
(නිමල කොඩිතුවක්කු)
මතුව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට සියළුම දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟත්වයට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.
ලෝකයේ විනාශ වූ රටවල් ශක්තිමත් රාජ්‍යයන් බවට පත්වූයේ ඒ ඇතිකරගත් එකගත්වය හා සමගිය තුළින් බැවින් මිත්‍රත්වයේ හස්තය සියලුම පුරවැසියන්ට දිගු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ජයසූරිය මහතා සඳහන් කළේය.
ජාතික ආගමික හා ජාතික සංහිඳියාව සඳහා වන මොණරාගල දිස්ත්‍රික් සමුළුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“ජාති ආගම් භේද ඇති කිරීම සඳහා ඉතා සුළු පිරිසක් උත්සාහ කරනවා. ජාතික නායකයින්ට හා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට අපි ආයාචනා කර සිටින්නේ රට නැවතත් ගිණි ගැනීමට ඉඩ නොදී ජාතික ආගමික සමගිය හා සහෝදරත්වය ගොඩ නගන ලෙසයි. දේශපාලනය මැතිවරණය කාලය තුළට සීමා කර තිබේ. අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට සියළුම දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟත්වයට පැමිණෙමු.
ලෝකයේ විනාශ වූ රටවල් ශක්තිමත් රාජ්‍යයන් බවට පත්වූයේ ඒ ඇතිකරගත් එකගත්වය හා සමගිය තුළයි. එමෙන්ම අපට ලෝකයේ තනි වෙන්නට බැහැ. අන්තර්ජාතික විශ්වාසය හා ගෞරවය අපි උපයාගත යුතුයි.
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන මිනිස් නීතියේ ආධිපත්‍ය රැකෙන, මිනිස් අයිතිවාසිකම් රකින, රටකට සංචාරකයින් හා ආයෝජකයින් පෙළගැසී පැමිණේවි. රජයෙන් ද අප ඉල්ලා සිටින්නේ මිත්‍රත්වයේ හස්තය සියලුම පුරවැසියන්ට දිගු කරන ලෙසයි” යැයිද ඔහු එහිදී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රට මුදා ගන්න සියලු දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟතාවකට එන්න‘