(සුජිත් හේවාජුලිගේ)
නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රට නැවත විවෘත කිරීමේදී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන කමිටුව අද තීරණය කළේය.
අංශ තුනක් යටතේ මෙම නිර්දේශ සකස් කෙරේ .
කොවිඩ් මර්දන විශේෂ කමිටුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (24) පෙරවරුවේ පැවැත්විණ.
මේ තීරණ ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
කොවිඩ් අභියෝගය හමුවේ රටේ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට සියලු අංශ එක්ව කටයුතු කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම වසරේ තෙවැනි කාර්තුවේදී සියයට12.3ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකිවූ බවත් රට වසා තැබීමෙන් එම අගය සියයට 3 ක් දක්වා පහත වැටුණු බවත් හෙතෙම සඳහන් කළේය.
හතරවැනි කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය සියයට තුනක මට්ටමට පවත්වාගෙන යෑමට ඉලක්ක සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නේය.
රටේ සමස්ත වාර්ෂික ආර්ථික වර්ධනය ප්‍රතිශතයක් ලෙස සියයට 5 ක මට්ටමක පවත්වා ගැනීමට හැකි වනු ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කළේය.
පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
COMMENTS
සාකච්ඡා විතරයි තවම රට වහලා, පාසල් වහලා.
සැලැස්මටම වෙවි මෙන්න කියලා. මේ රටේ සැලැස්මටම කියලා වෙන්නේ හොරකම පමණයි.
මේ අයගේ විදියට කරනවානම් විවෘත කොට නැති බාර් ව්වෘත කල යුතුයි.
මේ බැසිල් රාජපක්ෂ තමන්ට රජ වෙන්නට වටපිට හදාගන්නට රටම වුණත් විකුණන සේරිවාණිජ ජාතකයේ වැනි කපටි, කට්ට, කෛරාටික, වෙට්ට පිත්තලයෙක්... ඔහු තමන්ට අවනත නැති සියලුම ඉහළ නිලධාරින් තනතුර හැර යන තැනටම කරදර, හිරිහැර කරනවා. මහින්ද ජනාධිපති වනතුරුම ඔහු එජාපයේ හිටපු කෙනෙක්... එබැවින් එජාපයේ කිහිප දෙනෙකුත් එකතු කරගෙන සුළුජාතික පක්ෂවලට දොළ පිදේනි දී බලය අල්ලන්නට ගන්නා උත්සාහය නැවත රට කබලෙන් ලිපට දැමීමක්. අවසානයේ රාජපක්ෂලා අතර ගැටුම් ඇතිවී රට අවුලකට පත්ව විදෙස් බළල් අතක රූකඩ රාජ්‍යයක් බිහිවීම නියතයි. බැසිල් බලය ඇල්ලීමට කරන වියරු උත්සාහය වෙනුවෙන් රටේ ඕනෑම සම්පතක් විදෙස් රටවලට විකුණා ඔවුන්ගේ උදව්වෙන් රජවීමට යාම රටේ අවාසනාව...
ලංකාවේ ප්‍රධානතම කොරෝනා වාහකයා කිටිකිටියේ සෙනඟ තදකරන් යන කිසිවෙකුගේ අධීක්ෂණයට ලක් නොවන දුම්රිය සේවයයි...