(ඩී.ජී.සුගතපාල)
රත්ගම බූස්ස රත්නඋදාගමදි පැහැරගනු ලැබු පුද්ගලයින් දෙදෙනා පහරදී ඝාතනය කරන ලද බවට සැකකරන අක්මිමණ ගොනාමුල්ල ප්‍රදේශයේ නිවස ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් අද (22) පස්වරුවේ පරික්ෂා කරනු ලැබිය.
මෙම අවස්ථාවට කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිණි එල්.එච්.සමාධි මහත්මියද සහභාගි වුවාය.
මෙම නිවස ගාල්ල නගරයේ සිට උඩුගම ප්‍රධාන මාර්ගයේ කිලෝ මිටර් 12 ක් පමණ දුරින් ගොනාමුල්ල ප්‍රදේශයේ කන්දක් උඩ හුදකලා වු ස්ථානයක පිහිටා ඇති අතර පැහැර ගත් දෙදෙනාගේ රත්ගම නිවෙස්වල සිට කිලෝ මිටර් 20ක් පමණ දුරින් පිහිටා ඇත.
මෙම නිවසේ පදිංචිකරු ප්‍රධාන මාර්ගය අයිනේ වෙළඳසලක් පවත්වා ගෙන යන පුද්ගලයකු වන අතර දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින දකුණු පළාත් අපරාධ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ත මහතාගේ සමිපතම මිතුරෙකු බවද අනාවරණය වි ඇත.
නිවෙස් හිමියා පැවසුවේ තමා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා අතර පොලිස් පරික්ෂකවරයා පැමිණ තමාගෙන් නිවසේ යතුර ඉල්ලාගෙන ගිය බවය. සිරිත් පරිදි සවස තමා නිවසට ගිය බවත් මිනීමැරුමක සළකුණු නොතිබුණ බවත් ඔහු පැවසිය.
මෙතෙක් කරන ලද පරික්ෂණවලදි අනාවරණය වි ඇත්තේ එම නිවස අසළම ව්‍යාපාරිකයෙකුගේ සුඛෝපභෝගි වැන් රථයකින් මෙම දෙදෙනා පැහැරගෙනවිත් වෙනත් කැබ් රථයකට නංවාගෙන මෙම නිවසට ගෙන ගොස් මරාදමා ඇති බවයි. පසුව මළ සිරුරු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථානයකට ගෙන ගොස් විනාශකර ඇති බවට සැකකරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් ජනවාරි 23 වැනි දා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන ගිනි අවි ද රැගෙන පැමිණි පිරිසක් මෙසේ පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇත්තේ රත්ගම පොලිස් වසමේ බූස්ස රත්න උදාගම පදිංචිව සිටි කොස්ම රසික් චින්තක සහ අසේල මංජුල කුමාර නමැති දෙදෙනෙකි.
මෙම පැහැරගෙන අතුරුදන් කිරිම සම්බන්ධයෙන් මෙයට පෙර අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ද සිල්වා මහතා 28 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
මේ අතර අද (22) උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එම ඒකකයේ උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංඛ මහතා පැය 48ක් රඳවා ගැනිමේ නියෝගයක් ලබා දුන්නේය.
පළමුවෙන්ම මේ පිළිබඳව පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ පැවැත්වු අතර එක් පොලිස් කණ්ඩායමක් විසින් මෙම පැහැර ගැනිමට යොදා ගෙන ඇති සුඛෝපභෝගි වෑන් රථය අක්මීමණ පොලිස් වසමේ ගොනාමුල්ලේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබියදී සොයාගෙන ඇත.
පැහැර ගැනිමෙන් දින දෙකකට පසු පැමිණි පිරිසක් වෑන් රථය හිමිකරුගේ නිවසේ ආරක්ෂිත කැමරාවේ ඩී.වී.ආර්.කොටස ගලවා ගෙන ගොස් ඇති බවත් පරික්ෂණ වලදී අනාවරණය වි තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඟුලානේ ඝාතනයේ වැරදිකරුවන්ට නීතියෙන් ලැබුන දඬුවම් වලට අමතරව ස්වභාව ධර්මයාගෙනුත් දඬුවම් ලැබුන බව පමණක් මතක් කිරීමට කැමතියි.
මේගොල්ලන්ට නීතියෙන් දඬුවම් දී ජනතාවත් දඬුවම් දී ස්වභාව ධර්මයාගේ දඬුවමට යොමුකළ යුතුය.
මේවා කරනවා ඇත්තේ පුරුද්දට විය හැකියි. ඉස්සර කාලේ සුදුවෑන් වලින් මිනිසුන්ව අල්ලන් ගිහින් අතුරුදන් කිරීම පුහුණු කරපු`වීරයන්` වෙන්න පුළුවනි. නඩුවෙන් නිදහස් වුණොත් පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා දීම සුදුසුයි.! ජය සිකුරුයි!
මට කියන්න තියෙන්නේ මේ පළවෙනි එකවත්, අවසාන එකවත් නොවන බව මතකතියාගන්න කියලා විතරයි.
පොලිස් නිලධාරීන් ලෙස මෙවැනි අමානුෂික ක්‍රියා කරන්නේ කරුණු 2 ක මතයි. 1. ඉක්මනින් පොහොසතෙකු වීම. 2. ඉක්මනින් උසස්වීමක් ලබාගෙන අවසනේයේ නි.පො. පති වී ඉන් පසුව පොලිස්පති වෙන්න තිබෙන ආසාව නිසායි.
මේවා පොලිසියේ නිලධාරින්ට හොද පාඩම්. අනුන්ගේ කුණු ගොඩවල් තමන්ගේ ඇගට දා ගන්නේ නැතිව ප්‍රශ්නයක් තියේ නම් අධිකරණයට යොමු කරන්න කිසිම කෙනෙකුට පහර දෙන්න අයිතියක් කාටවත් නැහැ. නිල වශයෙන්වත් එහෙම බලයක් පොලිසියට නැහැ බොහෝ නිලදාරීන් ඒ බව දන්නේ නැති වීම හේතුව