IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


රන්ජන්ගේ ගිනිඅවියෙන් අපරාධයක් කළා දැයි විමර්ශනයක්

(දසුන් රාජපක්ෂ) 

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය භාවිතා කර අපරාධයක් සිදුකර ඇති දැයි යන්න සම්න්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය නුගේගොඩ මහේස්ත්‍රාත් ඒ.එම්. කේ වසන්ත කුමාර මහතා වෙත අද (7) දැනුම් දුන්නේය.

රජයේ රස පරීක්ෂකවරයා නිකුත් කළ  රස පරීක්ෂක වාර්තාවේ ගිනි අවිය සක්‍රීයව භාවිතා කර ඇති බව සහ ඉන් වෙඩි බෙහෙත් ගද වහනය වන බව දැනුම් දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් එලෙස දැනුම් දී සිටියේ ය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද යළි කැඳවූ අවස්ථාවේදී වෙනත් නඩුවකට අදාළව  රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා බන්ධනාගාර නිලධාරීහු විසින් අධිකරණය හමුවට  ඉදිරිපත්  කරනු ලැබූහ.

සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් මගින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට සිද්ධියට අදාළව පුද්ගලයන් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව දැනුම් දුන්හ. 

සැකකරුගේ නිවසේ තිබී අත් අඩංගුවට ගත් ගිනි අවිය සහ ජීව උණ්ඩ  118 සම්බන්ධයෙන්  රජයේ රස පරීක්ෂකවරයාගේ රස පරීක්ෂක වාර්තාව  කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබාදී ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය දන්වා සිටියහ .

රස පරීක්ෂක වාර්තාවට අනුව ගිනි අවිය සක්‍රීයව භාවිතා කර ඇති බව ද ඉන් වෙඩි බෙහෙත් සුවඳ වහනය වන බවද රස පරීක්ෂකවරයාට නිරීක්ෂණය වී ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය  පැවසීය .

රංජන් රාමනායක මහතා විසින් යම් අපරාධයක් කිරීම සඳහා එම ගිනි අවිය සක්‍රීය කළේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව  සඳහන් කළ කොළඹ අපරාධ කොට්ඨාසය  මෙම ගිනි අවිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා කැඳවා ඇති නිසා ගිනි අවිය සිය කොට්ඨාසය වෙත බාරදෙන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට නියම  කරන ලෙස ද ඉල්ලා සිටියේ ය.

අධිකරණයේ බාරයට ගෙන තිබෙන දුරකථන සංවාද ඇතුළත් හඬපට වල පිටපත් සිය කොට්ඨාසයට මේ වන තෙක් ලැබී නොමැති අතර ඉදිරි සතියේ දී ඒවා ලබා ගැනීමට කටයුතු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත්  කීහ.

නීතිඥ මඩුල්ලක් සමග රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ තිබෙන සිය සේවා දායකයාගේ නිල ජංගම දුරකථනය සහ සිම් කාඩ් පත මුදා හැරීමට නියෝග කරන ලෙස ඉල්ලා සිටියේ ය .

එහි දී අධිකරණය ඇමතූ කොළඹ අපරාධ කොට්ඨාසය රංජන් රාමනායක මහතා දුරකථන සංවාද පටිගත කර ඇත්තේ මෙම දුරකථනය හරහා වන බැවින් විමර්ශන  අවසන් වන තෙක් එය මුදා හැරීමට නොහැකි බව පැවසීය .

ඉන් අනතුරුව නැවත අධිකරණය ඇමතූ නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා  මහජන නියෝජිතයකු වන සිය සේවාදායකයාගේ  සියලු දුරකථන දත්තයන් සහ සම්බන්ධතා එම දුරකතනයේ  තිබෙන සිම් පතෙහි අඩංගු වන බැවින් එම සිම් පතෙහි අංකයට සමාන සිම් පත් අංකයක් ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේ ය .

ඉන් පසු අධිකරණයට කරුණු දැක් වූ කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සියලු කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාව දැනුම්වත් කර උපදෙස් ලබා ගෙන ඉදිරි නඩු වාරයේදී අධිකරණය වෙත ඉදිරිපත්  කිරීමට බලාපොරොත්තු වන බව දන්වා සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන්  පසුය  නීතිපති උපදෙස් ලබා ගෙන ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට  නියම කළ මහේස්ත්‍රාත්වරයා  මෙම පැමිණිල්ල ලබන 12 වැනි දින යළි කැඳවීමට නියෝග කළේ ය .



අදහස් (6)

රන්ජන්ගේ ගිනිඅවියෙන් අපරාධයක් කළා දැයි විමර්ශනයක්

Warnakulasuriya Friday, 07 February 2020 10:28 AM

රංජන්ගේ බලපත්‍රය අලුත් නොකළ ගිනි අවියේ සිදුවීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සිටින අනෙක් මන්ත්‍රීවරුන් සහ මැතිඇමතිවරු සිය ගිනිඅවි ප්‍රමාදයකින් තොරව බලපත්‍ර අලුත් කර ඇතිදැයි, මේ මොහොතේ බලධාරින් විසින් ජනතාව දැනුවත් කරන ලෙස ජනතාවගේ පැත්තෙන් අපි ඉල්ලා සිටිමු...

:       0       73

රවින් Friday, 07 February 2020 01:23 PM

රංජන්ගේ අවිය භාවිතා කළ අයුරු පිළිබඳ යම් වැටහීමක් හඬපට වලට සවන්දීමෙන් ලබාගත හැකි නොවේද...?

:       0       78

NuwanSaturday, 08 February 2020 05:56 AM

මරු උපහාසාත්මක කියමනක්..

:       1       1

Nimal Friday, 07 February 2020 03:24 PM

නියමයි. හොඳ වැඩේ. හොයන්නම ඕනි. ගිනි අවියකින් අපරාධ කරලා තියෙනවා නම් මේ රටේ ඔය තුවක්කුවෙන්ම විතරයි කරලා ඇත්තේ...

:       0       32

Sanaa Friday, 07 February 2020 06:11 PM

මේ වගේ මිනිස්සු අංගොඩට යවන්න.

:       1       9

kamal Saturday, 08 February 2020 12:47 AM

වරදකට පටලැවිලා උසාවියට දැම්මා නම් දෙපැත්තම ගොඩ....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 398 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 445 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site