(අංජුල මහික වීරරත්න)
මිලිටරි ආරක්ෂාවෙන් පමණක් රට ඉදිරියට ගෙන යා නොහැකි බවත්, සාමකාමී, සංවර්ධිත රටක් නිර්මාණය කිරීම සඳහා මිලිටරි ආරක්ෂාව සමග ආර්ථික, සමාජ, දේශපාලන ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, එකී සෑම අංශයකින්ම රට ආරක්ෂා කිරීමේ හැකියාව තමා සතුව පවතින බැවින් රටේ වගකීම බාර ගැනීමට තමන් සුදානම් බවත් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (19) පැවැසීය.
නවීන ලෝකයේ පුළුල් විග්‍රහයට අනුව ජාතික ආරක්ෂාව යනු මිලිටරි ආරක්ෂාව පමණක් නොව ආර්ථික, සමාජ, දේශපාලන ආරක්ෂාව ඊට එකතු විය යුතු බවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
1971 සහ 87 - 88 කාලවලදී ආර්ථික අසමානතාවන් නිසා ආර්ථික ආරක්ෂාව ජනතාවට නොලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය පදනම් කරගත් කැරළි රටතුළ නිර්මාණය වූ අතර, එමගින් ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජතතාවගේ අයිතීන්, ගැටළු, වේදනාවන් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කළ විට ජාතික ආරක්ෂාවට කොතරම් තර්ජනයක් එල්ල වෙනවාද කියා හොඳින් සිතා බැලිය යුතු බවත් ප්‍රකාශ කළේය.
පසුගිය රජය මෙරට ආරක්ෂක අංශ නගර සභාවේ කුණු ඉවත් කරන පිරිසක් බවට පත්කර ඔවුන්ගේ ගෞරවයට හානි කළ බවත්, තමන්ගේ රජයක් යටතේ ආරක්ෂක අංශ වලට අභිමානවත් ලෙස මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ දිස්ත්‍රික්කයේ, ඊරියගොල්ල ඉදි වූ “ශ්‍රීමත් ඇලික් අලුවිහාරේගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (19) සහභාගී වෙමිනි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 257 වන ආදර්ශ ගම්මානය මෙය වේ.
COMMENTS
වගකීම බාර ගැනීමට ප්‍රථම ජනතාව වගකීම ඔබට පැවරිය යුතුය. එවැනි පැවරීමක් නැතිව බාරගැනීමට ඉදිරිපත්වීම ලැජ්ජා නැතිවැඩකි.
විභාග ප්‍රශ්න පත්තරේ දැක්කම කකුල් පණ නැතිවෙලා යන කෙනෙක් කොහොමද රටේ වගකීම් බාරගන්නේ?
රණවිරුවෝ හිරේදාද්දී නොදැක්කා වගේ හිටපු, හාමුදුරුවරු හිරේදාද්දි නොදැක්කා වගේ හිටපු, මහබැංකුව හොර කද්දී නොදැක්කා වගේ හිටපු, වරායවල්, එයාර්පෝර්ට් නොරටුන්ට විකුණද්දී නොදැක්කා වගේ හිටපු, කොටින්ම "සිරා" අගමැතිකම ගන්න කියද්දී නායකතුමාට බයේ මේ කියවන්නේ මොන වගකීමක් ගැනද?
අපි ඔයාට දෙන්නේ නැහැනේ...
එක ප්‍රශ්න පත්තරයකට ලියා ගන්න බැරි නම් කොහොමද ප්‍රශ්න පොත් ගණනකට උත්තර හොයන්නේ? සිරා හදන්නේ මෑන්ස්ට වැඩිය විකාර කරන කෙනෙක්ව පත්කරගන්න සපෝර්ට් කරන්නයි. එතකොට මෑන්ස් කරපු දේවල් නිකම්ම හොඳවෙනවා, අමතක වෙනවා. බලමුකෝ අපි හොඳේ...
ඉස්සෙල්ලා අපේක්ෂකයා වෙන්නකෝ බලන්න. ඊට පස්සේ අර සහරාන්ද කව්ද එකාට උදව් කරපු අය එක්ක ලගිනවද කියලා බලලා අපි තීරණයක් ගන්නම්. තවත් කටින් බතල කෙනෙක් අපිට එපා...
"ගෝඨා අපිට අපි ගෝඨාට." ජයවේවා 1000%ක් දිනනවා.
කට විතරයි වැඩ නැහැ.. අවුරුදු 4කට වඩා ආණ්ඩුවේ නේද හිටියේ? නිදාගෙනද හිටියේ? නැත්තන් දැක්කේ නැහැ වගේ හිටියද අනාගන්න දීලා?
ගම් මට්ටම බිම් මට්ටම තම්මැට්ටම.. අපේත් වගකීම බාරදෙන්න තමයි ඉන්නේ.
වගකීම බාරගන්න ලොක්කා කකුලෙන් අදිනවා නේද? අනික දෙන්නේ ජනතාවනේ එ්නිසා ඔය 225ම පරිස්සමින්...
ඒ වුණාට පක්ෂ නායකයා ඒකට ඉඩදෙන්නේ නෑනේ...
කොහොමත්ම වැඩක් නැහැ. අපිට නිකන් කන්න දෙන, නිකන් ගෙවල් හදලා දෙන නායකයන් අවශ්‍යම නැහැ. අපිට ඕනේ කොන්ද පණ තියෙන ලංකාවේ, ලෝකයේ ඉස්සරහට ගන්න පුළුවන් පිට කොන්දක් තියෙන කෙනෙක්... කොහොමත්ම වැඩක් නැහැ . අපිට නිකන් කන්ද දෙන, නිකන් ගෙවල් හදල දෙන නායකයන් අවශ්‍යම නැහැ. අපිට ඕනේ කොන්ද පණ තියෙන ලංකාවේ ලෝකයේ ඉස්සරහට ගන්න පුළුවන් කොන්දක් තියෙන කෙනෙක්...
එම වගකීම ඔබට බාරදීමේ වගකීම අයිති ජනතාවටයි.
ඔය ඔය කයිවාරු ගහ ගහ ආර්ථික, සමාජ, දේශපාලන ආරක්ෂාව තහවුරු කළ යුතු බව කිව්වට, එ්ක ඔබතුමාගේ සිහිනයක් විතරයි. මැතිවරණයෙන් පස්සේ ඔය කියන විධායක බලතල තියෙන්නේ රනිල් අතේ. එ්කත් අලුත් ජනාධිපති ආණ්ඩුව විසුරුවනකල් විතරයි. ඉන්පස්සේ අලුතින් ජනමත විචාරණයක්වත් දාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළොත් එයාගේ සිහිනයත් ඉවරයි. ඒ ව්‍යවස්ථා වෙනසට පැරදුණු අපේක්ෂකයෙකුට නොඑසේනම් ජනතාව ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයෙකුට අායෙත් ඉල්ලන්න බැහැ කිව්වොත්, නැතිනම් ඇමෙරිකාවේ ක්‍රමයට මූලික මැතිවරණයකින් ඒ ඒ පක්ෂවල ජනාධිපති අපේක්ෂකයා තේරිය යුතුයි කියලා කෑල්ලක් අඩංගු කළොත්, කැබැල්ලෑවෝ රොත්ත පිටින්ම විනාශයි...
මෙතන අදහස් දාලා තියෙන අයගේ කොන්ද පණ නැති විය යුතුයි. අපිට මිනීමරුවන්, හොරුන් අවශ්‍ය නැත.
මේක දන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයේ ඉන්න අපියි හොඳටම. කිසිම දැක්මක් නැති මාධ්‍ය සංදර්ශන කරන්න කෝටි ගණන් වියදම් කරන තමන්ගේ වැඩක්වත් හරියට කරන්න බැහැ.
එයට නොමිනේෂන්වත් හම්බ නොවන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි! ආවත් අපි නම් ඡන්දෙ නොදෙන බවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි..!
මේ යුගයක් යලිත් රටට එපා. පක්ෂයෙන් නාමයෝජනා දෙන්න හදනවා නම් බරපතල අපරාධයක්....
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම මම එනවා කිව්වොත් ඉවරයි. කාටද අපි ඡන්දෙ දෙන්නේ? මොකද හැමෝම හිතන්නේ ඔවුන් සුදුසුයි කියලා....
රටේ වගකීම ගන්න කලින් පක්ෂයේ සාමුහික වගකීම රැකලා පෙන්වන්න.
මෙම අදහස හරි කියල හිතෙනවා.උදාහරණයකින් කියනවානම් හිතවතුන්ගේ ආධාරයෙන් පසුගිය කාලයේ හම්බන්තොට පාසැල්වලට බස්රථ දීමක් කලානේ.ඒ පරිත්‍යාගශීලීන් ඒවා එහෙම කළේ කවදා හෝ ඒවාට පොළියත් සමග ගැනීමට විය හැකියි. පැරණි කියමනක් තියෙනවානේ අත ලෙවකන්නවත් නැත්නම් මීයක් කැඩීමෙන් වැඩක් නැහැ කියල.එවැනිදේත් ඉදිරියේදී සිදුවිය හැකිබව සිතීම ඡන්දදායකයාට භාරයි.
ඔයාලගේ කට්ටිය හැත්ත අවුරුද්දක් වගකීමෙන් කරපු හින්ද තමා අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. අපි නාගව ගේනවා.