IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන්ටත් මූලික වැටුපට සමාන විශ්‍රාම වැටුපක්

(අජන්ත කුමාර අගලකඩ)

යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන් සඳහාද රණවිරු මූලික වැටුප විශ්‍රාම වැටුපක් ලෙස ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (01) පැවැති කැබිනට් රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලැබී තිබේ.

ආබාධිත රණවිරුවන්ට සේවයේදී ලැබූ මූලික වැටුප විශ්‍රාම යාමෙන් පසුවද ගෙවීමට ඉකුත් දා කැබිනට් අනුමැතිය ලබාදී තිබිණි.

ඒ ආකාරයටම රණවිරුවන්ගේ මූලික වැටුප යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන්ට ද ගෙවන ලෙස ඉල්ලා මියගිය රණවිරුවන්ගේ බිරින්ඳෑවරු පිරිසක් ඉකුත්දා කොටුව දුම්රියපොළ ඉදිරිපිටද උපවාසයක් ද කළහ.

 

 



අදහස් (8)

රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන්ටත් මූලික වැටුපට සමාන විශ්‍රාම වැටුපක්

බද්රානි Tuesday, 01 October 2019 01:13 PM

ඒ තීරණය ගැන සතුටුයි. එත් ලෝකේ කොහෙවත් ක්‍රියාත්මක නොකරන ක්‍රමවේදයක්.නමුත් ලංකාවේ සමහර මාධ්‍ය තුලින් ජනතාවට ඒත්තු ගැන්වුයේ මොවුන්ගේ විශ්‍රාම වැටුප අවුරුදු 55න් පසුව නවතන බවයි. එදා යුධ සමයේ පැවති රජයන් සහ යුද්ධයෙන් පසුවත්, නිහඩව සිට මේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කොට ඇති අවස්ථාවක තවකෙකුගේ දේශපාලන අතකොලුවක්වී ක්‍රියාකළ ආකාරය නින්දිත වුවත් රට ජාතිය වෙනුවෙන් ඔවුන් කළ කැප කිරීම වෙනුවෙන් රජය ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීම ගැන අපි පවතින රජයට ස්තුති කළ යුතුයි.යුද්ධය නිමාවීමෙන් අනතුරුව පෙට්‍රල් පිරවුම්හල් අසළ සති පොළේ, ගෙයින් ගෙට ගොස් ලොතරැයි විකුණමින් සිටි වීරෝධාර රණවිරුවන් දැන් එම ස්ථානවල පෙනෙන්න නොසිටීම ගැනත් සතුටුයි. "අපි වෙනුවෙන් අපි" අරමුදලේ මුදල් වලට සිදුවුණ දේ රණවිරුවන් නොදන්නවා විය හැකියි. අශිෂ්ඨත්වයෙන් සිදුකෙරෙන ඕනෑම අරගලයක් සිරි ලංකාව තුල ජයග්‍රහණයකින් කෙලවර කිරීමට හැකි බව නැවත වරක් අපට සපත කළා.

:       505       870

samanwimal Wednesday, 02 October 2019 05:44 AM

කට්ටියට හොදටෝම ඊරිසියා හිතිලා.අශිෂ්ඨ අරගලයක් සේ හුවා දක්වන්නේ ඒකයි.

:       10       0

Amila Tuesday, 01 October 2019 02:47 PM

මහරජාණෝ ආරක්ශක අංශ පෙන්න පෙන්න ගියාට, කරපු දෙයක් නෑ. අන්තිමට මේ ජනාධිපතිතුමා සහ ආණ්ඩුව තමයි ඒකත් විසඳුවේ.. කොහොමත් ගිරුවාපත්තුවේ හාමුලා දන්නේ ගහන්නයි මරන්නයි තමයි. මෙහෙම උපවාස කළා නම් ඒ කාලයේ, සංවිධාන කරපු අය එලොව ගිහින්...

:       0       0

iranth Tuesday, 01 October 2019 05:25 PM

සජිත්ගේ යෝජනාවට එකඟ වෙලා වගේ...

:       0       0

tharudu Tuesday, 01 October 2019 05:27 PM

ඇයි මේ මහින්ද කිව්වා මාස 3 කින් දෙනවා කියලා... එ්ක අහලා කට්ටිය ගියා. ඉතින් අැයි මේ යහපාලනේ කලබලේ...?

:       0       0

wijaesiri Wednesday, 02 October 2019 12:37 AM

මේ අතර කව්රුත් කතා නොවෙන කතාන්දරයකුත් තියෙනව. යුද්දයේදි මිය ගිය රණවිරුවන්ගෙ සමහර තරුණ බිරියන් නැවත විවාහ වුණා. එවිට ඔවුන්ට එතෙක් ලැබුණ රණවිරු වැටුප ඔවුන්ගෙන් ඉවත්කර අදාළ රණවිරුවාගේ මව්පියන්ට ගෙවනවා. ඒ අයට එච්චර මුදලක් අවශ්‍යද. අර බිරිදටත් කොටසක් දුන්නනම් නේද හොද. මොකද ඇයට එහෙම වුණේ ඇගේ වරදකින් නෙමේ නේද. නැවත විවාහ වුණත්මේ සමහරු ආර්ථික දුෂ්කරතාවෙන් පෙළෙනව. මේ ගැනත් ගරු ජනාධිපති තුමාගේ අවධානය යොමුවෙයි කියල හිතනව.

:       0       0

Lion Wednesday, 02 October 2019 01:44 AM

මේ රට බංකොලොත් රාජ්‍යයක් වෙන දවස වැඩි ඈතක නැහැ.

:       0       0

Bamunuarachchi Wednesday, 02 October 2019 02:25 AM

විශ්‍රාම වැටුප ගන්න ගියාම ගණන් කරලා බලන්න. ඔයකීවේ දෙන ප්‍රමාණය කපන කොටන ඒවා කොහොම තිබෙයිද දන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31238 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13406 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10978 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 917 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site