( +++ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට බාර දෙනු ලැබූ හඬපට පහ ලබන සතියේ දී මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ හඬපටවල අසභ්‍ය හා ජාතික ආරක්ෂාවට හානිකර කොටස් ඉවත් කර ඒවා මැතිසබයට ඉදිරිපත් කළ හැකි බවට ඒ හඬපට පරික්ෂාවට පත් කෙරුණු මන්ත්‍රී කමිටුව කතානායක කරු ජයසූරිය මහතාට දැනටමත් නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මන්ත්‍රී කමිටුවේ සාමාජිකයන් පෙරේදා (09) කතානායක කාර්යාලයේ දී මේ හඬපටවලට පැය දෙකකට වැඩි කාලයක් සවන්දී ඇතැයි වාර්තා වෙයි.
මේ හඬ පට පහේ දුරකතන සංවාද 1ක් අන්තර්ගත වන බවත් ඒවායේ වැඩි වශයෙන් අඩංගු වී තිබුණේ ‘‘කුණුහරුප’’ බවත් හඬපට පරීක්ෂා කෙරුණු කමිටුවේ මන්ත්‍රීවරයෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
මේ හඬපට සංස්කරණය නොකර ඉදිරිපත් කළහොත් පවුල් අවුල් පවා ඇති විය හැකි බව ද ඔහු සඳහන් කළේය.
රන්ජන් රාමනායක මහතා විසින් මෙම හඬපට පාර්ලිමේන්තතුවේ හැන්සාඩ් කාර්යාලයට ඉකුත්දා බාරදෙනු ලැබීය.
ඒ අනුව පාර්ලිමේන්තු පක්ෂ නායකයන් රැස්වී ගත් තීරණයක් අනුව හඬපට පරීක්ෂා කිරීමට මෙම මන්ත්‍රී කමිටුව පත් කෙරිණ.
මෙම මන්ත්‍රී කමිටුවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු හන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, මහනුවර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී පවුල් අවුල්ද ? පාර්ලිමේන්තුවේ කුණුහරුපයි, වල්පලුයි ඇරෙන්ඩ වෙන දෙයක් කතා වෙනවද ?
දුරකථන සංවාදයක් නිසා පවුල් අවුල් වෙන තරමේ පවුල් ජීවිතනම් මෙයාලා ගත කරන්නේ මොන ආදර්ශයක්ද එයාලට ජනතාවට දෙන්න පිළිවන් වන්නේ? මන්ත්‍රී වරුන් කියන අයගෙන් මේ රටට ලබන්න පිළිවන් ආදර්ශය කුමක්ද? ජනතාවගේ දාඩිය මහන්සියෙන් නොමිලේ කමින් බොමින්, සැප කුමාර ජීවිත නොමිලේ ගත කරමින් රටට පිළිලයක් වෙන අයගෙන් රටේ ජනතාවට මොන සෙතක් වේවිද? ඒ වුනාට හෙට අනිදා තාප්ප වල අලවන පෝස්ටර් වල ගහලා තියේවි අවංක, පිරිසුදු, චරිතවත්, සිල්වත් අහවලා දිනවමු කියලා.
රන්ජන් කිව්වේනම් මහා වටිනා හඬපට වගයක් කියලා. ඒත් දැන් තියෙන්නේ ලිඳලග සංගමය.
අනේ ඔය හඬපට පාර්ලිමේන්තුවේ දැනට එපා. ඕවා අහල අපේ වාසුදේව මන්ත්‍රීතුමා නරක් වෙයි.
වාසුදේව පාර්ලිමෙන්ත්වෙදී කුණුහරුප කියපු එක රන්ජන් රාමනායක කල වරදටත් වඩා නරකයි .