ඩී.ජී.සුගතපාල
රත්ගම ද්විත්ව ඝාතනයේ පස්වන සැකකාර දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් රෝහණ යන අය මාතර බන්ධනාගාරයේ සිට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (15) නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ සැකකරුගේ නීතිඥවරයා මෝසමක් මගින් ඔහුගේ ආරක්ෂා පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මෙම නඩුව 13 වැනි දා කැඳවු අවස්ථාවේ සැකකාර සමන් රෝහණ යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියාසිටියේ සැකකරුවන් අතර ගැටුම් ඇතිව තිබෙන නිසා රඳවා තබන ස්ථාන පිළිබඳව සැළකිලිමත් විය යුතු බවයි.
රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිම සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා , පොලිස් නිලධාරින් හය දෙනෙකු ද වන සංරක්ෂණ නිලධාරියකු ද ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරුවන් මාරුකරලා මිනී මැරුම වහන්න හදනවද?