(මුදිතා දයානන්ද)
රටේ දැනට පවතින අරාජිකත්වය නැති කිරීමට මහමැතිවරණයක් පැවැත්වෙන තුරු මැති ඇමතිවරු සියලූ දෙනා ඉවත් වී භාරකාර ආණ්ඩුවක් යටතට රට පත්කරන්න යැයි අතුරලියේ රතන හිමියෝ අද (25) පැවසූහ.
රතන හිමියන් මෙසේ පැවසූයේ රාජගිරිය සදහම් අසපුවේදී පැවති මාධ්‍ය හමුවකදීය. උන්වහන්සේ මෙසේද පැවසූහ.
‘‘ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් පිළිබඳවත් එයට රටේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සම්බන්ධ බවටත් තොරතුරු හෙළිවෙමින් පවතිනවා. රෝ ඔත්තු සේවයත් එයට සම්බන්ධ බවට පසුගියදා කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රකාශ වී තිබුණා.
කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් හතර දෙනෙකු රෝ ඔත්තු සේවයට සම්බන්ධ බවට මහින්ද අමරවීර ඇමැතිවරයා ප‍්‍රකාශ කරනවා. අපි හිතනවා එතුමා ආවාට ගියාට එවැනි ප‍්‍රකාශයක් කරන්නේ නැහැ කියලා.
මේ සියල්ල සලකා බලන විට රටේ ජාතික ආරක්ෂාව තිබෙන්නේ බරපතල අනතුරක බව නම් පැහැදිලියි. තවදුරටත් මෙවැනි කැබිනට් මණ්ඩලයක් එක්ක මේ ආණ්ඩුවට රටක වගකීමක් දරන්න බැහැ.
දැන් රටම කැළඹිලා තියෙන්නේ. ඒ නිසා වහාම ජනාධිපති සතු බලතල භාවිතා කර මේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර සියලූ පක්ෂ එකතු කරගෙන භාරකාර ආණ්ඩුවක් බිහිකළ යුතුයි. එය මේ වෙලාවේ කළ යුතු අනිවාර්ය කාර්යයක් ලෙයසි මා දකින්නේ. ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කීපයේදී සියලූ පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.‘‘
COMMENTS
එහෙම කරලා හරි ඇමතිකමක් ලැබුනොත් ඇති නේද ?
මහණ දම් පුරන්න ගියේ සසරෙන් මිදෙන්න මිසක් සංසාරය තුල කිඳා බසින්න නොවේ.
අනේ මන්දා මෙයාලගේ දිව හැරෙන හැරෙන පැත්තට කතා කරනවා ... අට කටු නැති නිසා වෙන්න ඇති ඔහොම දිව හැසිරෙන්නේ... හත් දෙයියනේ ...!!!
නැතුව නැතුව. මහින්ද මහත්තයා ආවොත් එහාට එකතු වෙන බව කලින්ම අපි දැනගෙනයි උන්නේ.
ඔව් ඒක හොඳයි.
දැන් තියෙන්නේ මොන ආණ්ඩුවක්ද එතකොට. දැනුත් තියෙන්නේ ඔය කියන පක්ෂ එකතුවෙලා හදපු ආණ්ඩුවක්ම තමා.
භාරකාර ආණ්ඩු කෙසේ වෙතත් , අලුත් ඡන්දයකට යාම හොඳ දෙයක් එතකොට රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකක් රට පාලනය කරවී අනිත් එක ශක්තිමත් විපක්ෂයක කාර්ය භාරය ඉටු කරවී , මේ තිබෙන තත්වය තුළ රටේ ආර්ථිකය දිනේන් දින කඩා වැටෙන අතර පක්ෂ විපක්ෂ දේශපාලකයෝ සියලු දෙනාම එකතුවී රට සූරාකන බව පෙනේ...... කව්රුවත් වගකීමක් ගන්නේ නැත...... නායකයෝ දෙන්න අවුරුදෙන් 60% වැඩි කාලයක් ගත කරන්නේ පිට රට හෝ ගුවන් යානාවල
ප්‍රත්පතියක් නැති තවත් අයෙක්
බොරදියේ මලු බානවා. කරුණාකර ඔබ වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරගෙන අපේ ආගමට හා බුදුරදුන්ට අගෞරව නොකර නිශ්ශබ්ද වන්න.
ඉහේ ඉදන් කන කෑම සල්ලිවලටද ?
ජාතික ලැයිස්තුවෙන් තියන හයිය...........
තණ්හාව ජායති සෝකෝ .......