IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


රන්ජන්ගේ හඬපට 14 ක් එළියට

( +++ ඉන්දිකා රාමනායක)

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමග දුරකතනයෙන් සිදු කළ සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඬපට 14 ක් පමණ ඊයේ (8) වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබිණි.

රාමනායක මහතා හිටපු අගමැතිවරයාත්, හිටපු මහාධිකරණ විනිසුරුවරියක, මහේස්ත්‍රාත්වරුන් දෙදෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ නිළියක, පොලිස් නිලධාරින් ඇතුළු කීප දෙනකු සමග කළ දුරකථන සංවාද මෙම හඬපටවලට ඇතුළත්වී ඇතැයි පැවසේ.

මෙම හඬපට ප්‍රසිද්ධියට පත්වීමෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කැළඹීමක් හටගෙන ඇත.

රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී පොලිස් බාරයට ගත් සීඩී පටවලින් හඬ පට 10 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඒවා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි.

කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් රාමනායක මහතාගේ නිවසේ තිබී පසුගිය 4 වැනිදා සිය බාරයට ගත් මෙම හඬපට සහිත සීඩී, සහ හාර්ඞ් ඩිස්ක් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසට බාරදී ඇත.



අදහස් (14)

රන්ජන්ගේ හඬපට 14 ක් එළියට

lanka Thursday, 09 January 2020 06:46 AM

මට දේශපාලනයක් නැහැ . මම මෙතෙක් හිතන් හිටියේ රන්ජන් කියන්නේ සමාජයට වැඩක් කරන්න උත්සහ කරන කෙනෙක් කියලා. නමුත් මේ රේකොඩින් වලින් දැනටම වෙස් මුහුණක් බැඳන් මුළු රටම රවට්ටපු වංචාකරුවෙක් , කුමන්ත්‍රණ රජෙක් බව පැහැදිලියි.

:       126       476

RaveendraThursday, 09 January 2020 07:31 AM

ඔබ නිවැරදියි මෙයාගේ ජීවිතේම රංගනයක් බව මෙයා හොදින් ඔප්පු කරලා තියෙන්නේ ඒ හඩ පටවල තිබෙන කරුණු දෙස බැලීමේදී. හරිම ලැජ්ජයි. මේ අපේ රටේ මහජනතාවට සේවය කිරීමට බලෙන්ම ඇවිත් ඉන්න නිවට දේශපාලුවන් දෙස බැලීමේදී.

:       1       2

hemanthaThursday, 09 January 2020 07:54 AM

මේකේ හොද පැත්තක් තියෙනවා. බහුතරයක් දේශපාලකයන්ගේ සාන්තුවර වෙස් මුහුණු ගැලවිලා 225 ම එකයි කියන මතය ජනතාව තේරුම් ගන්නවා.

:       0       38

athuraThursday, 09 January 2020 08:16 AM

ඔබතුමාට දේශපාලනයක් නැති නිසා නොතේරෙනවා ඇති මේ තනිකරම මිනිස්සුන්ට බැදුම්කර පාස්කු ප්‍රහාර අමතක කරන්න කරන සිගිති වැඩක්. අනිත් දේ තමයි හොරු අල්ලන්න ආපු ආණ්ඩුවේ හොරු අල්ලන්න උත්සාහයක් හරි අරගෙන තියෙන්නෙ රන්ජන් විතරද කොහෙද.

:       166       267

දිමුත්Thursday, 09 January 2020 08:40 AM

මේකෙන් සමාජයට වුනේ හොඳක්!

:       0       7

Bamunuarachchi Thursday, 09 January 2020 07:00 AM

එක්ලක්ෂ විසිදාහකින් 14 යි එළියේ. ඔයටික ඔහොමනම් අනිකෙවා කොහොම තියේවිද. නරකද කොපි ගහලා විකුනන්න දැම්මොත් පක්ෂ බේදයෙන් තොරව පටගාලා විකිනේවි.

:       26       14

D Thursday, 09 January 2020 07:05 AM

රන්ජන් ගැන අප සිත සිටි විදිය වැරදියි කියලා මට හිටනවා. බලද්දී මෙයා හැමෝටම මොනා හරි උදුවව්ක් කරලා තියනවනේ.

:       96       14

ගල්කටස් Thursday, 09 January 2020 07:38 AM

මේකනම් රන්ජන්ගෙ ඩීල් එකක් වගේ. උසාවියට අපහාස කිරීමෙන් නිදහස් වීම සදහා කරන රංගනයක්ද...?

:       0       1

Mahee Thursday, 09 January 2020 07:39 AM

මේ හඬ පට අහු නොවෙයි කියා හිතාගෙන රෙකෝඩ් කර තියාගත්තා නම් රන්ජන් මහා මෝඩයෙක්. මේ සිද්ධිය සමහරුන් කියන පරිදි ඔහුගේම නිර්මාණයක් නම් ඔහු අපුරු සැලසුම්කාරයෙක්. මේක රජයේම සැලසුමක් නම් ඔහු උගුලකට අසුවුවෙක්. පොලිසිය සීල් තියපු හඬ පට ඇමතිලා නිදහසේ සමාජ මාධ්‍යවලට බෙදා හරින බව පෙනෙන නිසා ඔහු පළිගැනීමට ලක්වුවෙක්. උසාවියට නඩුව ඇවිත් කරුණු හෙළිදරවු වනතුරු මට නම් කොයි එක හරිද කියලා අදහසක් නෑ.

:       1       2

ගාමිණි. Thursday, 09 January 2020 07:40 AM

රංජන් මේ ක්‍රමය තුලින් පැති දෙකක ප්‍රයොජන ගත්තා. එකක් විරුද්ධවාදින්එට බොරු වැරදි පටලවා ඒ මගින් එජාපයේ ජයග්‍රහණ සඳහා දායකත්වය. දෙවනුව ඔහු සමඟ සංවාද පැවැත්වූ අයට එම සංවාදවල හඬපටි නැවත පෙන්වා බයකර ලබාගත් ප්‍රයෝජනයට වඩා වැඩි ප්‍රයෝජන ලබා ගැනීම.

:       22       77

Bandara Thursday, 09 January 2020 07:47 AM

ගෝලයෝ අනුගමනය කරන්නේ ලොක්කව.

:       0       44

BamunuarachchiThursday, 09 January 2020 11:58 AM

ගුරා හිටගෙන කොරනදේ ගෝලයෝ දුව දුව කරනවා කියන සිංහල උපමේය අසා තිබෙනවාද?

:       0       0

Nimal Thursday, 09 January 2020 08:04 AM

බැංකුවකට කතාකරන හැම වෙලාවේම බැංකුව කියනවා මේ සාකච්ඡාව පටි ගත කරනවා කියලා. කතාවල් පටිගත කරන එකත් අපරාධයක් නේද?

:       1       10

udaya Thursday, 09 January 2020 08:30 AM

ඔය හොරාගේ වාසගම දන්නවද? සද්ද විද්ද පළඟ පතිර ... ඕකම තම අන්දරේගේ වසගමත්. රනිල්ලා ඔය ජෝකර් ළං කර ගත්තේ එයාගේ විහිලු අහන්න මිස වැඩකට නෙවේ. හැබැයි ඉතින් කටුස්සට ඔටුන්න දැම්මා වගේ ඔය මිනිහා පිම්බුණා. සමාජ මාධ්‍ය වලින් කොහෙද හිටිය බුරුවෙක් පිම්බුවා. දැන් පේනවා නේද දවල් මිගෙල්ගේ තරම. ඔහොම යමුකෝ තව හොද හොඳ නැටුම් බලන්න පුලුවන්. ඔය යමපාලනේට ඡන්දේ දීපු අයට දැන්වත් තේරුනොත් ලොකු දෙයක්.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් සමරු මුද්දරයක්
2025 පෙබරවාරි මස 15 41 0

දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම වි


දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා
2025 පෙබරවාරි මස 15 140 0

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.


මිනුවන්ගොඩ වෙඩි තැබීමට දෙකක් සැක පිට
2025 පෙබරවාරි මස 15 355 1

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී කරවල ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත


විද්‍යා පීඨ ගුරු පුහුණුව හොඳ කළක් යයි
2025 පෙබරවාරි මස 15 988 1

විද්‍යාපිඨ තුලින් දෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස්වී නොමැති බවත් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරමින් නවීණ අධ්‍යාපන දැනුමින් සන්නද්ධ කි


කඩවත ගනේමුල්ල පාරේ ගිනිගත් මළ සිරුරක්
2025 පෙබරවාරි මස 15 1535 0

කඩවත මංගල මාවත ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක තිබී සිරුරට ගිනි ඇවිලනු මළ සිරුරක් අද (15) හමුවූ බව කඩවත පොලිසිය පවසයි.


මාර්ග අධිකාරිය අයිති නැති වැඩට කෝටි 14000ක් පුදලා
2025 පෙබරවාරි මස 15 1239 3

මාර්ග සංවර්ධන අධිකාරිය තම විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දා හතර දහස් හත්සිය පහළොවක් (14715ක් ) වැය කර ඇතැයි ජාතික විගණන කාර්යා


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 221 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 133 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 953 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site