IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


'රට ගොඩනැගිමේ ජාතික වැඩපිලිවෙළක් අපිට තියෙනවා'

 ( රංජිත් රාජපක්ෂ

වත්මන් රජය බලයෙන් පහ  කර සමගි ජන බලවේගයට රජය භාරදුන්න හොත් රට ගොඩනැගිමේ ජාතික වැඩපිලිවෙළක් තම පක්ෂයට ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් සහ මහනුවර දිස්ත්‍රික් පා.ම තිස්ස අත්තනායක මහතා පැවසිය.

තිස්ස අත්තනායක මහතා ඒ බැව් කියා සිටියේ  අද (20) දින නාවලපිටිය පල්ලේගම ශ්‍රි නන්දනාරාම විහාරස්ථානයේ සදහන්යාත්‍රා වැඩසටහනට එක් වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම තිස්ස අත්තනායක මහතා කියා සිටියේ ය.ලංකානු දේශපාලනය පෙරලිකාරි වෙමින් පවතිනවා , ජනතාව විශාල බලාපොරොත්තු රැසක් සමග ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත් කරා.

ජනතාවගේ බලාපොරොත්තු බිදිලා තියෙනවා , ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැ.
ජිවන වියදම , ගොවි ගැටළු  සහ අනෙකුත් ගැටළු හිතලා ඇති කරපු ඒවා නැතුව කොවිඩ් නිසා ඇති වුණ ගැටළු නෙවෙයි. එම නිසා දේශපාලනයේ උඩුයටිකුරු විමක් ළගදිම සිදු වෙයි.

මේ අයවැය අපි සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා , මේ අයවැයෙන් කිසිදු ජනතා ප්‍රශ්නයටවත් , ජාතික ප්‍රශ්නයකටත් විසදුම් නැ. අනෙකුත් රටවල් මේ කොවිඩ් වසංගතයෙන් ගොඩ ඒම සදහා ජාතික වැඩපිලිවෙල් දියත් කරනවා.

අයවැයෙන් මුලික කරන්න තිබුණේ මොකක්ද රටගොඩ ගැනිම සම්බන්ධයෙන් , මොකක්ද කරේ? තමන්ගේ හිතවතුන් පොසත් කරන්න කටයුතු කරපු එක. බදු විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා , බදු වැඩි කරාම මොකක්ද වෙන්නේ කියලා රජය දන්නවා.අයවැයේ කිසිදු අයවැයක් නැ , සුන්දර කතාවක් විතරයි, ලංකානු ඉතිහාසයේ මේ වැනි දුර්වල අයවැයක් තිබිලා නෑ. අපේ විරෝධතා ව්‍යාපාරයට ආණ්ඩුව විශාල වශයෙන් බාධා කරා , විශේෂයෙන්ම පොලිසිය , පොලිසියට අදාල රාජකාරියක් නෙවෙයි ඒක.

පොලිස්පතිවරයා නිකුත් කල ගැසට් පත්‍රය ප්‍රජාතන්ත්‍රවාදි කිසි කෙනෙක් අනුමත කරන්නේ නැ. ජනතාවට කතා කරන්න තියෙන අයිතිය නැති කරන්න බැ.
කොවිඩ් පාලනයට පැන වු නිති ජනතාව පාලනය කරන්න යොදවන්න බැ කියලා කියන්නේ අධිකරණය.

ආණ්ඩුව ක්‍රියා කරපු විදිහ ඉතාමත් ලැජ්ජා සහගතයි , 16 වෙනිදා පැවැත් වු උද්ඝෝෂණය ඉතාමත් සාර්ථකයි.අපිට බාධා කල පුද්ගලයන්ට එරෙහිව මුලික අයිතිවාසිකම් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරිමට අපි කටයුතු කරනවා.

මහජන නිදහසට අයිතියට රාජ්‍ය බලය යොදාගෙන යටපත් කරන්න හදනවා නම් එයට විරුද්ධව කටයුතු කරන්න අපි සුදානම්. මේ ආණ්ඩුව ගෙදර යවලා අපි භාර ගත්තොත් රට ගොඩ නගන්න ජාතික වැඩපිලිවෙළක් තියෙනවා අපිට.

රටේ විදේශ සංචිතය ඩොලර් බිලියන 1.5 අඩු වෙලා තියෙනවා, මාසයක් ජිවත් වෙන්න බැ අපිට. රටට බඩු ගෙන්න සල්ලි දැඩි අර්බුධයකට පත් වෙලා තියෙනවා. රටේ අදායම වැඩි කර ගන්න ඕනි , විදේශ විනියම උපයන්න ඕනි. ජාතික සමගි ජන බලවේගය ඕනැම අවස්තාවක රට භාර ගන්න සුදානම් , අපිට දිර්ඝ කාලින සැලසුම් තියෙනවා යනුවෙන් පැවසිය.

 

 



අදහස් (9)

'රට ගොඩනැගිමේ ජාතික වැඩපිලිවෙළක් අපිට තියෙනවා'

Hafeel Saturday, 20 November 2021 12:30 PM

මොන ජාතික වැඩපිළිවෙලද එහෙන් මෙහෙන් පැන පැන? සජිත් මෙයාව ජාතික ලයිස්තුචෙන් මන්ත්‍රී කරලා, නැවත ලං කරගත්තු එකෙන් ඔහුගේ අනාගත වැඩපිළිවෙල ගැන ඔප්පු කළා. ඒ නිසා ජනතාවට මොන සහතිකයක්ද? ආපහු පරණ හොරු සෙට් එක සහ හකීම් රිශාද්ලාගේ සෙට් එකත් සජිත් ගන්න නැහැ කියලා... ඉදිරියෙදී මේ කණ්ඩායම් දෙක මොන විවිධ නම්වලින් හෝ ලාංඡනවලින් හෝ පෙරමුණින් හෝ ආවත් ප්‍රතික්ෂේප කළයුතුයි.

:       1       44

siripala Saturday, 20 November 2021 07:47 PM

රට ගොඩනැගිමේ ජාතික වැඩපිලිවෙළක් ඔබලාට තියෙනවා නම් ජනාධිපතිවරයා මුණගැසී ඉදිරි වසර දෙක සජිත් ඇතුළු කණඩායමට බාරදෙන මෙන් ඉල්ලා සිටින්න. එවිට ජනතාව තේරුම් ගනීවි සජිත් සහ ඔහුගේ කණ්ඩායම පිළිබඳව...

:       0       1

චන්දන Saturday, 20 November 2021 02:27 PM

ඒක අපිට පැහැදිලියි. ඒ නිසා ආයෙත් ඔය කණ්ඩායම බලයට පත්කෙරෙන එකක් නැහැ...

:       1       47

kamal Saturday, 20 November 2021 03:32 PM

හපොයි..! බඩත් රිදෙනවා මේවාට හිනාවෙලා...

:       1       39

ගමේ එකාලා Saturday, 20 November 2021 05:20 PM

ආසනයෙනුත් පැරදිලා. තමුන්වත් හරියට ප්‍රතිපත්ති රකිනවද? තමුන්ගේ වැඩ ගැන අපි නොදන්නවා නෙවෙයි. ඇමැතිකමට පැනපු පැනිල්ල නරකම නැහැ...

:       0       10

Bamunuarachchi Saturday, 20 November 2021 06:55 PM

කිරිඅප්පට තිස්ස ගොයියානේ මේ කියන්නේ... නින්දෙන් ඇහැරිලා වගෙයි. කාලයක් පක්ෂ ලේකම් කෙනෙක් නේද? ඒ කාලේ ඔය ජාතික වැඩපිළිවෙල තිබුනේ නැද්ද? ජාතික වැඩපිළිවෙල කොහොම වෙතත් පක්ෂයෙන් පන්නන සයිස් එකට වැඩ සිද්ද වුණා නේද?

:       1       6

Kumara Hemantha Sunday, 21 November 2021 05:53 AM

එ බව අටපිරිකරෙන්ම පේනවා.

:       0       1

dasa Sunday, 21 November 2021 07:32 AM

මේ පාවා දීපු යෝදයා නේද .මේක ඇමති කමට රන් ගොජාගේ ඔඩොක්කුවට පැන්න මොලා නේද මේ.මුන් බලයට ආවොත් රාජපක්ශලා බලයට අවා වගේ තමයි .73 සාපය දිගටම ඕනේ නම් මුන්ව පත් කරමු

:       2       1

de silva Sunday, 21 November 2021 08:40 AM

එහෙට මෙහෙට පනින ගෙම්බන් විසින් ගොඩ නගපු රටක් ලෝකේ තිබෙනවාද ?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site