(සුජිත් හේවාජුලිගේ)
මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත ලබා දුන් පසු රට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය .
හෙට එතරම් කළුවර නැතැයිද හෙතෙම සඳහන් කළේය.
ලබන සැප්තැම්බර් මාසය වන විට අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරණයට ලක් කළ රට බවට ශ්‍රී ලංකාව පත්වන බවත් ඉන් පසුව රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකියාව ලැබෙන බවත් ගුණවර්ධන මහතා පැවසුවේය
COMMENTS
එතකොට අවුරුදු 30ට අඩු අයට කොරෝනා හැදෙන්නේ නැද්ද? ගොඩාක් රටවල අවුරුදු 18ට වැඩි අයට එන්නත දෙනවා.., සමහර රටවල ෆයිසර් එන්නත් අවුරුදු 12ට වැඩි ළමයින්ට ලබා දෙනවා...
මොන බහුබූතයක්ද මන්දා? එතකොට කොරෝනා හැදෙන්නේ 30ට උඩින් ඉන්න අයට විතරයිද? මෝඩ කතා කීමේ සීමාවක් නෑ..
බල්ලගේ වැඩේ බූරුවා කරන්න යනවා කියලා කතාවක් කියලා තියෙන්නේ හොඳට හිතාබලා වග ඇත්තක්... මේ වගේ කියුම් දකිනකොට...!
ස්පුට්නික් එන්නත ලබාදුන් අයට මොකද කරන්නේ...? එහි දෙවන මත්‍රාව තවම ඇණවුම් කරලත් නෑ. පේන විදිහට ස්පුට්නික් එන්නත ගත්තු අයට දෙවැනි මත්‍රාවක් කවදාවත් නොලැබෙන පාටයි...
මොනවාද මේ කියවන්නේ...? මේ මොහොතේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය සහ කොරෝනා නිසා රටේ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග ගැන නිශ්චිතවම වගකීමක් ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාටයි. බල්ලාගේ වැඩ බුරුවා කරන්න ගිහින් මේ රට මහා අවුල් ජාලයකට වැටිලා ඇති බව තේරුම් ගන්නවත් බැරි පණ නැති, ඇවිදින මළමිනියක් වගේ ඉන්න ජනාධිපති මේ ගැන මොනවද කියන්නේ...?
ටියුෂන් කරන විදිහට රට සහ කොරෝනා මර්ධනය කරන්න බැරි බව කොරෝනා හැදිලා අසාධ්‍ය වෙච්චි දවසක තේරෙයි...
පාර්ලිමන්ට් ජෝකර්.... අනික් අයට කියන්න බැරි කතා මෙයා ලවා කියවනවා.
ඈ… රට වහලද.. තවම?