IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


රත්නපුර නගරයේ උණුසුම් තත්ත්වයක්

(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර  නියෝජ්‍ය  කම්කරු කොමසාරිස් කාර්යාලය අව්ස්සාවේල්ල නගරයට  ගෙන යෑමට  විරෝධය පළකරමින් වතු කම්කරුවන් සහ වෘත්තීය සමිති නියෝජිතයින්  ඇතුළු   දහසකට ආසන්න පිරිසක් දෙවැනි දිනයටත් අද (17)  රත්නපුර නගරයේ උද්ඝෝෂණය කළ අතර පොලිසිය සහ උද්ඝෝෂකයින් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය.
 
රත්නපුර   නගරයේ සිට  කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ රත්නපුර බන්ඩාරනායක පාරේ පිහිටි දිස්ත්‍රික් කම්කරු කාර්යාලය දක්වා විරෝධතා පාගමනකින් පැමිණි පිරිස කම්කරු කාර්යාලය ඉදිරිපිට  උද්ඝෝෂණය  ආරම්භ කළහ.  
 
ඉන් පසුව රත්නපුර  කොළඹ ප්‍රධාන මාර්ගය දෙපසට වි උද්ඝෝෂණය කළ පිරිස විනාඩි  විස්සකට ආසන්න කාලයක් මාර්ගය හරස් කරමින් විරෝධතා දැක්වුහ.එම පිරිස ඉවත් කිරිමට උත්සහ ගත්  පොලිස් නිලධාරීන් ට බධා කිරිම නිසාඑහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.  
 
පොලිසිය ට පහරදිමට  ගිය අයෙකු එක් පුද්ගලයෙකු පොලිසිය භාරයට ගත්අතර පසුව ඔහු මුදාහැරියේය.රත්නපුර සහකාර පොලිස් අධිකාරි  නිශ්ශංක  මහතා පැමිණ  වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කිරිමට බලධාරියෙකු සම්බන්ධව කරදෙන බව කිවේය .රත්නපුර දිස්ත්‍රික්කයේ කම්කරු ජනතාව වෙනුවෙන් පිහිටි මෙම කාර්යාලය දිස්ත්‍රික්කයෙන් පිටත පිහිටි අව්ස්සාවේල්ල නගරයට ගෙන යෑමට ගෙන තිබෙන තීරණය ඉවත් කරගන්නා ලෙස විරෝතාවයට එක්වු කම්කරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ   කම්කරු ජනතාව මෙහිදී ඉල්ලා සිටියහ.  
 
ඇතැම් නිලධාරීන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් මෙවැනි තිරණයක් ගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික්කයේ පොදුජන වතු කම්කරු සංවිධානයේ ලේකම් අර්.ඒ .රාජරත්නම් මහතා කිවේය.  



අදහස් (1)

රත්නපුර නගරයේ උණුසුම් තත්ත්වයක්

අප්පුහාමි Thursday, 17 September 2020 02:48 PM

රත්නපුර දිස්ත්‍රික්කයේ වගේම රටේ දියුණවට තමශ්‍රමය වැයකර අවසානයේ ලැබෙන අරථසාධක අරමුදල් වැනි ප්‍රතිලාභ ගැනීමට පළාතෙන් බැහැර දිස්ත්‍රික්කයෙන් බැහැර කොළඹ දිස්ත්‍රිකකයට යාමට තබා තමාගේ ප්‍රදේශයේවත් අවශ්‍ය තැන්වලට යාමට නොදත් මෙම අහිංසක මිනිසුන්ට මෙහෙම හිරිහැර කිරීම සාධාරණද? හම්බන්තොට දිස්ත්‍රික්කයට මායිම් වන තුංකම වැනි දුරුබැහැර පෙදෙස් හා බලංගොඩ වලේබොඩ වැනි ප්‍රදේශවලත් කලවාන, අයගම, වැද්දාගල වැනි දුරුබැහැර ප්‍රදේශවල අසරණ කම්කරුවන්ටත් තිබෙන මෙම කාර්යාලය අවිස්සාවේල්ලට ගෙනයාම මරණ දඬුවම නියම වූ අයෙකුට පාර්ලිමේන්තු යාමට කැමැත්ත දීමට දුන් දඬුවමක්ද? මෙය අවිස්සාවේල්ලට ගෙනයාම නොකර නාරාහේන්පිට දෙපාර්තමේන්තුවටම ගෙනයාමට බලධාරීන්ට නොසිතුනේද නැත්නම් පසුව කොළඹට ගෙනයාමේ අදහසින් කළ දෙයක්ද? රත්නපුර ජනතාවට මෙහෙම කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කය මේ රටේ පෙදෙසක් නොවන නිසාද?

:       1       105

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site