(නිමල කොඩිතුවක්කු)
පක්ෂයෙන් ඈත් වූ සියලූ දෙනාට රට ගොඩ නැගීමේ වැඩසටහන වෙනුවෙන් යළි තමා සමඟ එක්වන්නැයි ආරාධනා කර සිටින බව එක්සත් ජාතික පක්සයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලීමක් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ප‍්‍රමුඛ පක්ෂයෙන් ඈත්ව සිටින සියලූ දෙනාට මේ සඳහා ආරාධනා කරන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ තවදුරටත් මෙසේ ද දැක්වේ.
විවිධ මතවාදයන් නිසා එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව සිටින බොහෝ පිරිසක් අද පක්ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව මම දන්නවා. මතවාද යනු සාකච්චා කර විසඳා ගැනීමට කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවේ.
එබැවින් විවිධ මතවාදී අරගල නිසා පක්ෂයෙන් ඈත්ව සිටින එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු පළාත් සභා මන්ත්‍රීවරු සියළු පළාත් පාලන මන්ත්රීවරු, ඇතුළු පක්ෂ නියෝජිතයින්ට යළිත් පක්ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
විශේෂයෙන්ම පක්ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ, අසීරුතම අවස්ථාවේ පක්ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට පක්ෂයේ අභිමානය ගොඩනඟමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රට ගොඩනැඟීමට තමා සමඟ එක්වන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්