IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රත්නපුර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය අවිස්සාවේල්ලට ගෙනයාමට විරෝධය

(ලසන්ත නිරෝෂණ පෙරේරා )     
  
රත්නපුර නියොජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය අවිස්සාවේල්ල නගරයට  ගෙන යෑමට  විරෝධය පළකරමින්  කම්කරු ජනතාව, පළාත් පාලන නියෝජිතවරු ඇතුළු පිරිසක් එම කාර්යාලය ඉදිරිපිටදි අද (15) උද්ඝෝෂණයක නිරතවුහ.
 
කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය රත්නපුර බණඩාරනායක පාරේදී හරස් කරමින් විරෝධතා පළකළ එම පිරිස පසුව නියොජ්‍ය කම්කරු කාර්‍යාලය ‍ තුළට ගොස්  නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයා හමුවුහ. එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර එම කාර්යාලය තුළදී රත්නපුර මහා නගර සභාවේ සහ රත්නපුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක්  විරෝධතාව පළකළහ. 
 
රත්නපුර දිස්ත්‍රික්කයේ කම්කරු ජනතාව වෙනුවෙන් පිහිටි මෙම කාර්යාලය දිස්ත්‍රික්කයෙන් පිටත පිහිටි අව්ස්සාවේල්ල නගරයට ගෙන යෑමට ගෙන තිබෙන තීරණය ඉවත් කරගන්නා ලෙස විරෝතාවයට එක්වු කම්කරු වෘත්තීය සමිති නියෝජිතවරු සහ පළාත් පාලන ආයතන නියෝජිතවරු  මෙහිදී ඉල්ලා සිටියහ.   
 
රත්නපුර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් එස්.ඒ.වසන්ත අල්ගම මහතා මෙහිදී පැවසුවේ මෙය රජය ගත් තීරණයක් බවයි. නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයා සමග සාකච්ඡාවෙන් ප්‍රයෝජනයක් නැතැයි පවසමින් විරෝධතාකරුවෝ නැවත ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් පමණක් අවහිර කරමින් පැයක පමණ කාලයක් විරෝධතාවයේ යෙදුණහ. 
 
රත්නපුර දිස්ත්‍රික්කයේ දුප්පතුන් අහිංසක වතුකම්කරුවන් ඇතුළු කම්කරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ඇති මෙම කම්කරු කාර්යාලය දිස්ත්‍රික්කයෙන් පිටතට ගෙන යෑමෙන් කිලෝමීටර සිය ගණන් දුරක ගොස් සේවා ලබාගැනීමට සිදුවීම අසාධාරණ බවත්, මේ ගැන රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේද අවධානය යොමුවිය යුතු බවත් ඔවුහු කීහ.
 
කම්කරු කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමට පසුගිය රජය සමයේදී රත්නපුර නගරයේ මුල්ගලක් ද තබා තිබියදී එය නගරයෙන් පිටතට ගෙන යෑම වහාම නතර කරන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ. 
 
රත්නපුර මහ නගර සභාව, රත්නපුර ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු  පිරිසක්ද විරෝධතාවට සහභාගී වූහ.



අදහස් (0)

රත්නපුර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය අවිස්සාවේල්ලට ගෙනයාමට විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site