IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රත්නපුරේ නීතීඥවරු අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක

(අජිත්ලාල් ශාන්තඋදය සහ අප්සරා යෝසිත් විජේසූරිය)
 
අධිකරණයේ ස්වාධීනත්වයට නීතීඥවරුන් අත නොතැබිය යුතු යැයි පවසමින් නීතීඥවරු පිරිසක් අද(14) රත්නපුර අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.
 
මෙම විරෝධතාවට නීතීඥවරු සහ නීතීඥවරියෝ 45දෙනෙක් පමණ එක්ව සිටියහ.
 
නීතීඥ සංගමයේ රත්නපුර ශාඛාවේ සභාපති නීතීඥ ප‍්‍රජාපාලී අතුකෝරළ මහත්මිය එහිදී පැවසුවේ මෙම විරෝධතාව කිසිම පුද්ගලයෙකු ආරක්‍ෂා කිරීම සඳහා නොවන බවය.
 
“නීතියේ ආධිපත්‍ය මේ රටේ සුරැකිය යුතුයි කියන අරමුණයි  අපේ තියෙන්නේ. අපි හැමවිටම අපේ සේවාදායකයන් වෙනුවෙනුයි පෙනී සිටින්නේ. ඔවුන්ට නීතියේ රැකවරණ තිබිය යුතුයි. නීතිය ස්වාධීන විය යුතුයි” නීතීඥ ප‍්‍රජාපාලී අතුකෝරළ මහත්මිය කීවාය.
 
“නීතියේ ආධිපත්‍ය නැතිවී ගිය දුෂ්කර අවධිවලත් නීතීඥවරු ඒ වෙනුවෙන් පෙනී සිටියා. දැන් තියෙන්නේ නීතියේ ආධිපත්‍යයද පුද්ගලයෙකුගේ ආධිපත්‍යයද යන්නයි. පුද්ගලයෙකුගේ ආධිපත්‍ය වෙනුවෙන් නීතීඥයෝ කිසිවිටක කැප වෙන්නේ නැහැ. නීතියේ ආධිපත්‍ය ආරක්‍ෂා කරන්න ඉදිරිපත්වන මොහොතේ අපි ඇඳගෙන සිටින ඇඳුම හැර වෙනත් ආයිත්තම්, කණ්ණාඩි අත්හරින්න සූදානම්. දේශපාලන මතිමතාන්තර, පුද්ගල අදහස්, අරමුණු ඒ ඔක්කෝම අපි අත්හැර දානවා.
 
නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, පුද්ගලයාගේ නිදහස, පුද්ගලයාගේ ආරක්‍ෂාව, සමාජයේ ආරක්‍ෂාව, සමාජයේ ප‍්‍රගමණය කියන මේ කරුණු ගැන නීතීඥයන් තුළ තිබිය යුතු කැපවීමයි මේ විරෝධතාවෙන් පෙන්නුම් කරන්නේ. මේවා රැකගන්න නීතීඥවරු සමග එක්වෙන්න කියලා අපි ජනතාවටත් ආරාධනා කරනවා” යැයි ද රත්නපුර නීතීඥ සංසදයේ ලේකම් නිතීඥ විජයානන්ද පීරිස් මහතා පැවසීය.
 
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රත්නපුර ආසන සංවිධායක නීතීඥ ප‍්‍රියන්ත කරුණාතිලක මහතා මෙසේ කීය.
 
“අත්අඩංගුවට ගැනීම් ආදි කරුණු කිහිපයකදී නීතියේ සීමාව ඉක්මවා යනවාද කියන කතා මහ සමාජයේ ඇති වෙමින් යනවා. කොළඹ, ඇඹිලිපිටිය වාගේ තැන්වල නීතීඥ සංගම් මේවනවිටත් ඊට විරෝධය පළකරමින් තියනවා. අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන බලපෑම් සම්බන්‍ධයෙන් අද රත්නපුරේ නීතීඥවරු මේ විරෝධය පළකරන්නේ. දේශපාලනයෙන්, පරිපාලනයෙන්, අධිකරණ ක්ෂේත‍්‍රයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් සිදුවෙනවා නම් ඒ සියල්ලම වැළැක්වීමේ ඉඩකඩක් තියනවා.
 
‘නීත්‍යානුකූල නොවනෙ, නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් වළක්වන්න කියලා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියලා තිබියදී  සමහර විනිසුරුවරුන් සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගන්නට නියෝග කර ඇති බව දැනගන්නට තියනවා. ඒ සම්බන්‍ධයෙන් බරපතල කම්පනයක් නීතීඥවරුන් අතර තියනවා” යැයිද කරුණාතිලක නීතීඥවරයා පැවසීය.



අදහස් (3)

රත්නපුරේ නීතීඥවරු අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක

Nimal Friday, 14 February 2020 07:15 AM

කට සැර නෝනගේ කට්ටිය වෙන්න ඇති.

:       0       0

Mahee Friday, 14 February 2020 08:44 AM

මේ පුවත කියෙව්වාම යන්තමින් හිතාගන්න පුළුවන් මේ ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නීතිපති දුන් නියෝගයට විරෝධය පෑමක් වගේ කියලා. ඒත් ඒකවත් කියාගන්න තරම් හයියක් මේ ගෝල්ලන්ට නෑ කියන එකත් ඔවුන්ගේ දියාරු වචනවලින්ම පේනවා...

:       0       14

චමින්ද Friday, 14 February 2020 04:40 PM

මේ සල්ලිවලට ඕනෑම පචයක් අරින අයනේ... නීතියට මුවාවෙලා මේ අය උසාවිය ඇතුලේ බොරු කියන මොවුන් ඉගෙනගෙන තියෙන්නේ බොරු කියන්නද කියලා හිතෙනවා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site