IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


රත්ගම ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ඩි.ජී.සුගතපාල 
 
 
රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පොලිස් නිලධාරින් හය දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බිට්ටු නිලධාරියා ඇතුළු සැකකරුවන් හත් දෙනා තව දුරටත් 27  දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියෝග කළේය.

මෙසේ තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා, උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් යන සැකකරුවන් හත් දෙනාය.

මේ සම්බන්ධ  විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දැක්වු රජයේ නීතිඥවරුන් කියා සිටියේ අපරාධය සිදුවන අවස්ථාවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සිටි තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු මේ වනවිට තම නිවෙස් වලින්ද ප්‍රදේශයෙන් ද පලාගොස් ඇති අතර ඔවුන්ට ස්ථාන මාරු ලබාදුන් පොලිස් ස්ථානවලටද වාර්තාකර නොමැති බවය.

එයට අමතරව මෙම අපරාධයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති තවත් අයෙකුද ප්‍රදේශයෙන් පලාගොස් ඇති නිසා ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් ආගමන විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියාය.
 



අදහස් (1)

රත්ගම ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

පිටිගල මිලානෝ Wednesday, 13 March 2019 09:53 AM

පුදුම 'මර්ඩර්' නේ ලංකාවේ දෙන්නේ?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 565 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site