IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


‘රනිල් එජාපය බදාගෙන සිටියාත් පක්ෂය අභාවයට යාවි’

(විනීතා එම් ගමගේ)
 
එක්සත් ජාතික පක්ෂයේ එකමුතු භාවය සඳහා යැයි කියමින් රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂය බදාගෙන සිටියොත් එයම  පක්ෂයේ අභාවය වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා අද(17) ප‍්‍රකාශ කළේය.
       
පක්ෂ නායකත්වයේ හිඳිමින් පක්ෂයට ලැබෙන්නට තිබූ ජයග‍්‍රහණ රාශියක් අහිමි කළේ යැයි පාක්ෂිකයන් චෝදනා කරනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
 
ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා කවුදැයි පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී තමන් ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙන්නට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට නොහැකි වී යැයි ද බණ්ඩාර මහතා පැවැසීය. 
       
පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීම ගැන පාක්ෂිකයන් බොහෝ බලාපොරොත්තු තබා සිටි බවත් ජනතා අපේක්ෂාවන් ඉටු කළ නොහැකි නම් පක්ෂයට ඉදිරියට යාමට නොහැකි වනු  ඇති බවත් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
       
පාක්ෂික අවශ්‍යතාවය දන්නේ බිම් මට්ටමේ සිටින මන්ත‍්‍රීවරුන් බව කී මන්ත‍්‍රීවරයා පාක්ෂික අපේක්ෂාවන්ට සාධාරණය ඉටුකරන්නට තමන් බැ`දී සිටින බව ද කියා සිටියේය.
       
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේ විපක්ෂනායක කාර්යාලයේ අද  (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

‘රනිල් එජාපය බදාගෙන සිටියාත් පක්ෂය අභාවයට යාවි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 990 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site