රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේදී ඒවා මිලදී ගන්නා ඇතැම් ආයතන කෘතිම රුධිරය කලවම් කිරීමේ චෝදනාවන්ට ලක්වීමෙන් ඒ පිළිබඳ විශාල ගැටළුවක් ඇති වී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට බරපතල අපකීර්තියක් විය හැකි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේෂ් මහතා පවසයි.
රුධිර පරිත්‍යාගශිලින්ගෙන් ලබා ගන්නා අතිරික්ත රුධිර කොටස් අපනයනය කිරීමේදී ඒවා මිලදී ගනු ලබන ආයතන හි සදාචාරාත්මක භාවිතය පිළිබදව සොයා නොබැලීමෙන් මෙම ගැටළුව ඇති වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට ශ්‍රී ලංකාවේ රුධිර කොටස් මිලදී ගැනීමට ඉල්ලුම් කර ඇති ඇතැම් ආයතන වලට කෘතීම රුධිරය කලවම් කිරීම වැනි සදාචාරාත්මක හා නිත්‍යනුකුල නොවන භාවිතා පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ පවතින බවට තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇතැයි ද රවී කුමුදේශ් මහතා මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන ලෙස අදාල බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසන කුමුදේශ් මහතා වැඩිදුරටත් පවසනුයේ රුධිරය අපතේ යාම වැලැක්වීම සදහා ගනු ලබන හදිසි තීරණයක් ලෙස පෙන්වා දෙමින්, චෝදනා සහිත ආයතනයකට රුධිර කොටස් විකිණිමේ වෑයමක් පවතින බවට තම සංගමය සැකකරන බවයි.
රවි කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ වැඩි දුරටත් මෙලෙස සඳහන් වේ.
ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝකයේ බොහෝ රටවල ශරීර කොටස් විකිණීම තහනම් ක්‍රියාවක් වන අතර ඒවා ලබාදිය හැකි වනුයේ පරිත්‍යාග වශයෙන් පමණි.
රුධිරය යනු රෝගී අවශ්‍යතාවය වෙනුවෙන් අත්‍යවශ්‍ය වන ජිවී සංඝටකයක් වන බැවින් හදිසි අවශ්‍යතාවයන්හිදී පරිහරණය කිරීම සදහා පරිත්‍යාගශීලීන්ගේ රුධිරය එකතු කර තැන්පත් කර ගැනීම සිදුවේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ මෙලෙස එකතු කර අතිරික්ත රුධිර කොටස් අපනයනය කරනු ලබන අතර කාලාන්තරයක් තිස්සේ ඉන්දියානු සමාගම් කිහිපයක් විසින් තරගකාරී මිලකට ඒවා මිලදී ගනු ලබයි.
ඉන්දියාව වැනි රටවලින් ඉතා අඩු මුදලකට මිලදී ගනු ලබන මෙම රුධිර කොටස් මගින්, විවිධ නිෂ්පාදන සිදු කොට ඉතා වැඩි මුදලකට බටහිර රටවලට විකිණීම සිදුවේ. කෙසේ නමුත් මිනිස් රුධිරය සදහා කෘතීම නිපදවූ සංඝටක හා සත්ව රුධිර කොටස් එකතු කිරීමේ ජාවාරම් පිළිබඳව ලෝක අහාර හා ඖෂධ අධිකාරීන්හි දැඩි අවධානය යොමු වී ඇති අතර, එවන් ව්‍යාජ නිෂ්පාදන මගින් කිසියම් ජීව විද්‍යාත්මක ව්‍යසනයක් සිදුවුවහොත් ඊට අදාළ රුධිරය අපනයනය කර රට චෝදනාවට ලක්වීම නොවැලැක්විය හැක.
(36698)
COMMENTS
මම බොහෝවිට රුධිරය පරිත්‍යාග කරලා තියෙනවා.. මීට පස්සේ රුධිරය (අත්‍යවශ්‍ය දන්නා කෙනෙකුට හැරෙන කොට) පරිත්‍යාග කරන්නේ නැහැ - මගේ ලේවලින් මම තව කාටවත් (විශේෂයෙන් අපේ රටේ ජාවාරමුන්ට සහ ඉන්දියන් කාරයින්ට) සල්ලි හම්බ කරන්න ඉඩ දුන්නා කියන්නේ මම මොනතරම් පල් මෝඩයෙක්ද?
අපි පරිතයාග කරන රුධිරයේ කොටස් විකුණන බව දැන ගත්තේ අද? කොහොම වුණත් ඒ විකුණන රුධිර කොටස් වලට වෙනත් දේවල් කලවම් කර විකුණනවා..
හදවත සසල කරවන පුවතක්.. ශරීර අවයව හෝ ලේ විකිණීම තහනම් වනුයේ නම් කෙලෙසකද එය ඉන්දියානු සමාගම්වලට විකුණනු ලබන්නේ..? මනුෂ්‍යත්වය පිරිපුන් මිනිසුන් විසින් අවශ්‍යතා ඇත්තවුන්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා සද්භාවයෙන් පිරිනමනු ලබන රුධිරය අතිරික්තයක් යැයි පවසා මුදලට කිනම් හෝ රටක පාලනයන් විකුණනු ලබන්නේ නම් ඔවුන්ට ඇමතීමට ශබ්දකෝෂයේ නොමැතිය.. සියල්ල ජරාජීර්ණ සමාජයක...පාලනයක මෙවන් දෑ අරුමයක්ද නොවන්නේය.. රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලිමට දෙයක් ඇත.. ඔබ රුධිරය පිරිනැමීමේදී අත්‍යවශ්‍ය පුද්ගලයා හඳුනාගෙන ඔහුට රුධිරය පිරිනමා මහත් වූ කුසල් හිමිකරගන්න.. ඔබේ රුධිරය ඔබටත් නොදැනීම පාලකයන් මුදල් බවට පත්කරමින් ජාවාරමක නිරතවෙයි.. උපත ලබා වසර 30 වන මා පළමු වරට මෙවන් ජරාජීර්ණ පුවතක් දුටුවෙමි.. නොබෝ දිනකින් රුධිරයද ශ්‍රීලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩයක් වනවා නොඅනුමානය.. වසර 70 පාලකයින්ගේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන දසරාජ ධර්මයේ දහම් දීපය.. අහෝ බුදු හිමියණේ.. ඔබ දෙසූ ධර්මය අනතුරේ..
ලේ බැංකුවට ලබාදෙන අපේ රුධිරය, රෝගියෙකු වෙනුවෙන් ඒ ආකාරයටම භාවිතා කරන්නේ නෑ. (ගොඩක් අය හිතාගෙන ඉන්නේ අපි ප්‍රදානය කරන රුධිරය, ඒ ආකාරයටම රෝගීන්ට ලබාදෙන බවක්. නමුත් එහෙම කරන්න බෑ) ඒ රුධිරය විවිධ සංඝටක වලට වෙන් කරනවා. රතු රුධිරාණු, රුධිර පට්ටිකා සහ සුදු රුධිරාණු හැටියට. මේ ක්‍රියාවලියෙදි අතුරුඵලයක් හැටියට රුධිර ප්ලාස්මාව ඉතුරු වෙනවා.. අනතුරකින් හෝ ශල්‍යකර්මයකදී අධික රුධිරය වහනය වුනොත්, රෝගියාට ලබා දෙන්නේ රතු රුධිරාණු. හෘදයවස්තුවේ කෙරෙන ශල්‍යකර්මවලදී සහ අනිත් සෑම ශල්‍ය කර්මයකදීමත්, සමහර පිළිකා තත්ව වලදීත් පට්ටිකා ලබාදෙනවා. පිළිකාවලදී සහ ප්‍රතිශක්ති ඌනතා තත්ව වලදි රෝගීන්ට සුදු රුධිරාණු ලබා දෙනවා. අතුරුඵලයක් හැටියට නිෂ්පාදනය වෙන රුධිර ප්ලාස්මාව, කලාතුරකින් ප්‍රතිකාර සඳහා භාවිතා වුණාට, බොහෝවිට භාවිතා වෙන්නේ නෑ. නමුත්, අවශ්‍ය තාක්ෂණය තියනවා නම්, ඔය රුධිර ප්ලාස්මාවෙන් පුළුවන් හිමොෆීලියාව වගේ රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ නිපදවන්න. ප්‍රශ්නේ තියෙන්නේ, ලංකාව සතුව තවමත් ඒ තාක්ෂණය නෑ. ඒ නිසා කාලයක් තිස්සේ කෙරුනේ, වැඩිපුර භාවිතයට නොගන්නා අතුරුඵලයක් වෙච්ච රුධිර ප්ලාස්මාව විනාශ කරන එක....
මුල් කමෙන්ටුවෙන්... නමුත් මෑත කාලයේදි ලංකාවට අවස්ථාව ලැබුණා. ඒ ඉවත දමන ප්ලාස්මාව විදේශයන්ට ලබා දීලා රටට ආදායමක් ලබා ගන්න. ඒ ප්ලාස්මාව භාවිතා කරලා නිපදවන ඖෂධ නිපදවීමට තාක්ෂණය සහිත රටවලට, අතිරික්ත ප්ලාස්මාව ලබා දීමෙන්... මේක කරන්නේ ටෙන්ඩර් පටිපාටියකට, රජයෙන්. මේ ලිපියේ කියවෙන්නේ, ඒ ටෙන්ඩර් පටිපාටියට අනුව, ඉවත දැමීමට නියමිත ප්ලාස්මාවෙන් රටට ආදායමක් ලබා ගැනීම ගැනයි....
පිළිකුලක්, හිරිකිතයක් දැනෙනවා මේ වගේ පුවත් දකිද්දී...
බලයේ සිටින්නන් නීතිය සහ ප්‍රමිතිය 100%ක් ක්‍රියා නොකරන්න බිය නැතිවීම අපගේ අවාසනාවකි. මේ රටේ ඇති වංචනික දේශපාලනය සහ එහි නියමුවන් වෙනස් කිරීමට අප හට නාගනන්ද මහතා වැඩ පිළිවෙලක් මේසය මත තබා ඇත. එය කියවා දැනුවත්වී, 2020දී අපි දියුණු, සාධාරණ ලෝකයට යන මාර්ගයට පිවිසෙමු. එහෙම නැත්නම්, වැදී බණ කියමින්, රටේ සම්පත් සූරාකමින් කෑදර ලෙස මඩිය තරකරගන්නා තක්කඩියන් රැලක් සමග නැවතවරක් නැගිට, මගුල් කමු.
රවී කුමුදිෂ් ගේ කතාවයි? චීටා ගේ කතාවයි? කාසියේ කොයි පැත්තද කියලා මාධය විසින් මේ ලිපිය පලකල ආකාරයෙන්ම නිසි විමර්ශනයක් කර සත්‍ය මහා ජනතාවට එලිදරව් කලොත් වඩාත් යෙහෙකියි.
අයියෝ මේ රට මොකාද හරි මොකාද වැරදි කියල හිතා ගන්න බෑ. ඔක්කොම රට කනවා.
ඔබට ස්තුතියි චීටා මේගැන පැහැදිලි කරදුන්නට.
වෛද්‍ය මාෆියාවේ ප්‍රධානියෙකුත් සම්බන්ධ වෙලා ලංකාවේ කරගෙන ගිය ඉන්දියන් ජාතිකයින්ගේ වකුගඩු ජාවාරමක් ගැන දැන් කාටවත් මතකත් නැහැ වගේ... එවැනි ජාවාරම් කළ අයට, මේවත් වැඩද? නිසි විමර්ශනයක් කළොත්, දැනගන්න ලැබෙයි... ප්‍රමිතිගත විශේෂඥ මාෆියාකාරයින් මේ ජාවරමේත් යට සිටින බව...
මහ ජරා වැඩ!