(අජිත්ලාල් ශාන්තඋදය සහ අප්සරා යෝසිත් විජේසූරිය)
අධිකරණයේ ස්වාධීනත්වයට නීතීඥවරුන් අත නොතැබිය යුතු යැයි පවසමින් නීතීඥවරු පිරිසක් අද(14) රත්නපුර අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.
මෙම විරෝධතාවට නීතීඥවරු සහ නීතීඥවරියෝ 45දෙනෙක් පමණ එක්ව සිටියහ.
නීතීඥ සංගමයේ රත්නපුර ශාඛාවේ සභාපති නීතීඥ ප‍්‍රජාපාලී අතුකෝරළ මහත්මිය එහිදී පැවසුවේ මෙම විරෝධතාව කිසිම පුද්ගලයෙකු ආරක්‍ෂා කිරීම සඳහා නොවන බවය.
“නීතියේ ආධිපත්‍ය මේ රටේ සුරැකිය යුතුයි කියන අරමුණයි අපේ තියෙන්නේ. අපි හැමවිටම අපේ සේවාදායකයන් වෙනුවෙනුයි පෙනී සිටින්නේ. ඔවුන්ට නීතියේ රැකවරණ තිබිය යුතුයි. නීතිය ස්වාධීන විය යුතුයි” නීතීඥ ප‍්‍රජාපාලී අතුකෝරළ මහත්මිය කීවාය.
“නීතියේ ආධිපත්‍ය නැතිවී ගිය දුෂ්කර අවධිවලත් නීතීඥවරු ඒ වෙනුවෙන් පෙනී සිටියා. දැන් තියෙන්නේ නීතියේ ආධිපත්‍යයද පුද්ගලයෙකුගේ ආධිපත්‍යයද යන්නයි. පුද්ගලයෙකුගේ ආධිපත්‍ය වෙනුවෙන් නීතීඥයෝ කිසිවිටක කැප වෙන්නේ නැහැ. නීතියේ ආධිපත්‍ය ආරක්‍ෂා කරන්න ඉදිරිපත්වන මොහොතේ අපි ඇඳගෙන සිටින ඇඳුම හැර වෙනත් ආයිත්තම්, කණ්ණාඩි අත්හරින්න සූදානම්. දේශපාලන මතිමතාන්තර, පුද්ගල අදහස්, අරමුණු ඒ ඔක්කෝම අපි අත්හැර දානවා.
නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, පුද්ගලයාගේ නිදහස, පුද්ගලයාගේ ආරක්‍ෂාව, සමාජයේ ආරක්‍ෂාව, සමාජයේ ප‍්‍රගමණය කියන මේ කරුණු ගැන නීතීඥයන් තුළ තිබිය යුතු කැපවීමයි මේ විරෝධතාවෙන් පෙන්නුම් කරන්නේ. මේවා රැකගන්න නීතීඥවරු සමග එක්වෙන්න කියලා අපි ජනතාවටත් ආරාධනා කරනවා” යැයි ද රත්නපුර නීතීඥ සංසදයේ ලේකම් නිතීඥ විජයානන්ද පීරිස් මහතා පැවසීය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රත්නපුර ආසන සංවිධායක නීතීඥ ප‍්‍රියන්ත කරුණාතිලක මහතා මෙසේ කීය.
“අත්අඩංගුවට ගැනීම් ආදි කරුණු කිහිපයකදී නීතියේ සීමාව ඉක්මවා යනවාද කියන කතා මහ සමාජයේ ඇති වෙමින් යනවා. කොළඹ, ඇඹිලිපිටිය වාගේ තැන්වල නීතීඥ සංගම් මේවනවිටත් ඊට විරෝධය පළකරමින් තියනවා. අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන බලපෑම් සම්බන්‍ධයෙන් අද රත්නපුරේ නීතීඥවරු මේ විරෝධය පළකරන්නේ. දේශපාලනයෙන්, පරිපාලනයෙන්, අධිකරණ ක්ෂේත‍්‍රයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් සිදුවෙනවා නම් ඒ සියල්ලම වැළැක්වීමේ ඉඩකඩක් තියනවා.
‘නීත්‍යානුකූල නොවනෙ, නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් වළක්වන්න කියලා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියලා තිබියදී සමහර විනිසුරුවරුන් සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගන්නට නියෝග කර ඇති බව දැනගන්නට තියනවා. ඒ සම්බන්‍ධයෙන් බරපතල කම්පනයක් නීතීඥවරුන් අතර තියනවා” යැයිද කරුණාතිලක නීතීඥවරයා පැවසීය.
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රත්නපුරේ නීතීඥවරු අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක
Nimal Friday, 14 February 2020 07:15 AM
කට සැර නෝනගේ කට්ටිය වෙන්න ඇති.
Mahee Friday, 14 February 2020 08:44 AM
මේ පුවත කියෙව්වාම යන්තමින් හිතාගන්න පුළුවන් මේ ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නීතිපති දුන් නියෝගයට විරෝධය පෑමක් වගේ කියලා. ඒත් ඒකවත් කියාගන්න තරම් හයියක් මේ ගෝල්ලන්ට නෑ කියන එකත් ඔවුන්ගේ දියාරු වචනවලින්ම පේනවා...
චමින්ද Friday, 14 February 2020 04:40 PM
මේ සල්ලිවලට ඕනෑම පචයක් අරින අයනේ... නීතියට මුවාවෙලා මේ අය උසාවිය ඇතුලේ බොරු කියන මොවුන් ඉගෙනගෙන තියෙන්නේ බොරු කියන්නද කියලා හිතෙනවා....