(ඩයනා උදයංගනී)
සංඝයා වහන්සේලාට අපහාස වන අයුරින් ප‍්‍රකාශයක් කිරීම ගැන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයෙන් සමාව ගත යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එමෙන්ම ඉදිරියේදී මෙවැනි වැරදි නොකරන බවට සංඝරත්නය වෙත පොරොන්දුවක් ලබාදෙන්නැයි ද රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
තමන් මෙම ඉල්ලීම කරනුයේ බෞද්ධයෙක් ලෙස මෙන්ම බෞද්ධ අයිතිය විසින් ඉහළින් ඔසවා තැබූ අයෙක් ලෙස බවද අමාත්‍යවරයා පැවසුවේ මොරටුවේදී අද (14) පැවති උත්සවයක් අමතමිනි.
පුද්ගලයෙකු දෙදෙනෙකු කළ කතාවලින් රජයක්, දේශපාලන පක්‍ෂයක් හෝ වෙනත් කෙනෙක් මනින්නට එපා යැයි තමන් මහා සංඝරත්නයෙන් ද ඉල්ලා සිටින බව කී ඇමැතිවරයා බෞද්ධ ශාසනය ඉදිරියට ගෙනයාමේ වගකීම රජය දරන බවද ප‍්‍රකාශ කළේය.
භික්‍ෂූන්ගේ විනය කතා කිරීම ගිහි දේශපාලකයින්ට ඒවා අදාළ හා සුදුසු දෙයක් නොවන බව ද ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
භික්‍ෂූන් වහන්සේලා රාජ්‍ය නීතියට යටත් බව කී ඇමැතිවරයා අධිකරණයට විසඳිය නොහැකි අභ්‍යන්තර ගැටලූ තිබේ නම් ඒවා විසඳීමට මහ නා හිමිවරුන්, අනුනායක හිමිවරුන්, අධිකරණ සංඝනායක හිමිවරුන් පත්කර සිටින බව ද කීවේය.
භික්‍ෂූන් වහන්සේලා, සංඝ ශාසනය සහ සමලිංගික සේවනය ආදිය ගැන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා කර තිබූ ප‍්‍රකාශ අනුමත කළ නොහැකි බව කී අමාත්‍යවරයා රට පරාභවයට ගොස් තිබෙන්නේ ඇතැමුන් කට වරද්දා ගැනීම නිසා බව ද සඳහන් කළේය.
COMMENTS
පිරිමින් නැති ආණ්ඩුවකට හැමෝම පේන්නේ ඒ විදියට තමයි .
ක්‍රිස්තියානි කාරයෙක්. හාමුදුරුවරුන්ට අපහාස කළාට ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැල්ලා පොලුවලින් ගහහන්න ඕනේ... අර අඟරදඟර චීවර ධාරියා ගැන නම් අපිට කමක් නැත.
හාමුදුරුවරුනේ නුබවහන්සේලා දේශපාලුවන්ගෙන් අපහාස ලබන තත්වයට පත් උනා නේද? මේ ආණ්ඩුව ඒ තත්වයට නුබවහන්සේලා හෑල්ලු කළා නේද?
මොහු එදා ඉදලම බුද්දාගමට සැරින් සැරේ අපහස කරා. මොහු ක්‍රිස්තියානු බක්තිකෙයෙකි. පාට පක්ෂ නොබලා මෙවැනි මිනිසුන් නැවත දියවන්නාවට නොයවන්න බෞද්ධ අය වග බලා ගන්න.
රන්ජන් කියපු කතාව හරි...
අනේ නිකන් චන්ඩියා වෙන්නේ නැතුව ඉන්න.
ඒ වගේම ඔය කියන සමහර දේවල් ඇත්ත... ඇත්ත යටපත් කරන්න හොඳ නැහැ. මේකෙන් වෙන්නේ ඔය දේවල් කරන සමහර ස්වාමීන් වහන්සේ තව ඔවැනි දේවල් කරන්න පෙළඹීමයි.
රන්ජන් කියපු කතාව හරිද කියලා හොයලා බලන්න ඕනේ ඉස්සෙල්ලා.. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ...
මෙවැනි කතා අවුරුදු කිහිපයකට කලින් වතිකනුවටත් තිබුණා. ඒක ප්‍රසිද්ධ කතාවක්... ඩොකියුමෙන්ටරි එකකුත් තිබුණා. හැබැයි ඒවා අන්තර්ජාලයේ තිබුනේ සාක්ෂිත් එක්ක. රන්ජන් රාමනායක ඇමතිතුමාට සාක්ෂි තිබෙනවා නම් නිහඬ ඩොකියුමෙන්ටරි එකක් හදලා මාධ්‍යයට හරි, අන්තර්ජලයට හරි දාන්න. අද රූපවාහිනියේ බැරි නම් අන්තර්ජලයේ හරි දාන්න පුළුවන් හින්දා යන වියදම හරි හොයාගන්න පුළුවන් වෙයි. ලංකාව, මහා බ්‍රිතන්‍යය වගේ ආගමකට ලගු කරේ යටත් විජිත සමයේ. අපේ අයගෙනුත් ආගම මොකක්ද කියලා ඇහුවම කියන්න දෙයක් නැතිහින්දා බුද්ධාගම කියලා කිව්වට, ආගමෙයි, දර්ශනයේයි වෙනසක් තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ලෝකයේ අනෙකුත් රටවල් කරන දේවල් ඒ විදියටම කරන්න ගියොත් ලංකාවට තව තවත් හොඳ කතා අහගන්න පුළුවන් වෙයි.
අනේ සර්වබලධාරී දේශපාලන වසලයෝ, පුළුවන් නම් පවුල්ගහ සමග පැටිකිරිය දොට්ට දාන්න පුලුවන්ද? දැනගැනීමේ අයිතිය යටතේ....
රන්ජන් කිවව කතාව, මෙයාටත් අදාලද කියලයි මට නම් සැක? ඔය කොයි කාටත් ඇත්ත, තිත්තයි කියල අපි නම් දන්නවා.
මේක එතරම් ගණන්ගත යුතු නැහැ.
අපේ රටේ මිනිස්සු ආගමටයි දේශපාලනයටයි වහල් වෙලා ඉන්නෙ.බුදුන්ගේ කාලයෙත් වැරදි කල හාමුදුරුවන් ඉඳල තියෙනවා. වැරැද්දක් පෙන්නුවාම හොයාබලා පිලිගැනීම උසස් ගතියක්
චීයා.............. මාත්‍ය පාඨලී චම්පික රණවක ....අනේ ඔයා හරි නරක කෙනෙක්.... චීයා......
ගම්පහෙන් පාර්ලිමේන්තුවට එවන්නේ මේවගේ අය තමයි. අපට දුක මේ හැත්තට මුන් මැරෙන කම් ජනතා මුදලින් පැන්ෂන් ගෙවන්න එපායැ.