
(රංජන් කස්තුරි)
රටපුරා රජයේ රෝහල්වල බ්‍රහස්පතින්දා (22) වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම වැඩවර්ජනය අනිද්දා පෙරවරු 8 සිට පසුදා සිකුරාදා පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කෙරෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
බාල ඖෂධ හා රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය, උසස් පෙළ අසමතුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීම උසස්පෙළ ජීව විද්‍යා විෂය ධාරාව හදාරා නැති අයට වෛද්‍ය පත්වීම් ලබාදීම සහ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරිම යන කරුණු මුල්කර ගනිමින් එම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක කරන බවද ලේකම්වරයා කීය.
COMMENTS
වැඩ වර්ජනයක් හොඳයි කියලා කියන්න බැහැ.. එයින් අසරණ වෙන්නේ අහිංසක ජනතාව... කෙසේ හෝ ඉහත සඳහන් වන අයථා සිදුවීම්වලට පිළියමක් තියෙන්නත් ඕනෑ.. සුවඇමති බෙහෙත් පෙත්තේ ඉඳන් කොමිස් ගන්නවා. වෛද්‍යවරු ලෙස නුසුදුසු පුද්ගලයින් පත්කරනවා. කාටද මේවා කියන්නේ..? රට දවසින් දවස පිරිහෙනවා.
උසස් පෙළට ජීව විද්‍යාව හදාරා නොමැති හා උසස් පෙළ අසමත් අයට කවුද ඔය කියන වෛද්‍ය උපාධිය ලබාදී තිබෙන්නේ? එය එසේ සිදුවූවා නම්, එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමැතිය ලබාදී ඇති විදේශීය විශ්ව විද්යාලයනේ. එයට දොස්තර මාෆියා සංගමයේ ග්‍රහණයේ තිබෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඍජුවම වගකිව යුතු නොවේද? දැනට පවතින වෛද්‍ය අඥා පනත අනුව වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවම සුදුසුකම වන්නේ, ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙලට එස්. සාමාර්ථ තුනක් ලබා ගැනීමයි. එය වෙනස් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පියවර නොගත්තේ ඇයි? 1970 දශකය පමණ වනතෙක් එංගලන්ත වෛද්‍ය සභාවේ නියාමනයට ලක්ව තිබූ අපේ රටේ වෛද්‍ය විද්‍යාල එවකට උතුම් වෛද්‍යවරු බිහිකළත්, මේ වනවිට බිහිවෙන පවතින ආරාජිකත්වය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. රජයේ රෝහල් තුළ ඖෂධ හිඟයක් මවා පෑමේ මාෆියාව සිදුකරන්නේ තනිකරම රජයේ දොස්තර සංගමයේ මාෆියා කල්ලියයි. රාජ්‍ය සෞඛ්‍ය සේවය අකර්මන්‍ය කරමින් පෞද්ගලික රෝහල්වලට රෝගීන් ගෙන්වාගෙන අසරණ රෝගීන්ගෙන් මුදල් සූරාකෑම මොවුන්ගේ එකම අරමුණයි.
රැකියාවේ ප්‍රශ්න සහ දේශපාලනය පටලවාගත්තු සංගමයක්. වැඩිකල් නොගොස් අර කලුතරදී කන්න ගිය කෑමට වඩා ලොකුකෑමක් කනවා. මේ පිරිසේ තියෙන්නේ තනිකරම කුහකකම සහ දේශපාලනය. බොහෝමයක් දොස්තරලා කියන්නේ සල්ලි තියෙන අයනේ. හොඳ නීතිවේදීයෝ අල්ලන එක අමාරු වැඩක් නෙමේනේ. නීතියෙන් කටයුතු නොකර අහිංසක මිනිස්සුන්ගේ පළිගන්නා සංගමයක් වෙලා...
දැන් ඔන්න බක පණ්ඩිතයින්ට අවස්ථාව තියෙනවා. රෝගීන්ට අවහිරයක් නොවන පරිදි මෙම නීත්‍යානුකූල වෘතීය සමිති ක්‍රියාදාමය පවත්වන්න උපදෙස් දෙන්න.
වෛද්‍යවරුන්ට අහිංසක රෝගීන්ව ප්‍රාණඇපයට තබා වර්ජන කරන්න අයිතියක් නොමැත. ඔවුන් ඉගෙන ගත්තේ අපේ සල්ලිවලින් ඔවුන්ගේ අම්ම අප්පගේ බූදලයකින් නොවෙයි.
එතකොට මම නිකන් අහන්නේ, උසස් පෙළ කරන්න ඕනද නැද්ද? අපේ ළමයින්ව මෙච්චර අවුරුදු දෙකක් මහන්සි කරන්න ඕනේ නැනේ එහෙනම්. ව්‍යාපාරයක් පටන් අරන් සල්ලි කෝටියක් විතර හොයාගත්තනම් ඇති නේ. සාමාන්‍ය පෙළ ඉවර වුන ගමන් වෛද්‍ය විද්‍යාලයට දාන්න පුළුවන්.
පිටරට වල මෙහෙම වර්ජන කළා නම් කෙලින්ම බලපත්‍ර අහෝසියි. තමුන්ගේ තත්වයආරක්ෂා කරන්න අහිංසක මහජනතාව දඩ මීමා කරගෙන . දැන් මේ උදවියට ඉගෙන ගන්න බදු ගෙවන්නේ අපි උසස් පෙළ ප්‍රතිඵල අහලද ? හරි උසස් පෙළ නැති මිනිස්සුන්ව වෘත්තියට ගන්නත් බැහැ. උසස් පෙළ නැති නම් බදු ගෙවන්නත් බැහැ. ඔන්න විසඳුම .
කොළොඹ ජාතික රෝහලේ 33 වාට්ටුවේ රෝගියෙකුට මෑතකදී සලකන ලද අමන ආකාරය මේ දිනවල "ලංකාවෙබ්" අඩවියේ සඳහන් වෙනවා. ආණ්ඩුව මේවා ගැන නිහඬව සිටින්නේ ඇයි?
ලංකාවේ දොස්තරලට තියෙන්නේ අමුතුම සදාචාරයක්. අයිතිවාසිකම් ලබාගන්න හැමදාම වර්ජන කරනවා. අමාරුවේ වැටෙන්නේ අහිංසක දුප්පත් රෝගීන්. මෙයාල හිතන් ඉන්නේ වර්ජන කිරීම මගින් ආණ්ඩුවට පාඩම් උගන්වන්න පුළුවන් කියලා. වෛද්‍ය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරලා වර්ජන ක්‍රියාමාර්ග තහනම් කරන නීති රීති අලුතින් හඳුන්වා දිය යුතුයි. හේතුව මේ අරගල කරන්නේ රෝගී ජනතාව සමගයි. අයිතිවාසිකම් ලබාගැනීම සාකච්චා මාර්ගවලින් පමණක් විය යුතුයි.