ලබන මස 18 වැනිදා දක්වා දැඩි සීමා පැනවීමෙන් 7,500ත් 10,000ත් අතර ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව සඳහන් කරයි.
ජීවිත බේරාගැනීමට නම් කඩිනම් පියවර ගත යුතු බවත් දැනට තිබෙන දැඩි සීමා සැප්තැම්බර් මස 18 වැනිදා දීර්ඝ කළ යුතු අතරම එම දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් එම විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත.
දැනට පරීක්ෂා කර ඇති සාම්පලවලින් සියයට 90කට වැඩි සංඛ්‍යාවකින් පෙනී යන්නේ නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය බස්නාහිර පළාතේ මෙන්ම අනෙක් පළාත්වලටත් පැතිර ගොස් ඇති බවත් එම කමිටුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව ඊයේ රැස්වූ අතර එම කමිටුවේ ප්‍රධාන නිරීක්ෂණ, තාක්ෂණික සහ නිර්දේශ ඇතුළත් කරමින් සිය නව වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.
අදාළ වාර්තාවට අනුව නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන බවත් රෝහල්වල සම්පූර්ණ ධාරිතාවට පැමිණ ඇති බවත් එමෙන්ම වයිරසයට ගොදුරු වන සෞඛ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වී ඇති බවත් එම වාර්තා වේ දැක්වේ. එමෙන්ම ඔක්සිජන් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් තොග ද අඩු මට්ටමක තිබෙන මෙම විශේෂඥ කමිටුව වාර්තා වේ දැක්වේ.
එමෙන්ම නිවාස තුළ ද වයිරසය පැතිරෙමින් තිබෙන බව මෙම වාර්තා වේ දැක්වේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී දැඩි සීමා පැනවිය යුතු බවත් කඩිනමින් එම පියවර ගත බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් වාර්තාව පෙන්වාදෙයි. ඒ අතරවාරයේ දී එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බව එහි දැක්වේ.
වයිරසය සම්ප්‍රේෂණය (ව්‍යාප්තිය), වයිරස ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන අඩු කරගැනීමට දැඩි සීමා ගැනීමෙන් ආර්ථික යථා තත්ත්වයට පත් කරගැනීම ඉක්මන් කරගත හැකි යැයි ද එහි සඳහන් ය.
දැනට පවතින දැඩි සීමා අගෝස්තු 31 වැනිදා පහුවන තෙක් දීර්ඝ කිරීමෙන් මරණ අඩු කරගත හැකි යැයි ද ලොක්ඩවුන් සීමා සැප්තැම්බර් 18 වැනිදා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් වළක්වා ගත හැකි යැය ද විශේෂඥ කමිටුව සඳහන් කරයි. එම සීමා ඔක්තෝබර් 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 10,000ක් වළක්වා ගත හැකි යැයි ද එම කමිටුව පෙන්වා දෙයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය ඉහළම ඒවායින් එකක් යැයි ද එම වාර්තා වේ සඳහන් ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම්ගේ විශේෂ නියෝජිත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙම සාකච්ඡාවල මූලිකත්වය ගෙන පහසුකම් සපයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං මෙම විශේෂඥ කමිටුවේ මුලසුන හොබවයි.
වෛද්‍ය වින්‍යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, මහාචාර්ය සරෝජ් ගුණරත්න, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය කමිනි මෙන්ඩිස්, මහාචාර්ය මලික් පීරස්, මහාචාර්ය මනුජ් වීරසිංහ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීහු 14 දෙනෙක් මෙම විශේෂඥ කමිටුවේ සාමාජිකත්වය දරති.
එම පිරිසට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරු පිරිසක් ද මීට එක්ව සිටිති.
(055)
COMMENTS
මේ වසංගත රෝගය පාලනයට මෙවන් සැබෑ විශේෂඥයින්ගේ උපදෙස් පිළිපැදිය යුතුය. දේශපාලනය කරන අය ඔහේ කටට එන ඒවා කියනවා. එයාලට මේකේ බරපතල කමක් පේන්නේ නැහැ..
ඔයිට වඩා හොඳ නැද්ද බීරි අලියෙක් හොයාගෙන ඌට වීණා වාදනය කරානම්.
එය සත්‍ය විය හැකිය. ඩබ්ලිව්එච්ඕ දුප්පතුන් සඳහා කරන්නේ කුමක්ද? ඔවුන්ට ආදායමක් නැත.
මේ ක ත් කමිටුවක්ද ? මේකේ කොරෝන ගැන දන්නා අය කව්ද ඉන්නේ ?
මිනිස්සු සෞඛ්‍ය අංශවල නිර්ණායක අනුගමනය නොකිරීම සහ දේශපාලන උද්ඝෝෂණ නිසා තමයි මෙහෙම වුනේ.
වහාම දැඩි ලෙස සංචරණ සීමා සමග දැඩි නීති පනවා මිනිසුන් එකිනෙකා මුණ ගැහීම, ගෙවල් අතර හුවමාරුව වැඩපොළ වල එකතුවීම නවටා දැමිය යුතුයි. මිනිස්සු ආහාර නොමැතිව මැරෙන්නේ නැත. එහෙත් කොවිඩ් නිසා මියයාවී. දක්ෂ පරිපාලන නිලධාරීන්ට රට ලොක් ඩවුන් කිරීම බාර දෙන්න. සහන සැලසීමත් ඔවුන් සහ හමුදාවට බාර දෙන්න. සෞඛ්‍ය අංශ වලට රෝගය පාලනය කිරීම බාර දී දේශපාලනය ඒවාට නොගාවන්න . දේශපාලකයන් ඕවා යින් පලවා හරින්න. ජීවිත රැකගන්න.
මෙයාල තමයි හොදටම කරන්නෙ
රට වැැසීමටඒක්සත් ජාතීන්ගේ සංවිධානයේම කොටසක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරද්දී, රට වැසීමේ අර්ථය සාක්ෂාත් කරගැනීම සඳහා හමුදාව සහ පොලිසිය සාර්ථකව ක්‍රියාත්මක වීමේදී ඒම ඒක්සත් ජාතීන්ගේගේසංවිධානයේම කොටසක් වන මානව හිමිකම් සංවිධානය දත නියවා අපට විරුද්ධ වීමට බලාගෙන සිටී. ඒකම සංවිධානයක් තුල නිශ්චිත සබඳතාවයක් නෙමැත. අපේම රට තුල නීතිය වුවද සෞඛ්‍ය පසෙකට තබා හිතෙන හිතෙන දේ කීමේ කිරීමේ වල්බූරු නිදහස ලබා දී තිබේ. සෞඛ්‍ය පමණක් දන්නා අයට ඒය නොතේරේ. තේරුනද ඒය ඔවුන්ගේ විෂයය පථයට අදාල නැත. අප වැනි දුප්පත් රටවලට රට වැසීමෙන් ජන ජීවිතයට වන ආර්ථික හා සමාජයීය හානිය ගැනද නිසි තක්සේරුවක් ඔවුනට නැත. ඒය ඔවුනට අදාලද නැත. අති බහුතර පළතුරු හා ඒලවළු ගොවියාගේ අස්වැන්න අවශ්‍ය තරම් කාලයක් ආරක්ෂිතව ගසේම රදවා ගැනීමට විද්‍යාත්මක ක්‍රම වේද මෙතෙක් සොයාගෙන නැත. මෙලෝ විද්‍යාවක් ගැන හය හතරවත් නොදන්නා අඳබාලයන් විද්‍යාත්මක රට වැසීම් ගැන කථා කරති. අප හට ඇත්තේ රෝගීන් 10,000 ක් බේරා ගැනීමද, ලක්ෂ ගනන් දුප්පතුන්ගේ ජීවිත බේරා ගැනීමද, නැතිනම් මේ වර්ග දෙකම බේරා ගැනීමද.? වත්මන් ආන්ඩුව මෙය ප්‍රවේශමෙන් සිදුකරනු ඇත. ඊට අප සහාය දෙමු.
ඒක තමයි අපේ ආණ්ඩුව අකමැතිම දේ. ජීවිත වලට මුල් තැන දෙන එක...
එහෙම කියන්නේ කොහොමද? අපේ රටේ බුද්ධිමත් දේශපාලකයින් වෙච්චි අගමැතිවරයා, ජොනී, එස්.බී, ප්‍රසන්න, කිව්වේ ඔය කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ කියලනේ...?
මේ නිර්දේශ දීලා තියෙන්නේ ලෝකයම පිළිගත් වෛද්‍යවරු, කොරෝනා විතරක් නෙවෙයි වෙනත් බොහෝ බෝවන රෝග සම්බන්දයෙන් නියම උපදෙස් දීලා ලෝකේ ජනතාව විපත් වලින් බේරාගන්න මැදිහත්වන අයයි.
රට වහලා අපේ බිස්නස් වට්ටලා අපිව බංකොලොත් කරන්නද හදන්නේ.
මේවගේ විද්‍යාත්මක විශ්ලේෂණයක් කරගන්න බැරි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් වැඩක් තියෙනවද.