්ධතා ඇතිවෙලා තියෙන්නේ..?
රටෙන් අඩකුත් ඇමෙරිකාවට...