IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘රටේ තරුණ ප‍්‍රජාවට පිළිගත හැකි එකම අපේක්ෂකයා සජිත්‘‘

(නිමල කොඩිතුවක්කු)

පක්ෂ භේදයකින් තොරව රටේ තරුණ ප‍්‍රජාවට පිළිගත හැකි එකම අපේක්ෂකයා බවට නව ප‍්‍රජාතාන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවැසීය.

තරුණයන්සමඟ උරෙනුර ගැටෙමින්, සංවාද කරමින් තරුණයන්ට අවස්ථා ලබා දිය හැකි තරුණ ජනාධිපති අපේක්ෂකයා ජයග‍්‍රහණය කිරීමට එක්වන්නැයි මේ රටේ සමස්ථ තරුණ ප‍්‍රජාවගෙන් ඉල්ලීමක් කරන බවත්   මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට අද (08) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා

                    ‘‘සජිත් පේ‍්‍රමදාස මහතා තරුණ තරුණියන් සමඟ සංවාද පැවැත්විය හැකි, අදහස් හුවමාරු කරගත හැකි තරුණයන්ට අවශ්‍ය නායකයෙක්. ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස  සජිත් පේ‍්‍රමදාස මහතා ඉතිහාසයේ පළමු වතාවට තරුණ අවශ්‍යතා හඳුනාගෙන ඒ වෙනුවෙන් තරුණ ප‍්‍රඥප්තියක් අත්සන් කරමින් පළමු වතාවට තරුණ සමාජය සමඟ ගිවිසුම් ගත වුණා. ඒවගේම ජයග‍්‍රහණය කර මාස තුනක් ඇතුළත එම තරුණ ප‍්‍රඥප්තිය නීතියක් බවට පත් කරන බවත් එතුමා ප‍්‍රකාශ කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී තරුණයින්ට, මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතන වලට විවිධ බලපෑම් එල්ල කළා.

තරුණ පිරිස් විදිහට ජාතිවාදය, ආගම්වාදය අපට අවශ්‍ය නැහැ. අපි හැමෝටම එක හා සමානව අවස්ථාව හිමි කරදෙන නිදහසේ ජීවත් විය හැකි සමාජයක් අපට අවශ්‍යයි.

තරුණ ප‍්‍රජාව සමඟ අදහස් හුවමාරු කරගන්න පුළුවන්, රටේ තීන්දු තීරණ ගනිද්දී තරුණ අයට අවස්ථාව ලබාදෙන්න පුලුවන්  නායකයෙක් අපිට අවශ්‍යයි. මේ ජනාධිපති අපේක්ෂක ලයිස්තුවේ තරුණයින් සමඟ කටයුතු කරන්න පුලුවන් හොඳම අපේකෂකයා සජිත් පේ‍්‍රමදාස මහතායි.

අපිට හිට්ලර් වගේ පාලකයෝ එපා. අපිට අවශ්‍ය කරන්නේ හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙක්.  ඒ නිසා පක්ෂ පාට භේදයකින් තොරව මේ රට වෙනුවෙන් තීරණයක් ගන්න කියා අපි තරුණ ප‍්‍රජාවට කියනවා‘‘ යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

‘‘රටේ තරුණ ප‍්‍රජාවට පිළිගත හැකි එකම අපේක්ෂකයා සජිත්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site