IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


රතන හිමියෝ භාරකාර ආණ්ඩුවක් ඉල්ලති

(මුදිතා දයානන්ද)
 
රටේ දැනට පවතින අරාජිකත්වය නැති කිරීමට මහමැතිවරණයක් පැවැත්වෙන තුරු මැති ඇමතිවරු සියලූ දෙනා ඉවත් වී භාරකාර ආණ්ඩුවක් යටතට රට පත්කරන්න යැයි අතුරලියේ රතන හිමියෝ අද (25) පැවසූහ.

 
රතන හිමියන් මෙසේ පැවසූයේ රාජගිරිය සදහම් අසපුවේදී පැවති මාධ්‍ය හමුවකදීය. උන්වහන්සේ මෙසේද පැවසූහ.
 
    ‘‘ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් පිළිබඳවත් එයට රටේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සම්බන්ධ බවටත් තොරතුරු හෙළිවෙමින් පවතිනවා. රෝ ඔත්තු සේවයත් එයට සම්බන්ධ බවට පසුගියදා කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රකාශ වී තිබුණා.
 
කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් හතර දෙනෙකු රෝ ඔත්තු සේවයට සම්බන්ධ බවට මහින්ද අමරවීර ඇමැතිවරයා ප‍්‍රකාශ කරනවා. අපි හිතනවා එතුමා ආවාට ගියාට එවැනි ප‍්‍රකාශයක් කරන්නේ නැහැ කියලා.
 
මේ සියල්ල සලකා බලන විට රටේ ජාතික ආරක්ෂාව තිබෙන්නේ බරපතල අනතුරක බව නම් පැහැදිලියි. තවදුරටත් මෙවැනි කැබිනට් මණ්ඩලයක් එක්ක මේ ආණ්ඩුවට රටක වගකීමක් දරන්න බැහැ.
 
දැන් රටම කැළඹිලා තියෙන්නේ. ඒ නිසා වහාම ජනාධිපති සතු බලතල භාවිතා කර මේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර සියලූ පක්ෂ එකතු කරගෙන භාරකාර ආණ්ඩුවක් බිහිකළ යුතුයි. එය මේ වෙලාවේ කළ යුතු අනිවාර්ය කාර්යයක් ලෙයසි මා දකින්නේ. ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කීපයේදී සියලූ පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.‘‘



අදහස් (12)

රතන හිමියෝ භාරකාර ආණ්ඩුවක් ඉල්ලති

සතයපාල Thursday, 25 October 2018 01:47 PM

එහෙම කරලා හරි ඇමතිකමක් ලැබුනොත් ඇති නේද ?

:       0       0

රවින් Thursday, 25 October 2018 01:49 PM

මහණ දම් පුරන්න ගියේ සසරෙන් මිදෙන්න මිසක් සංසාරය තුල කිඳා බසින්න නොවේ.

:       0       0

iron Thursday, 25 October 2018 02:42 PM

අනේ මන්දා මෙයාලගේ දිව හැරෙන හැරෙන පැත්තට කතා කරනවා ... අට කටු නැති නිසා වෙන්න ඇති ඔහොම දිව හැසිරෙන්නේ... හත් දෙයියනේ ...!!!

:       0       1

sirimal Thursday, 25 October 2018 03:11 PM

නැතුව නැතුව. මහින්ද මහත්තයා ආවොත් එහාට එකතු වෙන බව කලින්ම අපි දැනගෙනයි උන්නේ.

:       0       0

Mahee Thursday, 25 October 2018 08:13 PM

ඔව් ඒක හොඳයි.

:       0       0

gunarathna Friday, 26 October 2018 12:04 AM

දැන් තියෙන්නේ මොන ආණ්ඩුවක්ද එතකොට. දැනුත් තියෙන්නේ ඔය කියන පක්ෂ එකතුවෙලා හදපු ආණ්ඩුවක්ම තමා.

:       0       0

de silva Friday, 26 October 2018 03:53 AM

භාරකාර ආණ්ඩු කෙසේ වෙතත් , අලුත් ඡන්දයකට යාම හොඳ දෙයක් එතකොට රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකක් රට පාලනය කරවී අනිත් එක ශක්තිමත් විපක්ෂයක කාර්ය භාරය ඉටු කරවී , මේ තිබෙන තත්වය තුළ රටේ ආර්ථිකය දිනේන් දින කඩා වැටෙන අතර පක්ෂ විපක්ෂ දේශපාලකයෝ සියලු දෙනාම එකතුවී රට සූරාකන බව පෙනේ...... කව්රුවත් වගකීමක් ගන්නේ නැත...... නායකයෝ දෙන්න අවුරුදෙන් 60% වැඩි කාලයක් ගත කරන්නේ පිට රට හෝ ගුවන් යානාවල

:       3       2

Thilak Friday, 26 October 2018 04:00 AM

ප්‍රත්පතියක් නැති තවත් අයෙක්

:       12       27

Piyawardana Friday, 26 October 2018 04:19 AM

බොරදියේ මලු බානවා. කරුණාකර ඔබ වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරගෙන අපේ ආගමට හා බුදුරදුන්ට අගෞරව නොකර නිශ්ශබ්ද වන්න.

:       26       60

Arun Friday, 26 October 2018 04:56 AM

ඉහේ ඉදන් කන කෑම සල්ලිවලටද ?

:       0       2

අරුන Friday, 26 October 2018 05:30 AM

ජාතික ලැයිස්තුවෙන් තියන හයිය...........

:       0       2

Nandana Friday, 26 October 2018 06:17 AM

තණ්හාව ජායති සෝකෝ .......

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 617 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 821 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 355 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site