IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


රත්ගමදී පැහැරගත් අයගේ ඥාතීන්ගෙනුත් කප්පම් ගන්න හදලා

(ඩී.ජි.සුගතපාල)

රත්ගම පැහැරගත් දෙදෙනාගේ පවුල්වලින් කප්පම් ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි  ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය පවසයි.

පොලිසිය පවසන්නේ පසුගිය 22වන දින රත්ගම පොලිසියට දුරකතනයෙන් කතාකළ පුද්ගලයෙකු තමා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු බව පවසා පැහැරගෙන යන ලද පුද්ගලයින් දෙදෙනාගේ ඥාතීන්ගේ දුරකතන අංක ලබා දෙන ලෙසත් තමාගේ මෙම දුරකතන අංකය ඔවුනට ලබාදෙන ලෙසත් පවසා ඇත.

ඒ අනුව පොලිසිය අතුරුදහන්ව සිටින රසික චින්තක යන අයගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳවන දිපිකා ප්‍රියංගා යන අයට එම දුරකතන අංකය ලබාදී තිබේ.

පසුව ඇයගේ දුරකතනයට කතාකළ පුද්ගලයෙකු තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දසනායක බවත් නිශාන්ත නමැති පොලිස් පරීක්ෂකවරයා අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනා පැහැරගෙන ඇවිත් විශාල මුදලක් ලබාගෙන වෙනත් අයෙකුට බාරදුන් බවත් දැනට එම දෙදෙනා මන්නාරමේ සිටින බවත් පවසා ඇත.

අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනා පහරදිම නිසා තුවාල ලබා සිටින බවත් දූපතක රඳවා සිටින බවත් ඩෝරා යාත්‍රාවකින් යායුතු බවත් පවසා ඇත.එනිසා ඔවුන් බේරා ගැනීමට තමාට හැකි බවත් ඒ සඳහා යම් මුදලක් වැය වන බවත් ඊෂි කෑෂ් ක්‍රමයට රුපියල් ලක්ෂ දෙකක් එවන ලෙසත් පවසා ඇත.

මේ අතර එම පුද්ගලයා මේ ගැන රත්ගම ඥාතින්ට  සැකයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා  මන්නාරම පොලිසියට කතාකර තමා ප්‍රධාන පොලිස් පරීක්ෂක දසනායක බවත් තමාගේ දුරකතනයේ මුදල් අවසන්වී ඇති නිසා තමාගේ අංකයට ඇමතුමක් ගන්නා ලෙසට දන්වන ලෙස රත්ගම කාන්තාවගේ දුරකතන අංකය ලබා දී ඇත.

ඒ අනුව එම අංකයට කතාකළ විට ඔහු පවසා ඇත්තේ ඉක්මනින්ම දිනයක කතාකරන ලෙසත් ප්‍රමාද වුනොත් කුමක් සිදුවේදැයි නොදන්නා බවත් ඔහු පවසා ඇත.

පහර ගැනීමට ලක්වූ අසේල යන අයගේ මවගේ දුරකතනයට කතා කළ පුද්ගලයෙකුද පැහැර ගන්නා ලද දෙදෙනා ජිවතුන් අතර සිටින බවත් ඔවුන් බේරා දීම සඳහා රුපියල් ලක්ෂපහක් අවශ්‍ය බවත් පවසා ඇත.

මෙම කප්පම් ගැනීමට උත්සාහ කිරිමේ සිද්ධය සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වන පොලිසිය අද (24) දහවල් වනවිට කප්පම්කරුගේ ඇමතුම ලබාගත්  රත්ගම පොලිසියේ කොස්තාපල්වරියගෙන්ද එම පණිවුඩය පැහැරගැනීමට ලක්වූ අයගේ නිවෙස්වලට ගෙනගොස් දුන් පොලිස් නිලධාරින් දෙදෙනාගෙන්ද ඔවුන්ගේ ඥාතින්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර තිබිණි.

එම ජංගම දුරකතන  පිළිබඳ අදාල දුරකතන සමාගම්වලින් දුරකතන වාර්තා ලබා ගැනීම සඳහා හෙට (25)  දිනයේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට නියමිතය.



අදහස් (2)

රත්ගමදී පැහැරගත් අයගේ ඥාතීන්ගෙනුත් කප්පම් ගන්න හදලා

anura Sunday, 24 February 2019 03:37 PM

වග කිවයුතු අය කියන්නේ මෙම දුරකථන ඇමතුම බන්ධනාගාර ගත පුද්ගලයෙකු විසින් දී ඇති බවයි. මේ අනුව හෙලිවන්නේ මේ ලෝකයේ ඇති සුපිරිම බන්ධනාගාරය ඇත්තේ ලංකාවේ බවයි. මේක හරිම කණගාටුවට කරුණක්. සාමාන්‍ය ජනතාවට දැන් කාගේ පිහිටක් දැයි සිතා බලන්න වෙනවා දැන්...

:       0       111

Sam Monday, 25 February 2019 06:26 AM

නොමග යවන යටි කූට්ටු කෝල්, පව් අර මිනිස්සු.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1891 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1516 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site