IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


රන්ජන්ගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි දිලිප් කියයි

(චන්ද්‍රසේන ගමගේ)

සිවු අවුරුදු සිරදඬුවමකට යටත්ව සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා රඳවා ඇති අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරය තුළදී ඔහුට ජීවිත තර්ජනයක් ඇතැයි හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

සිරගතව සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීම සදහා අද (18) දහවල් අඟුණකොළපෑල්සස බන්ධනාගාරයට පැමිණි දිලිප් වෙදඅරාච්චි මහතා බන්ධනාගාරයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය අමතා එසේ පැවසීය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයාට සිරදඬුවම් ක්‍රියාත්මක කරන අවස්ථාවේ රජය පැවසුවා  ඔහුට සුදුසු තැනක් ලබා දී දඬුවම ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියා. නමුත් මේ වන විට වත්මන් ආණ්ඩුව රංජන් රාමනායකගේ ජීවිතය ගැන කිසිදු සැළකිල්ලක් දක්වන්නේ නෑ.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිරගත කර ඇති ශාලාවේ හම්බන්තොට මිනී මරුවෙකු වූ ජූලම්පිටියේ අමරේ ඉන්නවා.තංගල්ලේ සංචාරක හෝටලයක් තුළ විදේශීය කාන්තාවක් ඝාතනය කිරීමේ වරදට හසුවූ සම්පත් චන්ද්‍රපුෂ්පගේ ගෝලයෝ ඉන්නවා කලු තුෂාර ඉන්නවා. විවිධ අපරාධ වලට සම්බන්ධ පාතාල ක්‍රියාකාරිකයින් ඉන්නවා. මේ නිසා රංජන් රාමනායක මන්ත්‍රී වරයාගේ ජීවිතය අනතුරු දායක තැනක තිබෙනවා.

වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුවේ  දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සදහා පත්කොට ඇති විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හරහා තම ගජ මිතුරන්ගේ නඩු ඉවත් කරන්නට කටයුතු කරනවා පමණක් නොවෙයි එම නඩු වලට සම්බන්ධ පැමිණිලිකරුවන් හා එම නඩු දමාපු නිළධාරීන්ට දඩුවම් දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ අතර තුර දේශපාලන පළිගැනීමක් විදියට රංජන් රාමනායකට හිංසා කරමින් ඉන්නවා.

මේ ආණ්ඩුව බලයට ආවේ මහබැංකු මංකොල්ල කරුවන් අත් අඩංගුවට ගන්නවා කියා. පාස්කු දින ප්‍රහාරයනට සම්බන්ධ අය අත් අඩංගුවට ගන්නවා කියා . නමුත් ඒ සියල්ල පැත්තකින් තබා ආණ්ඩුවට එරෙහිවන දේශපාලඥයින්ට දඩුවම් කරන්න ආණ්ඩුව ක්‍රියා කරමින් ඉන්නවා.



අදහස් (7)

රන්ජන්ගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි දිලිප් කියයි

Ruhunu Thursday, 18 February 2021 10:32 AM

ඔය කාටවත් හැප්පෙන්න පුළුවන්ද වන්ශොට් එක්ක.

:       5       14

Chinthaka Thursday, 18 February 2021 10:40 AM

අමුවෙන් මාලු කෑවාම ඔහොම වෙනවා.

:       44       37

Senarath Thursday, 18 February 2021 11:05 AM

රංජන්ට සුදුසුතැන තමයි දීලා තියෙන්නේ.

:       33       20

Bamunuarachchi Thursday, 18 February 2021 11:42 AM

වෙදාලා කලබල වෙන්න කාරි නැහැ. අල්පොන්සෝ වැඩකාරයා කොහොමද මල්ලි? මල්ලිලා කවද්ද ආවේ කියලා ගොඩට එක්වේවි. නැතුව වෙනම බන්ධනාගාර හදන්නයැ.

:       56       15

Gihan Thursday, 18 February 2021 05:41 PM

රන්ජා අනිත් අයව ඇතුළට දාන්න ගිහින් රංජාවම ඇතුළට දාගත්තා. මේ වගේ අයත් වීරයෝ සමහරුන්ට...

:       1       1

BamunuarachchiSaturday, 20 February 2021 06:42 AM

සමහරුන්ට නොවෙයි එයාගේ පන්තියේ, මට්ටමේ, ඉන්න අයට. අපිට අල්පොන්සෝව තඹේකට වටිනවද?

:       0       0

Ramani Friday, 19 February 2021 12:16 AM

රංජාට කඩේ යන අය තව ඉන්නවනේ..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29407 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18227 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11650 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 721 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 215 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 865 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site