(ඩයනා උදයංගනී)
කොකේන් භාවිතා කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සිටීද යන්න සොයාබැලීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා විසින් පත්කළ විශේෂ කමිටුව හමුවට ගොස් මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (22) විශේෂ ප‍්‍රකාශයක් ලබා දී ඇත.
එම ප‍්‍රකාශය ලබාදීමෙන් අනතුරුව තමන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේද යන්න ගැන තහවුරු කරගැනීමේ රුධිර පරීක්‍ෂාවක් කරගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලට ගිය රන්ජන් රාමනායක මහතා ඒ සඳහා රුධිර සහ මුත‍්‍රා සාම්පලයක් ද ලබාදුන්නේය.
මෙම පරීක්‍ෂණය මගින් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය 11 ක් ගත වූ මාස තුනක් තුළ භාවිතා කර ඇත්ද යන්න තහවුරු කරගත හැකි බව රන්ජන් රාමනායක මහතා කීවේය.
කොකේන් භාවිතා කරන මැති ඇමැතිවරු සිටින බවට රන්ජන් රාමනායක මහතා ඉකුත් දා ප‍්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරේදා (20) දිනයේදී මෙම කමිටුව පත් කළේය.
පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙම කමිටුවේ සභාපතිවරයා වන අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ, නීතීඥ නිශ්ශංක නානායක්කාර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
එම කමිටුව විසින් සකස් කරන වාර්තාව අනිද්දා (25) දිනයේදී අගමැතිවරයාට බාරදීමට නියමිතය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)




COMMENTS
ස්තුතියි රන්ජන්, ඔන්න ඔය විදිහට හැමෝම ගිහින් ඔය පරීක්ෂණයට මුහුණ දෙන්න.
ක්‍රියාවෙන් ආදර්ශයක් දුන්නාට ස්තුතියි. දැන් අනිකුත් අයගේ වාරයයි. අන්තිමට කුඩුකාරයෝ ඉතිරිවෙයි
මිත්‍ර රන්ජන් මහත්මයණනි. හැබැවට ඔබතුමා සෘජු අවංක චරිතයකි. මතට විරුද්දව කටයුතු කිරීම සදා අමරණීයිවේ. මේ මොහොතේ ලංකාවේ සිටිය යුතු වන්නේ ඔබතුමා වැනි චරිත වේ.
අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන මාහැඟි ඔවදන මේ ආකාරයට පාර්ලිමේන්තුවෙන්ම සනාථ වෙනවා නම් මොන තරම් වටිනවද…?
රන්ජන්, ඔබට බැරිද නාගානන්ද සමග එකතු වෙන්න? ඔබ වැනි අවංක, එඩිතර පුද්ගලයෙකු ගැලපෙන්නේ නාගානන්ද වැනි කෙලින් මිනිහෙකුටයි...
ඉතුරු වෙන අය කුඩ්ඩෝ සහ කොකේන්කාරයින් කියලා තීරණය කරන්න මේ වගේ දෙයකින් පහසු වේවි.. !!!
මා සිතන්නේ අනිකුත් මන්ත්‍රීවරුන් මේ පරීක්ෂණයට ඉදිරි සති දෙකට කලින් නොගියොත්, ඔවුන් මත්කුඩු භාවිතා කරන බවට මහජනයා තුළ සාධාරණ සැකයක් තිබෙන බවයි...
ඔබ කළා සේම අනික් අයද මේ ලෙස කටයුතු කරාවිද?
එල නළුවා... කැමරා අරගෙන යන්නේ...
ඔච්චරටම තටමන්නේ ඔය නම් ලිස්ට් එක මහජනතාවට දුන්නා නම් ඉවරනේ... මේ නිකම් රඟපෑම්!!!
මිත්‍ර රන්ජන් මහත්මයාණෙනි. හැබෑවට ඔබතුමා සෘජු අවංක චරිතයකි. මතට විරුද්ධව කටයුතු කිරීම සදා අමරණීය වේ. මේ මොහොතේ ලංකාවේ සිටිය යුතු වන්නේ ඔබතුමා වැනි චරිත වේ. කරුණාකර ඔබගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අමතක කරන්න එපා. ඔබ යන ඔය ගමන වන සතුන්ටත් වඩා නින්දිත මුර්ගයින් වසන තැනක් බව ඇත්ත හෙළි කරලීමට ගිය බොහෝ මාධ්‍යවේදීන් බොහෝමයක් අද ජීවතුන් අතර හෝ ලංකාව තුළ වසන්නේ නැත. ඔබ ඔවුන්ගේ ඉලක්කයක් වීමට ඉඩ නොතබන්න. ඔබතුමාට දළදා සමිදු සරණයි... ඔබට ජය
ජවිපයේ අයත් කොකේන් ගහන ලිස්ට් එකේ ඉන්නවද?
හැබැයි රන්ජන් මහත්තයෝ, වෙන වෙන ක්‍රියාත් පරික්ෂා කරන්න ආවොත් ඒවටත් ඔය විදියටම මුලින්ම ගිහින් මුහුණ දෙන්න ඕනේ... නැත්තන් රට්ටු හිනාවෙයි.
මාස 3-4ක් ගියාට පස්සේ අපේ අය ගිහින් ඔය පරීක්ෂණය කරලා මම කොකේන් ගත්තේ නැහැ කියයි..
ඔය වගේම පක්ෂ කමිටුවකින් නේද? බැඳුම්කරේ කිසිම හොරකමක් වෙලා නෑ කිව්වේ... අනේ ඔය ගොන් ජෝක් හොඳයි, අර දෙකයි පනහේ සිංහල කොමඩි බලලා විසිල් බල්ටි ගහන ජනතාවට...
ලොකු මහත්මයා මේ ප්‍රශ්නෙදි නිහඬ මොකද? ඔබතුමා කුඩු කාරයන් එල්ලනවා. පිලිපිනේ, සිංගප්පුරු ක්‍රමයට මර්ධනය කරනවය කියල ලෝකේ පුරාම ගිහින් කියකිය ලෝකේ පෙරලන්න හැදුවා. පස්සේ එල්ලන්න ඉන්න මිනිසුන්ගේ ලිපිගොනු හොයහොයා රට වටේම ගියා, යුරෝපේ මිනිස්සු කුලප්පු වෙලා අපිට දෙන බදු සහනත් කපාහරින්න ලැහැස්ති වුණා. දැන් රන්ජන් පාර්ලිමේන්තුව කුඩුකාරයන්ගෙන් තොර තැනක් කරන්න හදනකොට කිසිම සපෝර්ට් එකක් දෙන්නේ නැහැ. තවම විස්තරේ පත්තරෙන් දැක්කේ නැතිද?
අපි බලමු තමන් මත්කුඩු ගන්නේ නැතිබව ඔප්පු කරන්න කීප දෙනෙක් ඉදිරිපත් වෙයිද කියලා ස්ව කැමැත්තෙන් මෙහෙම ඔප්පු නොකරන්නේ මත්කුඩු කාරයින් තමයි.
ඉතා හොඳ දෙයක්... අපේ රටේ සමහර කාලකන්නි මේකත් විවේචනය කරයි. එ්ත් ඉදිරියටම යන්න, බුද්ධිමත් මිනිස්සු ඔබ එක්ක ඉඳීවි.