(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කිරීමේ යෙදුණු සංවිධානාත්මක කල්ලියක් මෙහෙය වූ පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙක් ගුවන් ගමන් බලපත්‍ර 98 ක් සමග බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ හෝටලයක දී අද(8) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි
එම පුද්ගලයන් පැමිණි බව කියන සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්ද දෙකක් හා රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ද පොලිස් බාරයට ගෙන ඇත .
ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා බොල්ගොඩ ප්‍රදේශයේ හෝටලයක සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන බවට බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතා ට ලද තොරතුරක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි
ඕස්ට්‍රේලියාවේ සමාගම් කීපයක සහ ඇපල් වතු හිමි කරුවෙක් බවට හඟවා දුර බැහැර වන ප්‍රදේශවල තරුණයන් රවටා මෙම මහා පරිමාණ ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශන වල දී හෙලි වු බව පොලිස් නිලධාරියකු පැවැසීය
මූලික ගෙවීමක් ලෙස රුපියල් 20000 සිට ඉහළ මුදල් ප්‍රමාණයන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අතරවාරයේදී ඒ සඳහා පැමිණෙන පුද්ගලයන්ගෙන් ලබාගෙන ඇති බව පොලිසිය කියයි .
ප්‍රධාන සැකකරු දින කීපයක් මෙම හෝටලයට විවිධ පළාත්වලින් තරුණයන් ගෙන්වාගෙන සම්මුඛ පරීක්ෂණ කරන මුවාවෙන් මුදල් වංචා කර ඇති බව පොලිසිය කියයි
ප්‍රධාන සැකකරු ලිපිනයන් තුනකින් පෙනී සිටින අයෙකු බවත් ,අනෙක් පුද්ගලයන් මිල්ලනිය පදිංචිකරුවෙක් බවත් සැකකාර තරුණිය හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය කියයි
කූට ජාවාරම් කරුගේ වංචාවට හසු වූ අය වෙතොත් ළඟම ඇති පොලිසියට බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කරන පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රට රැකියා දෙන බව කියා මුදල් ගැරූ තිදෙනෙක් අත්අඩංගුවට