(අජන්ත කුමාර අගලකඩ)
රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
රට වසා දැමීමක් කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත් ,ජනාධිපතිවරයා සඳහන් කර ඇත .
කෝවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද සඳහන් කර ඇත .
COMMENTS
හොඳ තීරණයක්, නීතියට වඩා ස්වයං විනය වැදගත් ය .. අනවශ්‍ය හේතු මත අපි එළියට නොයා යුතු ය.
ඔව්. එදා වේල හොයාගෙන කනවුන් ටික ඒක හොයාගන්න ඇවිදල මැරිලා ගියාම ඒ ප්‍රශ්නයත් ඉවරයි නෙ. මොකද උන් ආයෙ ජීවිතේට මෙයාලට චන්දයක් දෙන්නෙ නෑනෙ.
ඔබ හරියටම හරි. ජෙප්පන් බලාගෙන ඉන්නේ රට වැහුවාම තව 5000කුත් ඉල්ලන්න. ජෙප්පන් ඉන්නකන් මේ රට හදන්න බැහැ..
ලංකාව දැන් ඒ තරමටම හිඟන රටක්... මේ තරම් ව්‍යවසනයකදීවත් සති 02, 03 කට රට වහලා මැරෙන මිනිස්සු ගණන අඩුකර ගන්න බැරි තරමට... හැබැයි ඡන්දයක් ළඟ තිබුණා නම් ඔය විදිහට නෙමෙයි නේද? මිනිස්සු ගැන හිතන්නේ... මේ තරමට ආර්ථිකය ගැන හිතනවානම් තව බිලියන 61... 5 ක ණයක් ගන්න යන්නේ මොකටද චීනෙන්... අපිව තවත් හිඟන්නෝ කරන්නද?
ඔය රුපියල් 5000 දෙන්න තියෙන හින්දා...!!!
සියලු මරණවලට ඒකාධිපති පාලකයා වගකිව යුතුයි.
එන්නත්කරණය කරපු ගමන් ප්‍රතිපල නොලැබෙන බව මේ දරුවට කවුරු හරි කියලා දෙන්න
ඔබ මෙරටට ශාපයක් වී ඇත, කරුනාකර ඔබ අයින් වෙන්න
ඔබතුමා නම්බු පිටින් ගෙදර යනවද .මේ රට කරන්න පුලුවන් මිනිහෙක්ට බාර දීලා. මුලු රටේම මිනිස්සු අන්දවල බලය ගත්තට තමන් මොන තරම් දුර්වලයෙක්ද කියන එක අද ඔප්පු වෙලා ඉවරයි..පින්සිදු වෙයි.තවත් මිනිස්ස්සු නොමරා තොලින්චි වෙලා යන්න..
නොතේරෙන නිසා අහන්නෙ. සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරනකොට එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් වලට ඒක බලපාන්නෙ නැතිද? ඒ අයට සංචරණ සීමා අදාල නැද්ද? එහෙම විශාල පිරිසකට බලපාන්නෙ නැති නමට විතරක් සංචරණ සීමා පනවන එකේ තේරුම මොකක්ද?
මහත්තයෝ, ඔයාට පණවන්නයි ඉවත්කරන්නයි සංචරණ සීමාවක් තියනවද? මේ රටේ ජනතාවයි, වෙළෙඳ සංගම් සහ වෛද්‍යවරු ඒ ටික කරනවානෙ......
ඔහොමම ඉන්න. මිනිස්සු මැරුණාම මොකද? ඔහොම්ම ඉන්න හොඳේ. එන්නත් ගැහුවම මැරෙන්නේ නැහැනේ. ඒ නිසා ඔය තීරණයේම ඉන්න. මේක රටට සාපයක්වූ ආණ්ඩුවක්.
රටේ යථාර්ථය අවබෝධ කරලා දෙන්න මෙයාගේ වටේ ඉන්නේ වන්දි භට්ට උපදේශකයින් නිසා මෙයාට රටේ ඇත්ත තත්වය ගැන පැහැදීමක් නැතුව වගේ...
ඔව් ගොඩක් හොඳයි සර්...
බබා කලබල වෙන්න එපා... දොයිය ගන්න. ඔයා තමයි හොඳටම කරන්නේ...
දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ?
පිස්සු වැඩක්... ගහන්න එපා..
රට වහන්න වහන්න කියලා බොරුවට කැගහ ගහ යන්නේ නැතිව තමුන් ගෙදරට වෙලා හිටියනම් ඉවරයි. තමන්ව බලෙන් ගෙදරින් එලියට දාන්නේ නෑ කවුරුවත්. රට වහලා තිබ්බත් මිනිස්සු වැඩට යන්නේ නැති එක විතරයි. නැ ගෙවල් වලයි ,යාලුවොන්ගේ ගෙවල්වල්යි යනවා. වහලා ඇරියේ ජුනි. ඊට පස්සේ උද්ඝෝෂණ .
" කීකරු වියයුතු තැන්හි කීකරු විය යුතුයි. ඍජු විය යුතු තැන්හි ඍජු විය යුතුයි " යන බුදුදහමේ ඇති ඉගැන්වීම පාලකයෙකු නොදැනීම හෝ එයට පයින් ගැසීම හෝ කරනා විට,ඇතිවෙන ප්‍රායෝගික ගැටළු ජනතාවට ඉතා හොඳින් මේ කාලයේදී වැටහේ.
විදෙස් රටවල රැකියාව කරන අය නිරතුරුවම තම ආදරණීයයන්ගේ ආරක්ෂාව ගැන විමසිලිමත් වේ. එය හොඳ දෙයකි..... ඔවුන් ඇතුළුව පහළොස් ලක්ෂයක රාජ්‍ය නිලධාරීන්ගේ සහ සෙසු ස්ථීර ආදායම්ලාභීන් ගේ කැමැත්ත ද රට වසා දැමීමයි...... ඔවුනට පුරුදු සුපිරි වෙළඳසැල් වල බඩු නිමවූ පසුව, ඔවුන් යන්නේ දුප්පත් මිනිසා යන වෙළඳසැල් වෙතටය. ඒවාද හිස් කර දමයි. ඇතැමුන් මත්පැන් ද ගබඩාකර ගනියි. .... මින් දුප්පත් මිනිසා අන්ත අසරණ වේ. රට වසා දැමුවහොත් ඔවුන්ට ආදායමක් නැත. රජයද මුහුණ දී ඇත්තේ අසීරු ගැටලුවකට ය.
උද්දච්ච කම සහ තම දේශපාලන අරමුණු පසෙක තබා කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය දැන්වත් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ප්‍රවීණයන්ට භාර දෙන්න
රටේ ආර්ථිකයත් තිබුනොත් නේ පවත්වා ගෙන යන්න ඕනේ . හරියට පැදුරෙන් වැටිච්ච කතාවක් නේ මේක. ඇඳෙන් වැටුනොත් යම් හානි වෙන්න පුලුවන්. නමුත් පැදුරෙන් වැටුනයි කියල කව්රුත් කියන්නේ නැහැ. ඒ වගේම තමයි මේ කතාවත්.
එදා මෙන්ම අදත් කොවිඩ් වසංගතය ගැන තීරණ ගන්නේ විශේෂඳවරුන් තමයි. එය තාමත් වෙනස්වී නැත.
මහත්තයෝ, ඔහේ රට වහන්නෙ නැත්තේ ආර්ථිකේ බේර ගන්නලු නේද?... ඒත් ඔහේටත් ඔහේට වන්දිහට්ටකම් කරන උපදේශකයන්ට තේරන්නෙ නැද්ද පවුලක ආර්ථිකේ රකින මනුස්සයන් මැරිලා රටේ ආර්ථිකේ හැදෙන්නෙ කොහොමද කියලා.... මේ ගැන බුද්ධි තොරතුරු ලැබුනේ නැද්ද... රැවන්වැලි සෑය ඉදිරිපිට වගේම රට වටේම කියාගෙන ගිය " ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. මම මගේ යුතුකම ඉටු කරන්නම් " කියන ලැඡ්ඡාවක් නැති කියමන මතකද?.........
බලන් යනකොට මිනිස්සුන්ව ආරක්ෂා කරනවා කියලා ආපු නායකයින්ම තමයි මිනිසුන්ව බිලිදීලා තියෙන්නේ. ඔය සංචරණ සීමා කියන වචනෙත් දැන් කුජීත වෙලා ඉවරයි. ඕක දැම්මම පොඩි මිනිස්සුන්ට සල්ලි හම්බ වෙනවා ඇති. අන්තිම මිනිහගේත් පෙට්ටියට ඇනේ ගැහුවාම සැනසීම.දැනෙයි නේ මහත්තයෝ... මේක දැන් නම් ශාපයක්...!!!
මල්ශාලා හිමිකරුවන්ගේ ආර්ථිකේ ගැනද සර් කියන්නේ? ගොබ්බසේනලාට පුලුවන් ඥාණක්කා කියන විදියට දේවාල ගානේ යන්න විතරයි..
ඔබ මේ රටට ඉතිහාසයේ දැවැන්තම ශාපය වී ඇත. මොහු බලයට ගෙනා 69 ලක්ෂයක මුග්ධයෝ මෙයට වගකිව යුතුයි. ආර්ථිකය හදන්න රට වහන්න බැරිලු... මිනිස්සු මැරී වැටෙද්දී ආර්ථිකය හරි යයිද? ඒ මැරෙන මිනිස්සුන්ගේ ශාපයට මොවුන් මුහුණ දිය යුතුයි.
මට තවමත් මතකයි... රටේ ජනතාවට පල් හෑලි ගොඩක් කියලා... අතේ පැලවෙන බොරු රැසක් කියලා.. රටේ ජනතාව මුලා කරලා, රටේ ජනාධිපති ලෙස දිවුරුම් දීලා වැඩ බාරගත් අවස්ථාව... අග්‍ර විනිශ්චයකාරවරයා ඉදිරියේ දිවුරුම් දීලා පත්වීමේ ලිපියට අත්සන් කරලා.., ඒ අත්සන් කළ පෑන කුඩා පෙට්ටියකට දමා වැසුවා. ඒ එදා... අද මොහු පෙට්ටිවලට දමා වසන්නේ තමන්ට මුලාවී ඡන්දය දුන් රටේ මිනිස්සුන්ගේ මළසිරුරුයි. අද ශ්‍රී ලාංකිකයින් අත්දකිමින් සිටින්නේ ඒ අවාසනාවන්ත ඉරණමයි...සමහරවිට මිනිසුන් අතින් මොහුගේ ඉරණම විසඳුනොත්... රටේ අභාග්‍යමත් යුගය අවසන් වේවි...!!!
සාපරාධී සමූහ ජන ඝාතන චෝදනාවකට මේ මනුස්සයා පාර කපා ගන්නවා වගේ...
සරල තේරුම දසදහස් ගණනක් මියගියත් දිනපතා බදු මුදල් නැති කරගන්න බෑ. බංග්ලාදේශයෙන් දෙවන වරටත් ඩොලර් ණයට ගන්න තරමට රට දුප්පත් වෙලා. බහුතරයක් වෙනස් වුනේ නැතිනම් බලය ගන්න ජාතිවාදී දේශපාලනය කරන පිරිස් බලය ලබාගෙන රටේ අනාගතය නැත්තටම නැති කරනවා...
ප්‍රාණඝාතයක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුයි. 1 ප්‍රාණියෙකු වීම - අදට වාසය කරන සියළු ලක් ලක් වැසිෙයා් ප්‍රාණින්ය 2 ප්‍රාණියෙකු බව දැන ගැනීම, රටේ පාලකයින් ඔවුන් ප්‍රාණින් බව දැනසිටීම 3 පණ නැසීමේ සිත, ප්‍රාණය බේරා දීමට නොසිතීම (කෝවඩ් 19 පැතිරීම පිළිබඳව අවශ්‍ය පියවර නොගැනීම) 4 ඒ සඳහා යොදන උපක්‍රම, ප්‍රාණය බේරා දීමට උපක්‍රම නාෙයදීම (කෝවඩ් 19 උපරිමයෙන් පාලනය නොකිරීම) 5 එයින් මරණය සිදුවීමයි. (කෝවිඩ් 19 ආසාදනය වීමෙන් මරණයට පත්වීම) එහෙයින් මේ පාලකයින්ට ප්‍රාණඝාත අකුසලෙයන් මිදීමට නොහැකිය...
පිස්සු වැඩනේ කරන්නේ?
පිස්සෙක් රජවුණාම කරන දේවල් පෙනෙනවා නේද බයියනේ? මෙයාට ඡන්දය දුන් මෝඩ බයියන් සියලු දෙනාම මේ විනාශයට වගකිව යුතුයි.
රට මාසයකට වහන්න කියන ඔය දොස්තරලා ඇයි නොකියන්නේ අපිට ඒ මාසෙ පඩි එපා. ඒවා එකතු කරලා දෛනික ආදායම් නැති අයට දෙන්න කියලා. මේ අයත් ජෙප්පන් වගේම කුහකයින්...
මුහුණ දකිනකොට බයක් තමයි හිතෙන්නේ...!
1948 සිට කරපු ඓතිහාසික වැරැද්ද නිවැරැදි කර මේ කොළ, නිල්, මුග්ධ පාලනය අවසන් කර ජාතික ජනබලවේගයට රට බාරදෙමු...
රෝහල්වල දිනපතා කාර්යමණ්ඩලේ සෑහෙන සංඛ්‍යාවක් කොවිඩ් හැදිලා නවතිනවා.
කොරෝනා අඩු වැඩි වීමට හේතු විද්‍යාත්මකව සොයාගෙන, එම අත්දැකීම් තුළින් නව ක්‍රමෝපාය මගින් ඉදිරියට යා යුතුය. එසේ වුවත් දේශපාලකයෝ කටට එන කතා කියමින් දේශපාලනේ කරනවා.
3% ම මෙතනට බැහැලා වගේ..