(අංජුල මහික වීරරත්න)
ජනතාව ගැන නොසිතා තමන් ගැන පමණක් සිතන ආණ්ඩුව නිසා ඉතිහාසයේ කිසි දිනක නොවූ තරම් ආර්ථික සහ රෝග බියෙන් යුතු අගාධයකට ජනතාව ඇද වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුවක මූලික ලක්ෂණයක් විය යුත්තේ නිවැරදි තීරණ හරි වෙලාවට ගැනීම බව කී විජයවර්ධන මහතා එම ලක්ෂණ නැති ආණ්ඩුව නිසා ජනතාව මිහිපිට අපායකට ඇද වැටී තිබෙන බවද සඳහන් කළේය.
ආණ්ඩුව කොරෝනා මර්දනය අතහැරීම හේතුවෙන් වෙළෙඳ සංගම් මැදිහත් වී ජනතාව ආරක්ෂා කිරීමට පියවර ගැනීම ගැන ආණ්ඩුව ලැජ්ජා විය යුතු බව ද විජයවර්ධන මහතා කීය.
රජයේ ඇතැම් පාර්ශව මෙය ස්වයං විනයක් ලෙස හැදින්වුව ද මෙයින් පැහැදිලි වන්නේ රටේ ආණ්ඩුවක් නැති බව රටට පෙන්වා දීමක් බව කී නියෝජ්‍ය නායකයා එයින් පැහැදිලි වන්නේ රට අරාජික වී ඇති බව යැයිද සඳහන් කළේය.
සූම් තාක්ෂණය ඔස්සේ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී රුවන් විජයවර්ධන මහතා මෙි බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසංගත රෝග ඉස්සරහට දාගෙන දේශපාලන වාසි හොයන තමුන්නැහැලාට කවදාවත් ජනතාවගේ කැමැත්ත ලැබෙන්නේ නැහැ....
මේවගේ වෙලාවටත් ඔබලාගේ බංකොළොත් දේශපාලන වාසි ගන්නේ ඇයි?
අඩු වැඩි වශයෙන් මේ රට කරවපු එය හැමගොල්ලන්ම අද මේ දේට වගකිව යුතුයි. කාටවත් අත පිහදාගෙන යන්න ජනතාව දෙයි කියලා මම නම් හිතන්නේ නැ... මේ රටේ හොඳ ආර්ථිකයක් තිබුණා නම් අද මේ රට මාසෙකට වුණත් වහලා තියන්න තිබුණනේ... හැමෝම කලේ අහිංසක ජනතාවගේ සල්ලි හොරා කාපු එකයි. අවසානෙට මේ වගේ වසංගතයක් ආපුවාම මැරෙන්නෙත් ඒ අහිංසකයින්.. තම තමන්ගේ හෘද සාක්ෂියට තට්ටුකරලා බලන්න... එතකොට තේරෙයි.. මේ මියයන හැම කෙනෙකුටම ඔය හැමෝම වගකියන්න ඕනෑ බව...
ඔය කියන දෙකම මහ පොළවේ නෑ... තියෙන්නේ මීඩියාවල... බොරදියේ මාළු බාන්න එපා...
නිවැරදි තීරණ හරි වෙලාවේ ගත්තේ...
කිව්වොත් කියන්නේ ඔයවගේ කතා තමයි. මේක හදිසි ආපදා තත්වයක්... වසංගතයක්... ඔයා ලොරි ටෝක් දෙනවා.