IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


‘රටෙි මීළඟ නායකයා විහිලු කාරයෙක් නොවිය යුතුයි’

(අංජුල මහික වීරරත්න)

කඩා වැටී තිබෙන  රට යළි ගොඩනැගීමට නම්  මීළඟ පාලකයා විහිලුකාරයෙක් නොවිය යුතු බවත් එම අභියෝගය බාරගෙන ජයගත හැක්කේ ඊට  දර්ශනයක් හා වැඩපිළිවෙලක් තිබෙන එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවත්  එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 

රනිල් වික්‍රමසිංහ මහතාට කුහකකම් කරමින් අවලාද හා හතුරුකම් කළ සියලුදෙනා අද වන විට විනාශයට තල්ලු වී ඇති බව වටහාගෙන සිටින රටේ ජනතාව මේ වනවිට එක්සත් ජාතික පක්ෂය වටා පෙළගැසෙමින් සිටින බව කීය.

වර්තමානයේ රට මුහුණපා සිටින ආර්ථික ඛේදවාචකය ලබන අවුරුද්දේ අප්‍රේල් මාසය වනවිට මීටත් වඩා දරුණු තැනකට ගමන් කරන බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

 



අදහස් (31)

‘රටෙි මීළඟ නායකයා විහිලු කාරයෙක් නොවිය යුතුයි’

Lalith M Sunday, 26 September 2021 12:30 PM

රනිල් තමයි විහිළු කරන්න පටන් ගත්තේ...

:       7       63

BamunuarachchiMonday, 27 September 2021 07:22 AM

රනිල් ගැනයි මෙයා මේ කියන්නේ.

:       0       0

Raveendra Sunday, 26 September 2021 12:33 PM

විහිළු කාරයින්ම රටේ බලය ගන්න කියනා අතේ පැළවෙන බොරු මෙන්ම කරණා මෝඩ, තකතීරු ලොන්ත වැඩ දෙස මධ්‍යස්ථව බලන ඕනෑම පුරවැසියෙකුට පැහැදිලිව පෙනෙන්නේ අනාගතයේදීත් "මෝඩ තකතීරුවෙක්" නායකයා විමේ සම්භාවිතාවය වැඩි බවයි. මක්නිසාදයත් අපි තමයි බුද්ධිමතුන්, උගතුන් කියන "මලපෙරේතයින්" නටන නැටුම් නිසාවෙනි. අවාසනාවකට මොහුටද එය තේරුම් ගැනුමට ඥානය නැතිවීමය.

:       8       37

hemantha Sunday, 26 September 2021 12:35 PM

මීළඟ නායකයා, කවුද බොලේ එයා?

:       3       26

RaveendraSunday, 26 September 2021 01:05 PM

දකිනවිටත් කෙනෙකුට සිනාවක් මුවට නැගෙන අපේ ඇම්ඩන් අයියා විහිළුකාරයෙක් නොවන බවත්, දියවන්නාව පට්ටියේ ඊළඟ "මහ එකා" බවත් නොදන්නේද?

:       6       18

Cisco Sunday, 26 September 2021 12:43 PM

රනිල් විහිළු කාරයෙක් නෙමෙයිද?

:       6       40

Raveendra Sunday, 26 September 2021 12:48 PM

මෙහි වඩාත්ම හාස්‍ය වන්නේ මුන්දැලා සියල්ලන්ම උපන් ඇඳුමින් වේදිකාවේ නටමින් අනිකාගේ වස්ත්‍රය නැති එක ගැන කෑමොර දීමයි. ලෝකෙටම විහිළු සපයමින් රඟන "බූරුවන්"... මොලේ කළඳක් නැති "මී හරක්"...

:       7       39

ruwan Sunday, 26 September 2021 12:55 PM

මෙන්න බොලේ විහිළු කාරයෙක් තව විහිළුවක් ගැන කියවනවා.

:       3       36

Raveendra Sunday, 26 September 2021 12:57 PM

කිසිදා විහිළුකරුවකු නොවූ අපේ ඇම්ඩන් අයියාට ජයවේවා... මීට මම ඇම්ඩන් අයියාගේ ළඟම කෙනා...

:       7       27

Bernard Perera Sunday, 26 September 2021 01:24 PM

මේ තරම් විහිළුවක් තවත් තියෙනවාද? රටටම ආතල් දෙනවා...

:       4       25

විජේ Sunday, 26 September 2021 01:31 PM

අනේ වජිරයෝ, ඒ කියන්නේ ඔයාට නම් ලොවෙත් බෑ කියලනේ...

:       5       17

fairoos Sunday, 26 September 2021 01:40 PM

වහල්ලුනම් කියයි... සිරිසේනට වඩා නන්දසේන හොඳයි කියලා...

:       9       25

BamunuarachchiSunday, 26 September 2021 06:57 PM

ලංකාව ගැන අපි බලා ගන්නම්. මෙන්න ගම්මිරිස් අන්න බෝට්ටුව.

:       0       0

BamunuarachchiSunday, 26 September 2021 07:01 PM

බොලේ රටේ අයිතිකාරයින්ට නොවෙයි රට ගැන කැක්කුම ඇතිවෙලා තිබෙන්නේ. හම්බන්තොටින් ආපු කට්ටියට?

:       0       0

BamunuarachchiSunday, 26 September 2021 07:04 PM

සිරිසේනයි නන්දසේනයි දෙන්නම සිංහල බෞද්ධයෝ . සාලියි බදියුදීන්ලා හකීම් ලගේ වර්ගය නොවෙයි.

:       0       0

BamunuarachchiMonday, 27 September 2021 07:23 AM

කට්ටිය කියයි ගෝඨාභය ජනාධිපතිට වැඩිය සිරිසේන ජනාධිපති හොඳයි කියලා.

:       0       0

Prabha Sunday, 26 September 2021 01:44 PM

රනිල් මහත්තයා නායකකම අතහරින්න අදහසක් නැ වගෙ

:       4       21

Senarath Sunday, 26 September 2021 02:02 PM

මෙයාල වගේ විහිලුකාරයො

:       3       14

Prageeth Sunday, 26 September 2021 02:26 PM

රටේ මීලග නායකයා විහිලු කාරයෙක් වෙන්න ඕනේ නැහැ කියනවා . ඒ කියන්නේ දැන් ඉන්න එකා විහිලු කාරයෙක් ද

:       1       12

de silva Sunday, 26 September 2021 02:27 PM

මීළඟ නායකයා රනිල් වැනි ඩීල් කාරයෙක් නොවිය යුතුය

:       2       13

කිරි පුතා Sunday, 26 September 2021 02:28 PM

ටෙනිසන් කුරේ කලාකරුවාගේ අඩුව පුරවන්න ඇවිත් මෙයා. ඉතින් එ.ජා.ප. ගොඩ යයිද ?

:       5       15

පිටිගල මිලානෝ Sunday, 26 September 2021 03:04 PM

ඒ දවස්වල නම් ඕගොල්ලෝ ඔක්කෝම එකතුවෙලා මාරම විහිලු තමයි සැපයූවේ. තවමත් කේන්තියි මතක් වෙනකොට.

:       2       9

Piyarathna Sunday, 26 September 2021 03:15 PM

නුඹලාගේ විහිළු අපට දැන් එපා වෙලා...

:       5       10

de silva Sunday, 26 September 2021 03:21 PM

එජාපයෙන් තරග කරලා නගර සභාවක්වත් දිනාගන්න බැරි මෙයා එනවා නායකයෝ ගැන බයිලා කියන්න..

:       2       6

සනත් ගමගේ Sunday, 26 September 2021 03:35 PM

වජිර උන්නැහේ ගාලු ජනතාවගේ විහිළුකාරයෙක් ඒ නිසානෙ ගෙදර තිබ්බෙ දැන් සාත්තර කියන්න පටන් අරන්

:       2       11

මාම Sunday, 26 September 2021 04:25 PM

මෙි යොදය තමයි ඇවන්ගාඩ් තක්කඩියත් එක්ක එකතතුවෙලා කොමිසමෙ හිටිය දිල්රුක්ෂි මහත්මිය බොරුවට අමාරුවෙ දැම්මෙ.ඇයට තියෙන්නෙ මේ යෝදයටත් එරෙහිව නඩු දාන්න.

:       16       7

sumanasiri Sunday, 26 September 2021 04:31 PM

ලංකාවේ දේශපාලනයනම් ගනන දෙයක් නැහැ . කතා කරලා වැඩක් නැහැ

:       0       4

de silva Sunday, 26 September 2021 05:46 PM

මෙයත් මඩවලටම පැනලා මී හරකා වගේ මඩේ ගිලිලම නාන්න හරි දක්ෂයෙකි. ඒ නිසා කවුරුවත් මෙයාට මඩ ගහන්නේ නැත.

:       1       3

Bamunuarachchai Sunday, 26 September 2021 06:56 PM

තමන්ගේම නායකයාට වක්‍රව ගහනවා වගේ.

:       0       0

Sk Sunday, 26 September 2021 08:22 PM

එහෙම කෙනෙක් හොයා ගන්න බැරි වෙලානෙ අපි ඉන්නේ

:       0       0

Rohana Sunday, 26 September 2021 09:32 PM

රනිල්ට වඩා විහිළුකාරයෙක් මම නම් දැකල නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේ මෙහෙමයි
2024 මැයි මස 18 470 0

පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත


මත් කුඩු කිලෝ 450ක් අද වනසයි
2024 මැයි මස 18 294 0

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන


වැස්ස ඉදිරියට වැඩි වෙන හැඩ
2024 මැයි මස 18 277 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිපයේ


ඩිනාරා ආසියාවේ ප්‍රබලයන්ගේ ලැයිස්තුවට
2024 මැයි මස 18 1484 0

ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’’30 අන්ඩර් 30 ඒෂියා’’ ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක


හමුදා සෙබළාට සමාව දුන්නාට ප්‍රකාශයක් දෙන්නැයි ගෝඨාට දන්වයි
2024 මැයි මස 17 1244 0

යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධි


ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි මානව හිමිකම් සංවිධාන ලංකාවට කියය
2024 මැයි මස 17 1995 0

දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 770 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2312 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1977 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site