
( තිලකරත්න දිසානායක)
ගම්පහ, මිරිස්වත්ත හන්දියේ සිට ගම්පහ දෙසට මාර්ගයේ විරුද්ධ දිසාවෙන් ධාවනය වූ කැබ් රියක් වාහන හතරක ගැටී නිවසක් තුළට කඩා වැදීමෙන් සිවු දෙනෙක් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
අද (11) සවස 5.45 ට පමණ අධික වේගයෙන් පැමිණ ඇති කැබ් රිය මාර්ගයේ විරුද්ධ දිසාවෙන් ගම්පහ දෙසට ධාවනයවී යතුරු පැදි දෙකක සහ ත්‍රී රෝද රථ දෙකක ගැටී මාර්ගය අද්දර පිහිටි නිවසක් තුලට කඩා වැදුණු බව ප්‍රදේශවාසියෙක් කීය.
වාහන හතරක ගැටුනු කැබ් රථයේ රියදුරා සහ එහි සිටි සහායක පලා ගොස් තිබේ.
අනතුරින් නිවසේ කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර තුවාල ලැබූ යතුරු පැදිකරුවන් දෙදෙනා සහ ත්‍රී රෝද රථ දෙකෙහි රියදුරන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර යක්කල පොලිස් ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශය පරීක්ෂණ ආරම්භ කොට තිබිණි.

2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රෝන්ග් සයිඩ් ආ කැබ්රිය 4 කට තුවාල කරයි
Ruhunu Thursday, 11 November 2021 08:00 PM
ලංකාව නැවතත් කරත්ත යුගයකට ගියානම් ජීවිත ටිකක් බේරගන්න පුළුවන්. ලංකාවේ රියදුරන් ගැලපෙන්නේ කරත්තවලට...
Kuma Thursday, 11 November 2021 09:08 PM
කරුමෙ කියන්නෙ ලංකාවේ මෙවැනි අයගේ බලපත්‍රය අහෝසි කිරීමට පොලීසියට නීතියෙන් බලයක් නෑ...
Chinthaka Friday, 12 November 2021 09:03 AM
මිරිස්වත්ත හන්දියේ සිග්නල් ගැන කියලා වැඩක් නැහැ. කොළඹ සිට එන වාහන ගම්පහ පාරට දානකොට කොළ එළිය පත්තු වෙනවා... පදිකයින්ට පාර පනින්න. ඉතින් මේ වගේ රියදුරෙක් ආවානම් පාර මාරුවෙන අයට මොකද වෙන්නේ...?
latha Friday, 12 November 2021 10:06 AM
බලපත්‍රයක් තියෙන්න එපෑයෑ... නැතුව ඇති...
ජනහඩ Friday, 12 November 2021 10:15 AM
විටෙක ඇවිදගෙන යන පදිකයන් තැන නොතැන බලා පාර මාරුවන නිසා රියදුරන් අපහසුවට පත්වන නමුත් මෙවැනි රියදුරන් පැහැදිලිව වැරදි කරුවන් වේ. උසාවියේ වැරදි කරුවන් වූ අයගෙන් දඩයට අමතරව කිසිඳු දිනක රියදුරු බලපත්‍රයක් ගැනීමට නොහැකි ලෙස තහනම් කිරීමෙන් බොහෝ ජීවිත බේරාගත හැකිය. මෙම නීතිය දියුණු රටවල ඇති අතර එසේ කිරීම අප ප්‍රමාද කරන්නේ ඇයි දැයි සිතේ...