IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රත්ගම සිද්ධියට උප පොලිස් පරීක්ෂකගෙන් රඳවා ප්‍රශ්න කරන්න නියෝග

ඩී.ජී.සුගතපාල
 
දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක මහතා වැඩිදුර පරික්ෂණ සඳහා පැය 48ක කාලයක් රඳවා තබා ගැනිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (22) නියෝග කළේය.

රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගැණිනි.

සැකකාර උප පොලිස් පරික්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් කරන ලද ඉල්ලීමක් අනුව මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙයට පෙර අත්අඩංගුවට ගන්නා ලද එම ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා මහතා 28 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

ඉකුත් ජනවාරි 23 වැනිදා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන ගිනි අවි ද රැගෙන පැමිණි පිරිසක්  මෙසේ පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇත්තේ රත්ගම පොලිස් වසමේ බූස්ස රත්න උදාගම පදිංචිව සිටි කොස්ම රසික් චින්තක සහ අසේල මංජුල කුමාර නමැති දෙදෙනෙකි.


 



අදහස් (1)

රත්ගම සිද්ධියට උප පොලිස් පරීක්ෂකගෙන් රඳවා ප්‍රශ්න කරන්න නියෝග

sam Friday, 22 February 2019 10:28 AM

කළකල දේ පලපලදේ.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site