
(නිමල කොඩිතුවක්කු)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජිනීවා මානව හිමිකම් කොමිසමට අද (02) දිනයේ කරුණු දැක්වීමට කටයුතු කළ බව සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික අධිකරණයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ අතුරු සිසැවාරයන් තුළ කරුණු දැක්වීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජිනීවා මානව හිමිකම් කොමිසමට කරුණු දැක්වීමට සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ එහි මාධ්‍ය ප්‍රකාශක මනූෂ නානායක්කාර යන මහත්වරුන් ඊයේ (01) දිවයිනෙන් පිටත්ව ගියේය.
ජිනීවා නුවරට යාමට පෙර එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායක කාර්්‍යාලයේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ නීති අංශය සමග සාකච්ඡා කරනු ලැබීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා විදේශීය රටවල ඇමතිවරුන්, තානාපතිවරුන් සමග සාකච්චා කිරීමට කටයුතු කරන බවත් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ එහි මාධ්‍ය ප්‍රකාශක මනූෂ නානායක්කාර යන මහත්වරුන් රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජිනීවා මානව හිමිකම් කොමිසමට කරුණු දැක්වීමෙන් අනතුරුව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට රැඳී සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
COMMENTS
රංජා ඉස්සරහට දාලා රටේ වැරැදි කියන්න ගිහින්... කොහොමත් පැන පැන යන ගෙම්බෙක්නේ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජිනීවා මානව හිමිකම් කොමිසමට කරුණු දැක්වීමට කටුනායකින් ගුවන්ගතවී ජිනීවා යාමට පෙර මත්පැනි බී සිටියේ සමගි ජනබලවේගයේ කුමන මෙහෙයුම් මන්ත්‍රීද?
මරු ඩබල ගොනයි, මීමයි වගේ... රංජන්ට පින්සිද්ද වෙන්න කොටි ඩොලර් ටිකකුයි, ෂොපින් පාරකුයි දාගෙන ඒවි.
රණ විරුවන් විසි ගණනකට විරුද්ධව වැඩ කරනවා ජිනීවාවල. මෙයාලාට ඒවාට කතා කරන්න බැහැ. සත පහකට වැඩක් නැති එකකට ලක්ෂ ගාණක වියදමක් දරාගෙන වැඩ. මෙයාලා පාර්ලිමේන්තු යැවුවේ මේකටද? මෙයාලා දේශද්‍රෝහින් හැටියට හංවඩු ගහනවා...
ජිනීවා කොමිසම කියන්නද ජනාධිපතිට සමාව දෙන්න කියලා. කවුද කොහෙදීද කෙනෙක් තවත් කෙනෙකුට සමාව දෙන්න කියලා. වැරැදි කරපු කෙනා සමාව ඉල්ලන්නේ නැහැ. වටේ ඉන්න හෙන්චයියන් කුලියට සමාව ඉල්ලනවා. ජනාධිපති සමාව රටේ ජනාධිපතිට ඇති වරප්‍රසාදයක් මිස එක තවකෙනෙකුගේ අයිතිවාසිකමක් නොවෙයි. දැන් ජනාධිපති හිතනවා ඇති.. ගිහිල්ලා කරගෙන වරෙන් කියලා. මේ ගොල්ලන් ඊළඟ ඡන්දෙට ලකුණු හොයනවා. මෙහෙ දාන ගොන් පාට් එහෙ දාන්න බැහැ කියලා හිතෙන්නේ මට විතරයිද?
ෆොටෝ එකටම ඉන්න ලැහැස්තිවෙලා ඇවිත් වගේ. මනූෂ නානායක්කාර ෂර්ට් අතට වඩා කෝට් අත දිගයි නේද? කව්ද ටේලර්?
රංජන්ට විතරක් නෙවෙයි, මේ කාලකණ්ණි ආණ්ඩුව ඉන්නකන් මුළු රට, ජාතියටම කිසිම සෙතක් නැහැ.
දැන් එතකොට කාදිනල්තුමා එක් පැත්තකින් පැමිණිලි කරද්දී මේ දෙන්නා තවත් එකක් ගෙනගියා. වත්මන් පාලකයින් විපක්ෂයේ හිටියා නම් මෙපමණ කාලයක් බලන්නේ නැහැ... උද්ඝෝෂණ පෙළපාලි කෙළවරක් නැහැ... මතකයි නේද සිරිසේන ජනාධිපති මහින්ද අගමැති කළ වෙලාවේ දැන් ඇමැතිලා පාර්ලිමේන්තුවේ කරපු විනාශ කිරීම්... කොහොමත් මේවා රටට අහිතකර දේවල්..
මව්බිමේ පාපයට උපන් අය... තමන්ගේ මව්බිම පාවාදෙනවා...