(නිමල කොඩිතුවක්කු)
වසර හතරක බරපතළ සිර දඩුවම් ලැබ සිටින රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට අවස්ථාව දෙන ලෙස සමගි ජන බලවේගය කතානායකවරයාගෙන් අද(18) ඉල්ලීමක් කළේය.
ඉහත ඉල්ලීම කථානායකවරයාගෙන් කරනු ලැබුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීම අතරතුරය.
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් මෙහිදී කතානායකවරයා වෙත දිගින් දිගටම කරුණු ඉදිරිපත් කර ඇත.
රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු පැමිණීමට ව්‍යවස්ථානුකූලව කිසිදු බාධාවක් නොමැති බව එහිදී කථානායකවරයා වෙත පෙන්වා දුන් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ප්‍රේමලාල් ජයසේකර මහතාගේ සිද්ධියේදී ඔහුට පාර්ලිමේන්තු ලබාදීමට කතානායකවරයා අවසර ලබා දුන් ආකාරයට රන්ජන් රාමනායක මහතාට අවසර ලබාදෙන ලෙසද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු සැසිවාරයේදී කරුණු දක්වන බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
වරද දැකදැක ඇහ වහගෙන ඉන්න උගත්, බුද්ධිමතුන්ට වඩා මොහු වටී..
චොකා මල්ලි වගේ මිනීමරුවෙක් වුණා නම් පාර්ලිමේන්තු යන්න තිබුණා. කුඩු, එතනෝල් කාරයින් සහ කම්බා හොරුන් බයයි රන්ජන් පාර්ලිමේන්තු එනවට...
මීට වඩා හොඳයි හිරකාරයින් එළියට දාලා .., අපිව ඇතුළට දැම්මා නම්...
ඔව් ඉතින් එක වගේ කුරුල්ලෝ එකට ඉන්න ආසයිනේ...
නියම නීති සම්පාදනය කරන්නෝ ටිකක් තමයි ඉන්නේ..මේවායේ වෙනස දන්නේ නැහැ.
'ලොක්කා' යනුවෙන් ඇමතූ කතානායකතුමාගෙන්ම අවසර ඉල්ලීමට සිදුවීම දෛවෝපගතයි. සෙස්සන් මෙය නිවැරැදි නොකළෝය. ඔවුහු එයට සිනහවෙමින් සිටියහ.
සමගි ජනබලවේගයේ ඉන්නේ ගොබ්බයින්ද කියලා සැකයක් තිබෙනවා. අපි බලන් ඉන්නේ 4, 40 වෙනකන්...
මේ හදන්නේ නීති බල රහිත කරන්නයි.
රන්ජන් හොඳ පුද්ගලයෙක්.. දේශපාලනයේ ඉන්න ඕනෑ කෙනෙක්. කොන්ද කෙලින් තියාගෙන අැත්ත කථාකරනවා... මම දකින විදියට මේ වෙලාවේ රන්ජන්ව නිදහස් කර ගැනීමට සමගි බලවේගය වගකීම. අද ගොඩක් දුප්පත් අහිංසක දරුවන් කන්න අඳින්න... පොතපත ගන්න රන්ජන් එනකම් මග බලාගෙන අැති. සමගි බලවේගයේ යුතුකම දැන් ඉෂ්ඨ කරන්න.
අනිවාර්යයෙන්ම ඔහු පාර්ලිමේන්තු ආයුතුමයි. නීතිය අකුරට තිබුණද මිනීමරුවන් පාලිමේන්තුවට ගෙන්වූයේ කෙසේද? මිනීනොමැරූ, ජනතා දේපල සොරා නොගත්, කුඩු එතනෝල්, ගංජා වලින් ව්‍යාපාර නොකල වැලි පස් ගස් හොර පර්මිට් නොගෙන ඇත්ත ඇතිසැටියෙන් කථා කළ වරදට නීතිය නමා දණගස්වා හිරයට නියම කළ ඒ අවිහිංසාවාදී ජනතා පුත්‍රයාව පාර්ලිමේන්තුවට ගෙන ආයුතුමයි. එක රටක එක නීතියක් කියා ගන්නා අය අද රටේ නීතිය හතර අතට නමා ඇත..