තරිඳු ජයවර්ධන
රත්ගම දී පැහැරගෙන යනු ලැබූ තරුණයන් දෙදෙනාගේ ඥාතීහු ඇතුළු පිරිසක් ගාලු-කොළඹ ප්‍රධාන මාර්ගය රත්ගමදී හරස් කරගෙන විරෝධතා ඇරැඹූහ.
උදෑසන නවයට පමණ විරෝධතාව ඇරැඹි අතර තවමත් විරෝධතාකරුවෝ රැඳී සිටිති.
තරුණයන්ගේ අතුරුදන් කිරීමට අදාල සෙසු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු බල කර සිටිති.
රත්ගම දී පැහැරගත් තරුණයන් දෙදෙනා අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක දී ඝාතනය කර පුලුස්සා ඇතැයි අනාවරණය කරගත් බව රහස් පොලිසිය ඊයේ පැවසීය.
ඡායාරූප - සුමතිපාල දියගහගේ


ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන්නේ සාදාරණත්වය නේද? පහුගිය දවස්වල ප්‍රවෘති අනුව නම් සාදාරණත්වය කෙරෙන හැඩයි. තව සතියක් හෝ දෙකක් පොඩ්ඩක් ඉවසන්න. සහගහන අපරාද කරලා යහතින් ඉන්න පුළුවන් ටික දවසයි. කරපු කට්ටිය ටික ටික එලියට එනවා කියලා තිබුනේ. අපි කලබල උනොත් හරියට නඩු පවරන එකක් නැහැ. එහෙම උනොත් නිතිය කණපිට හරවන උදවියට තමයි වාසි වෙන්නේ. ඒ අයත් බලාගෙන ඉන්නේ නීතියේ හිඩැස්. තියන චෝදනා පත්‍රයේ පිටපතක් අරගෙන තමයි නැවත උද්ගෝෂණ පටන්ගතයුත්තේ. තාවකාලිකව දැනට ඉවසන්න.
මේ අපරාදේ කරපු අයගේ පවුල් පිටින් විනාශ වෙලා යන්න කියලා අපි රට පුරා පොල්ගහමු...