ඩී.ජී.සුගතපාල
රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 17 දෙනා ඉදිරිපත් කර තිබු ඇප අයදුම්පත් දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පි.එස්. නිස්සංක මහතා හමුවේ අද (17) සළකා බැලීමට ගත් අවස්ථාවේ රජයේ නිතිඥවරිය පැමිණ නොසිටීමෙන් 22 දා දක්වා කල් තැබීය.
මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ එදිනට විරෝධතා ගොනු කරන ලෙසයි.
පසුගිය ජනවාරි 23 වැනිදා රත්ගම බුස්ස ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් මරා පුළුස්සා දැමීම සම්බන්ධයෙන් දැනට විසුරුවා හැර ඇති දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිප ඇතුළු පොලිස් නිලධාරින් 15 දෙනෙකු ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු ද ඇතුළු සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd