
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
යුද්දයේදී දිවිපීදූ ත්‍රිවිද හමුදා යැපෙන්නන්ගේ සංසදයේ පාගමන අතරතුර එහි ආරක්ෂාවට ගිය පොලිස් ජීප් රථයකට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් එම පාගමන සංවිධානය කළ ජමුරේවෙල චන්ද්‍රරත්න හිමියන් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
සිය සැමියන්ගේ විශ්‍රම වැටුප ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන යුද්දයේ දි දිවිපිතු රණවිරුවන්ගේ බිරින්දෑවරු කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම්කර්යාලය දක්වා සාමකාමි පාගමනක යෙදුනාහ.
අනතුරුව උද්ඝොෂණයේ යෙදුණු 1000කට පිරිස පොලිසියට ගොස් අත්අඩංගුවට ගත් ජබුරේගොඩ හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා පොලිසිය වටකරගෙන සිටිති.
මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හිමියන් කියා සිටියේ මෙම පහරදීම උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට කළ දෙයක් බවයි.





COMMENTS
ඇයි ඡන්දෙට කලින් ඔය ප්‍රශ්නේ තැඹිලි වතුර දීලා විසදුවා නේද?
දැන් සැපද?
අර කටුව ඇනිච්චි නංගි නැද්ද?
පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. ආණ්ඩුවෙන්ම පොලිසියට ගල් ගස්සවලා.
රණවිරු ගාය තාම ඉවර නැද්ද? කඩේ ගිය අයට දැන් සැප ඇතිද?
රණවිරුවන්ගේ ප්‍රශ්න ගැන දැනුමක් ඇති නායකයා ,හමුදාවේ ලොක්කොත් ලන්කරගෙන රට කරවන එකේ විසදුම් දෙයි කියලා හිතාගෙන හිටියට වැඩක් වෙලා නැහැ වගේ. ඔය ඔක්කොම සුරංගනා කතා බලයට එනකම් විතරයි .කෝ අර කියාපු සෞභාග්‍ය දැක්ම ?
(අප විශ්වාස කරන ආකාරයට) මේ ලොව බිහිවූ විශිෂ්ඨතම අධ්‍යාත්මික ශාස්තෘවරයා වූ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ චීවරය අවභාවිතා කරන ඔය බමුණන් රැලම සමාජයෙන් පන්නා දැමිය යුතුයි. යමෙක් මහණදම් පුරන්නේ මේ ලොව ඇති සියලුම භෞතික සම්පත් අතහැර... නිවන නම් වූ සසරේ ගමන කෙළවර අත්විඳීමටයි. නමුත් මේ ධර්මද්වීපය කියා බෝඩ් ගසාගෙන තිබෙන ගෝත්රිකයින්ගේ දූපතේ සිදුවන්නේ අනෙකකි. කහ සිවුරු හැඳගත් ඇතැම් ජූජක බමුණෝ කාමසුඛල්ලිකානු යෝගයේ යෙදෙති. මොන පාට පක්ෂයක වුනත් කමක් නැත.. සියලුම දුශ්ශීල ජූජක බමුණන් සමාජයෙන් පලවා හැරිය යුතුය.
විමල් කෝ?
කෝ අපේ 69ක් කට්ටිය..?